Перейти к содержимому

අමරදේවයන් සමඟ නන්දා මාලනී " මුනිසිරිපා සිඹිමින්නේ " ගීතය ගායනාකල පැරණි වීඩියෝවක්.

Tissa Madawela

0:00 / 0:00

අමරදේවයන් සමඟ නන්දා මාලනී " මුනිසිරිපා සිඹිමින්නේ " ගීතය ගායනාකල පැරණි වීඩියෝවක්.

128 161 просмотр · 13 дней назад
Tissa Madawela
37,7 тыс. подписчиков
128 161 просмотр · 13 дней назад
මෙය පිටපත් කලේ මාසතු ඉතා පැරණි VHS වීඩියෝ පටයකින් නිසා රුප එතරම් පැහැදිලි නොවීම ගැන කනගාටු වෙමි. ශ්‍රී ලංකාවේ රුපවාහිනි සේවය ආරම්භවූ කාලයේ පටිගතකල වැඩසටහනක් සඳහා පණ්ඩිත් අමරදේවයන් නන්දා මාලනී සමඟ සිකීම් ජාතික එස්.මහින්ද හිමියන් ( බොහෝදෙනා උන්වහන්සේ හඳුන්වන්නේ ටිබෙට් ජාතික කියාය ) විසින් රචිත " ජාතික තොටිල්ල " කවි පන්තිය භාවිතා කොට " මුනි සිරිපා සිඹිමින්නේ " නම්වූ ගීතය නැවත ගායනා කළ අවස්ථාවකි මේ. තනු නිර්මාණය පණ්ඩිත් අමරදේවයන් විසිනි. එතුමා මෙම ගීතය හඳුන්වන්නේ "ජාතියේ නැළවිලි ගීතය" වශයෙනි. ගායනයෙන් එතුමාට සහාය වන්නේ නන්දා මාලනී සමඟ එඩ්වර්ඩ් ජයකොඩි සහ ලක්‍ෂ්මන් විජේසේකරයි. මට ලැබී ඇති පිටපත සම්පුර්ණ නැති බව පෙනීයයි. "මුණි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරිපෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නැලැවෙන්නේ ජාතික රණ දෙරණ මතේ - ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන් ගෙ අතේ නැළවෙන බව සිතනු පුතේ නිදහස් හිරු පායනවා දෑබැති මල් පිබිදෙනවා සිරිලක් මව හිනැහෙනවා මගේ පුතා නැළවෙනවා කැප්පෙටිපොළ සෙනවිසුරු කළ රුපුසෙන් මන් දැදුරු අවිරු විකුම් පෑ අයුරු.. නුඹට පුතේ වෙයි මියුරු.. ජාතිය රන් විමනක් වේ. ආගම මිණි පහනක් වේ.. එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹවේ"