සදහම් සාකච්චා 2025-02-01
Nibbida නිබ්බිදා
0:00 / 0:00
සදහම් සාකච්චා 2025-02-01
1 614 просмотров · Трансляция закончилась 1 год назад
Nibbida නිබ්බිදා
1,79 тыс. подписчиков
1 614 просмотров · Трансляция закончилась 1 год назад
"තථාගත බුදුපියාණන් වහන්සේ විසින් අධිගත කරගත්තා වූ පෙර නොඇසූ විරූ දහම් ඇතුළත් වන 'මුල් බුදු සමය' හෙවත් 'ශ්‍රී මුඛ අභිධම්ම දේශනා' සහිත සූත්‍ර පිටකයේ සුබාසිත විග්‍රහය",...
0:00 සදහම් සාකච්ඡාව 2025.02.01
0:46 අරිය මග තුළ යෙදෙන 'හිරි සහ ඔතප්පය'.
4:26 'පුබ්බේ නිවාසානුස්සති ඤාණය' සැකෙවින්.
8:12 සම්මත ලෝකයේ 'හිරි සහ ඔතප්පය', අරිය මග තුළ පිහිටන 'හිරි සහ ඔතප්පයෙන්' වෙන්ව දකින්නේ කෙසේද?
13:41 'සෝ නේවඅත්තව්‍යාබාධාය චේතේති න පරව්‍යාබාධාය චේතේති. න උභයව්‍යාබාධාය චේතේති'
තමන්ට ආදරය කරන්නා අන් අයටද ආදරය කරයි. ඔහුගෙන් දෙදෙනාටම ආබාධයක් නොවේ. එය ලෞකික සම්මා දිට්ඨිය වේ.
19:23 කතමානි චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්‍යානි?
මග ඵල ලාභියෙකු විසින් ආරක්ෂා කිරීමක නොයෙදන කරුණු සතරකි. එනම්,..
23:12 'යතෝ ච ඛෝ ගහපති, අරියසාවකස්ස පඤ්ච භයානි වේරානි වූපසන්තානි හොන්ති,
චතුහි ච සෝතාපත්තියංගේහි සමන්නාගතෝ හෝති. සෝ ආකංඛමානෝ අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය'
තමන් සෝතාපන්න යැයි කීමට හැකියාවක් ඇතිනම් පඤ්ච දුසිරිතෙහි බිය සහ වෛරය නූපදින බව බුදු පියාණන් වහන්සේ වදාළ සේක.
28:03 'න විස්සසේ ඒකතියේසු ඒවං අගාරිසු පබ්බජිතේසු චා’පි, සාධූ’පි හුත්වාන අසාධු හොන්ති අසාධු හුත්වා පුන සාධු හොන්ති'
සෝතාපන්න නොවූවෙක් නම් ඔහු පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බව සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.
'භජන්ති සේවන්ති ච කාරණත්ථා නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා අත්තට්ඨපඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ'
ලෝක වාසී අසුචි මනුස්සයා තවකෙකු ඇසුරු කරන්නේ යම් හෝ වාසියකට බව බුදු දහමේ මෙසේ සඳහන් වේ.
34:03 'දිට්‌ඨං වෝ භික්ඛවේ, චරණං නාම චිත්‌තන්‌ති? තම්‌පි ඛෝ භික්ඛවේ, චරණං චිත්‌තං චිත්‌තේනේව චිත්‌තිතං. තේනපි ඛෝ භික්ඛවේ, චරණේන චිත්‌තේන චිත්‌තඤ්‌ඤේව චිත්‌තතරං'.
නාමරූප සහ සිතේ ඇතිවන රූපය ප්‍රහාණ කිරීම.
1:00:53 'යං දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ කඤ්චි සංඛාරං නිච්චතෝ උපගච්ඡෙය්‍ය, නේතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති'.
සුතවත් අරිය සාවකයා හට සංඛාර නිච්ච යැයි කිසිදින නූපදී.
1:02:57 'චතුබ්බිපල්ලාසවසං අධිට්ඨිතං ගාමණ්ඩලං’ව පරිනේසි චිත්ත මං, නූන සඤ්ඤෝජනබන්ධනච්ඡිදං සංසේවසේ කාරුණිකං මහාමුනිං
සිත! මං වසඟ වෙලා හිටියෙ මේ විදිහටයි. නුඹ විසින් මා නොමග යැව්වෙ ගමේ ගොඩේ මෝඩයෙක් නොමග යවනවා වගේ. එහෙත් දැන් සියලු භව බන්ධන නැති කළ මහා කාරුණික මහා මුනිඳුන්ව මා ඇසුරු කරන්නෙ.
1:11:05 'සෝ වත භික්ඛවේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර කාමසඤ්ඤාය අඤ්ඤත්‍ර කාමවිතක්කේහි කාමේ පටිසේවිස්සතීති නේතං ඨානං විජ්ජති'.
කාමයකින්, කාම සඤ්ඤාවකින් හෝ කාම විතක්කයකින් නොරැවටී කාමය පටිසේවනය කළ නොහැකි බව අනුදැණ වදාළ සේක.
'තථාහං භගවතා ධම්මං දේසිතං ආජානාමි - යථා යේ මේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, තේ පටිසේවතේ නාලං අන්තරායායාති'.
මේ දහම මා නුඔලා හට දේශනා කර ඇත්තෙමි. මෙය අන්තරාකාරී වූවකි. කිසිම සරණක් නැත.
'කම්මස්සකොම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධුකම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති.'
කම්මය දායාද කොට ජීවත් වන පුථුජජන සිත.
'ඵුට්ඨස්ස ලෝකධම්මේහි චිත්තංයස්ස න කම්පති'.
අරිය සිතක උත්තරීතර ස්වභාවය.
1:28:46 මානය සහ මානයේ සාවක අත්දැකීම්,..
1:56:11 පටිච්චසමුප්පාදය රේඛීයව සිදුවන ධම්මතාවයක් නොවේ.
2:04:28 ඔබට චක්ඛු විඤ්ඤෙයියේසු රූප දැක ගත හැකිද?
2:17:38 දහම් ශ්‍රවනයේදී ඒ පිළිබඳ ප්‍රබල ලෙස විමසීම කෙතරම් වැදගත්ද යැයි?
2:21:29 'පච්චුදාවත්තති ඛෝ ඉදං විඤ්ඤාණං, නාමරූපම්හා නාපරං ගච්ඡති'
තථාගත බුදු පියාණන් වහන්සේ විසින් අධිගත කර ගත් පටච්චසමුප්පාදයේ අති සියුම් ස්වභාවය.
2:32:32 ධම්ම තක්ක කිරීමේ ප්‍රතිඵල.
2:37:07 'මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ හාපේති අත්ථං පටිබද්ධචිත්තෝ ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ'
මිතුරන් සහ සුහද වීමෙන් ඇතිවන අනුකම්පාව නිසා දෝස මූලයෙන් එන මහා කෙලෙස් උපදිනවා. පටිබද්ධ සිත ඇති කල්හි අරමුණ විනාශයට පත් වෙනවා. එය භයානක දෙයක් ලෙස මා කල්පනා කර බලනවා. ඉතිං තනි අලියෙකු සේ එකලාව හැසිරෙනවා.
2:41:26 'අත්තා හි අත්තනෝ නාථෝ කෝ හි නාථෝ පරෝ සියා අත්තනා’ව සුදන්තේන නාථං ලභති දුල්ලභං'
'චතු අරිය සච්චය' නම් වූ අර්ථය නොවැටහීම පිළිබඳ බුද්ධ වචනය.
2:52:40 සචේ ලභේථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි චරෙය්‍ය තෙනත්තමනෝ සතීමා
කළණ මිත්‍රයෙකුගේ සහාය හොඳින් ලැබෙනවා නම් කම්කටොලු වලින් සිත මුදවා ගෙන මා සතියෙන් යුක්තව හැසිරෙනවා. ඉතිං මා තනි අලියෙකු සේ එකලාව හැසිරෙනවා.
'නෝ චේ ලභේථ නිපකං සහායං, සද්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජා’ව රට්ඨං විජිතං පහාය, ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ'
කළාණ මිත්‍රයෙක් හමු නොවුනත් මම තනියම හෝ මග වැඩීමට යනවා. හරියට රජෙකු රජකම අත්හැර යනවා වගේ. ඉතිං මා තනි අලියෙකු සේ එකලාව හැසිරෙනවා.
3:24:34 සිත විනීවරණ වීමට සුදුසු පරිසරය නිර්මාණය වීමට උදව් වන දාන කථා, සීල කථා සහ සග්ග කථා.
3:45:35 සංකප්ප රාගය නිවැරදිව තෝරා ගැනීමට දක්ෂ වන්නා තුන් සුචරිතයෙන් පූර්ණ වීමට දක්ෂ වේ. පසුව ඔහුගේ සිත විනීවරණ වේ.