සිංහරාජය වනාන්තරය | Sinharaja Forest | Sinharaja Wanantharaya | So Sri Lanka#srilanka@MINIPURA_TV
MINIPURA TV
0:00 / 0:00
සිංහරාජය වනාන්තරය | Sinharaja Forest | Sinharaja Wanantharaya | So Sri Lanka#srilanka@MINIPURA_TV
1 621 просмотр · 2 года назад
MINIPURA TV
5,05 тыс. подписчиков
1 621 просмотр · 2 года назад
රටටම හුස්ම බෙදන පෙනහළු බඳු "සිංහරාජ රක්ෂිතය"
🦋🌷🙈😯🐛🪲🐍🐞🎋🌿🌱🌵🍃🍂🌼
ශ්‍රී ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය වන සිංහරාජය යුනෙස්කෝව මගින් ජෛවගෝලීය රක්ෂිතයක් හා ලෝක උරුම භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත...
කඳු සහිත අදූෂිත වැසි වනාන්තරය හා පහත භූමියේ පිහිටි වැසි වනාන්තර වලින් සමන්විත ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ලෝක ජෛව ගෝල රක්ෂිතයක් ලෙසට 1978 වර්ෂයේ දී නම් කරන ලද අතර , 1988 බ්‍රසීලයේ බ්‍රසල්ස් නුවර පැවති 10 වැනි සමුළුවේ දී ලොව 405 වැනි ලෝක උරුමය ලෙස "සිංහරාජය" නම් කරන ලදි ගාල්ල,මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලට අයත් මෙම වනාන්තරය අක්කර 23,000 ක විශාලත්වයෙන් යුක්ත වේ.රක්වාන කඳු වළල්ලට අයත්වන මෙම වනය දිගින් 21 KM වන අතර අවම පළල 3 KM ය.
සිංහරාජ වනාන්තරයේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක උසකින් යුතු හිනිපිටිගල කඳු මුදුනයි .
සිංහරාජයේ ප්‍රධාන ස්ථර 5 ක ට විහිදුණ ශාක ප්‍රජා කිහිපයක් දැකිය හැකිය
උඩු වියන් ස්ථරය ( බටු,නා,වැලිපියන්න,කීන,බෙරලිය )
උප වියන් ස්ථරය ( හැඩවක,මලබොඩ,දිය නා )
යටි ස්ථරය ( මඩොල්,අතුකැටිය )
පඳුරු ස්ථරය ( වල් බෝඹු,පිනිබරු,පෙරතඹල )
ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක ( වල් ගම්මිරිස්,මීවන වර්ග...)
ලෙස පැහැදිලිව වෙන්කළ හැකි ස්ථරයක් සහිත ශාක රැසක් සිංහරාජයේ දී දැකගත හැකි අතර බොහෝමයක් ශාක රාශියක් දැකගත හැකිය.ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තා වී ඇත..
___ආවේණික ශාක - හොර,දොරණ,කීන,බදුල්ල,ගොඩපර,වනරාජ,ඉරු රාජ,බටු නා,කිරිහැඹිලිය,තිනියදුන්,ගොඩබෙරලිය,බෙරලිය,තීනියා,මඩොල්,අතුකැටිය
____සිංහරාජයේ සත්ත්වයින් -
අතීතයේ සිංහරාජයේ විශාල අලි ගහණයක් වාර්තා වී ඇති නමුත් වර්තමානයේ ඉතා සුළු පිරිසක් දැකගත හැකි අතර ඔවුන් රක්වාන ආසන්න වනාන්තර ප්‍රදේශයේ සැරි සරනු ලැබේ.දිවියා,කොළ දිවියා,ගෝනා,ඕලු මුවා ඇතුළු සත්ත්ව ප්‍රජාවකට වාසභූමි වී සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායි විශේෂ 12 න් 8 ක් වාර්තා වී ඇත.
පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජයේ කැහිබෙල්ලා,සුදු ශාරිකාවා,හිස අළු දෙමළිච්චා,බට ඇටිකුකුළා ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැකිය.
උරග විශේෂ 45 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 21 ක් ශ්‍රී ලංකාවට ආවේණික ය.දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද , මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනල විශේෂ 65 ක් පමණ ද සිංහරාජයෙන් වනාන්තර වේ..
සිංහරාජයට මැදින් දකුණු ප්‍රදේශයෙන් ගිං ගඟ ද , උතුරු ප්‍රදේශයෙන් කළු ගඟ ද ගලා බසී.එම ගංඟා දෙකට අමතරව සිංහරාජය තුළ කොස්තුලන ගඟ , මහදොළ , නාපොළ දොළ , කුඩව ගඟ , පිට කැලෙ ගඟ , කබ්කන්දාව ඇළ වැනි අතු ගංඟා පිහිටා ඇත.බ්‍රාහ්මණ ඇල්ල,දූවිලි ඇල්ල, ඌරා වැටුණ ඇල්ල , ගල්දොරුව ඇල්ල සිංහරාජයේ ප්‍රධාන දිය ඇළි වේ..
@MINIPURA_TV