Перейти к содержимому

බඹරගං ඔය / මීමුරේ - වැස්ස දියඇලි සහ මම Waterfalls in heavy rains

Flying Me

0:00 / 0:00

බඹරගං ඔය / මීමුරේ - වැස්ස දියඇලි සහ මම Waterfalls in heavy rains

39 340 просмотров · 1 год назад
Flying Me
80,1 тыс. подписчиков
39 340 просмотров · 1 год назад
දවස් 4කුයි පත බෑග් එකකුයි එක්ක ඔන්න ඉතින් මම තනියම ගමනක් පටන් ගත්ත.. බෑග් එකේ නොහිටියෙ තව මනුස්සයෙක් විතරයි.. ගෙයක් හදන් ජීවත් වෙන්න සේරම බඩු පුරවලත් තවත් ඉඩ ඉතුරුයි ඒකෙ... බෑග් එක නම් සුපිරි... ඒත් බර තමා වැඩි 😂😂 අනේ ඉතින් ආසාවෙන් Long weekend එකේ යන්න එලියට බැස්ස ගමන නුවර ටම ඇවිල්ල වෙනස් කලේ අනෝරා මහ වැසි නිසා... ඔන්න ඉතින් ඒව මේව හිතල හිතල අන්තිමට මෙන්න මේ ගමන ගියා හුන්නස්ගිරියෙ දිය ඇලි ටික බලන්න හෙනම ආසාවෙන් හිටියට මෙච්චර කල් ඒ ගමන යන්න උනේ නැති නිසා ඔන්න ඒකෙන් ගමන පටන් ගත්ත... අපරාදෙ කියන්න බෑ පටන් ගත්ත වෙලේ ඉඳන් වැස්ස ඉතින්.... පත මල්ල ගමේ ගේක තියල ඇල්ලැස්සට බැහැල ආයෙත් උඩට නගින්න ගත්ත... කටහැරේ පහලට ඇවිල්ල වතුරෙ ටිකක් බැහැල එහෙම ඒකෙ උඩට ගියා බඹරඟං බලන්න... ඔන්න ඉතින් වැසිතද කලා.. ගල් ලිස්සනව හිටු කියල... අවදානම ගන්න ඕනි නැති නිසා බඹරගං බලන්න පස්සෙ යන්න හිතා ගත්ත... දන්නවනෙ දියඇලි අස්සෙ වැස්සෙ සෙල්ලම් කරන්න හොඳ නෑනෙ... දැන් ඉතින් තාම උදේ 10.30යි 🤭... ඒ පාර හිමීට මල්ලත් අරන් හුන්නස්ගිරියට ආවා... දැන් ඉතින් මීමුරේට බස් එක හවස 4.30ට උඩුදුම්බරින්... එතකන් මම මක් කරන්නද... ඒ පාර ලූල්වත්ත බස් එක තියෙනව ඒක 2ට යනව කීව... නැග්ග ඒකෙ... ඒකෙ ගිහින් ලූල්වත්තෙන් බැහැල මීමුරේ බස් එක එනකන් තව පැය තුනක් ලූල්වත්තෙ කඩේ තේ බිබී හිටිය 🤭.... ඔන්න ඉතින් 05.45 වෙද්දි මීමුරේ බස් රතය ආව... සේන අයිය ඒක අරන් යන විදිහට ඇත්තටම පින් දෙන්න ඕනි ගමම.. කෑලි කපන මීදුමේ ඒ අස්සෙ වැස්සෙ වාහන දෙකකට මාරුවෙන්න බැරි පාරෙ ගමටම ඕනි අඩුම කුඩුම පටවන් පල්ලම් බහින ctb එක ඒ ගමට සංකේතයක්... (මේ රාජකාරිය ඉස්සර ගමේ පාරවල් කිසි දෙයක් මෙහෙම හැදෙන්න කලින් පොඩි වෑන් එකකින් කරපු මහත්තය වත් මේ ගමනෙදි හම්බුනා මට... එයාගෙ කතා මට වෙනම පොතක් ලීවහැකි... ඒ තරම් රසවත් වගේම ත්‍රාසජනකයි... ඒ මහත්මයට මගෙ හිස නමා ආචාර කරනව ඒ ගමේ මිනිස්සු වෙනුවෙන්) ඔන්න බස් එක ගමට එද්දි තරිඳු මල්ලි ඇවිල්ල හිටිය කඩමන්ඩියට මාව ගන්න.. (0714817820- Tharindu) මම නවතින්න ලෑස්ති උන තැන මල්ලි.. එයාලගෙ ගෙදරට ගිහිල්ල කහට එකක් බීල කයියක් දාල එහෙම හිටිය පොඩ්ඩක්... එයාගෙ අම්මයි අප්පච්චි යි ඉතින් ඔලුවෙ අත තියන් මම තනියම ආව එකට 🤭🤭... කෝම හරි වැස්සෙ අඩුවකුත් නෑ.... දිගටම අනෝරා වැස්ස.... ඔන්න ඉතින් කැලේ පනින්න ගිය මට උනේ දවස් හතරම වැකේසන් ඉන්න... ගෙනිච්ච ටෙන්ට් පුටු මුකුත් එලියට ගත්තෙ නෑ... රැයවල් තුනම සැපට නවාතැන් වල නැවතිලා බඩ පැලෙන්න කාලා බීල නිදා ගත්ත දවල් වෙනකන්... ඒක නම් හැබැයි නියම අත්දැකීම.. මහ වැස්සෙ කැලේ ඇතුලෙ පිටාර ගලන ඔයක් එක්ක තනිවුන එක මගෙ ජීවිතේ මම ගත්ත වෙනස්ම රිස්ක් එකක් වගේම ලස්සන අත්දැකීමක්... කොහෙ කොතන ගියත් රකිමින් විඳින්න 🌿 විශ්වනී