Перейти к содержимому

පලාබද්දල රජ මාවතෙන් සිරිපා කරුණාව/ Sri Pada pilgrimage via Palabaddala Raja mawatha trail

Unscripted Journeys of Sahan

0:00 / 0:00

පලාබද්දල රජ මාවතෙන් සිරිපා කරුණාව/ Sri Pada pilgrimage via Palabaddala Raja mawatha trail

397 просмотров · 13 дней назад
Unscripted Journeys of Sahan
116 подписчиков
397 просмотров · 13 дней назад
"2026 වාරයේ තෙවන සිරිපා කරුණාව" දෙහෙනකන්ද-මූක්කුවත්තෙන් සිරිපා කරුණාව අවසානයේ, ආපසු කරුණාව සිදු කෙරුණේ රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයෙනි. ඒ සුන්දරත්වය විඳිමින් පහලට ගමන් කරද්දී, යලි දිනක පලාබද්දලින් සිරිපා කරුණා කරන්නට ඉටා ගත්තෙමි. මේ දිගහැරෙන්නේ ඒ සුන්දර සිරිපා කරුණාවයි.. අවුරුදු 2100 පමණ පැරණි ඉතිහාසයක් ඇති මෙම මාර්ගය, ශ්‍රී පාද වන්දනාවට ඇති පැරණිතම මාර්ගයයි. අතීතයේ රජවරු සිරිපා කරුණා කල මෙම මාර්ගය "රජ මාවත" ලෙසද හැදින්වේ. මෙම මාර්ගය ඈත අතීතයේ වනගත මාර්ගයක් වූ අතර, තැනින් තැන ගලින් කල සහ පිහිටි ගල කපා සකස් කරන ලද පියගැට පෙළවල් අදටත් දැකබලාගත හැක. 1344 වර්ෂයේදී ඉබන් බතුතා සිරිපා කරුණා කල අවස්ථාවේදී,මෙම මාර්ගය පිළිබඳව සදහන් කර ඇත. මහගිරිදඹ තරණයේදී අදටත් දක්නට ලැබෙන දම්වැල් සහ පර්වත මත පිහිටා ඇති යකඩ කුළුණු අල්ලාගෙන වන්දනාකරුවන් මහත් පරිශ්‍රමයක් දරා සිරිපා කරුණා කල ආකාරය පිළිබඳව ඔහු සදහන් කරයි. මේ ආකාරයෙන්, නොයෙක් දෙස් විදෙස් සංචාරකයන් සහ බැතිමතුන් සිරිපාදය ගැන ලියා තැබූ සටහන්, විස්තර සහ අත්දැකීම් සොයාගත හැක. මේ සුන්දර සිරිපා කරුණාවේදී මා නෙත ගැටුණු නොයෙකුත් කෘමි සතුන්,සර්පයින්, සමනලයින් සහ ශාක වර්ගද ඔබ දකින්නට ඇති, සංවේදී පරිසරයක සමබරතාවය සදහා මහත් රුකුලක් දරණ මෙවන් ශාක හා සත්ව ප්‍රජාවේ පැවැත්ම වෙනුවෙන් , රුගෙන යන සියළු අපද්‍රව්‍ය පහලට රැගෙන එන මෙන් ඉල්ලා සිටිමි. එයින්ද නොනැවතී ඉදිරි පියවරක් ලෙස දකින අපද්‍රව්‍යත් රැගෙන එන්නට උත්සාහ කරමු. "The Third Sri Pada Pilgrimage of the 2026 Season" After completing the Dehenakanda-Mukkuwatta trail, I returned via the Ratnapura-Sri Palabaddala route. Mesmerized by its beauty, I vowed to climb it one day. This is that journey... Dating back 2,100 years, this is the oldest path to the sacred peak, historically known as "Raja Mawatha" (The King's Way). Ancient stone steps and stairs carved directly into the bedrock still remain. Even Iban Battuta documented this route in 1344, describing how pilgrims conquered the steep Mahagiridamba by gripping iron chains that are still visible today. Along the trail, I encountered diverse insects, snakes, butterflies, and plants that anchor this fragile ecosystem. To protect them, please bring down all your waste—and if you can, pick up any litter left by others too. #siripadaya #nature