රජරට හදවත හැඩවූ අපූරුව...| Ada Derana
Ada Derana
0:00 / 0:00
රජරට හදවත හැඩවූ අපූරුව...| Ada Derana
127 302 просмотра · 10 часов назад
Ada Derana
3,92 млн подписчиков
127 302 просмотра · 10 часов назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
රජරට හදවත හැඩවූ අපූරුව...
වසර 50ක ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්පූර්ණයෙන්ම හිස් කරමින් නඩත්තු කටයුතු සිදුකළ බෝවතැන්න ජලාශය, සති තුනකට ආසන්න නඩත්තුවෙන් පසු නැවත උපරිම ජල මට්ටම දක්වා පිරවීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන් සහ සේවක මණ්ඩලය යොදවා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ මෙය වෙනුවෙන් රුපියල් මිලියන 4ක පමණ මුදලක් ඇස්තමේන්තු කර තිබුණි.
රජරට හදවත බඳු මෙම ජලාශයේ අලුත්වැඩියා කටයුතු සඳහා පසුගිය අගෝස්තු 24 වනදා සිට ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගැනුණි.
ජලාශයේ සහ එහි උමං මාර්ගවල පිරී තිබූ රොන්මඩ ඉවත් කිරීම සහ ජල ධාරිතාව පිළිබඳ ගවේෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් විය.
ජලාශය හිස් කිරීමේදී එම ජලය අපතේ යා නොදී කණ්ඩලම, කලාවැව සහ ඉබ්බන්කටුව යන ජලාශ වෙත ගබඩා කිරීමට කටයුතු කළ අතර, නඩත්තු කටයුතුවලින් පසු ජලාශය යළි පිරවීම සඳහා අවශ්‍ය ජලය කොත්මලේ ජලාශයේ ගබඩා කර තබා ගන්නා ලදී.
බෝවතැන්න ජලාශයේ මුල් ජල පරිමාව කියුබික් මීටර් මිලියන 56ක් වූවත්, 2014 සමීක්ෂණයකට අනුව එය කියුබික් මීටර් මිලියන 23 දක්වා අඩුවී තිබුණි.
එසේම කලාවැවට ජලය ගෙන යන උමඟේ මීටර් 4ක පමණ ප්‍රමාණයක් සහ විදුලිබල උත්පාදක ස්ථානය අසල මීටර් 6කට අධික ප්‍රමාණයක් රොන්මඩ පිරීම නිසා කලාවැව ද්‍රෝණියට තත්පරයට ඝන අඩි 1,000ක ජල ප්‍රමාණයක් මුදා හැරීමට බාධා පැමිණ තිබුණි.
ජලාශය හිස් කළ සමයේ වැසි රහිත කාලයක මෙවැනි පියවරක් ගැනීමෙන් බරපතළ හානියක් සිදුවනු ඇතැයි ජනතාව තුළ දැඩි භීතියක් සහ කතාබහක් නිර්මාණය විය.
නමුත් ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේ දිවා රාත්‍රී නොබලා සිදුකළ සති තුනක මෙහෙයුමකින් පසු සැප්තැම්බර් 14 වනදා සිට යළි ජලය පිරවීම ආරම්භ කළ බවත්, මේ වන විට ජලාශය සම්පූර්ණයෙන්ම පිරී ජල විදුලි උත්පාදනයට පවා සූදානම් මට්ටමේ පවතින බවත්ය.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews