Перейти к содержимому

WiteCapper - Pirimiya | Official M/V

WiteCapper и ещё 2

0:00 / 0:00

WiteCapper - Pirimiya | Official M/V

209 838 просмотров · 1 мес. назад
WiteCapper и ещё 2
209 838 просмотров · 1 мес. назад
WiteCapper - Pirimiya | Official M/V Artist: WiteCapper Lyrics: WiteCapper Music Produced By: Dope House Production Mix & Master: ‪@AdeeshaBeats‬ Video Director: ‪@Wagmee‬ Cinematography: ‪@Wagmee‬ Editor & Colorist: ‪@Wagmee‬ Gaffer: Kasun G Wijekoon [Chorus] කතකගෙන් බිහිවීලා කතකගෙන් කිරි බීලා කතකට පටලාවී කටකතා රටක් ගිනිතියා දහමක තතු ලෝක අසා නැතත් ඔතප් හිරිකියා තව කතකට වල කපාවිද, මග වසාවිද හරිම පිරිමියා (පිරිමියා) [Verse 01] කලින් බිව්වේ නැත්නම් මල්ලි ආයෙත් එන්න කිරිබීලා කලින් වගේ නෑ දැන් යෞවන මනස පිරිහිලා අකාලේ කල් ක්‍රියා - කාලේ යයි ගිලිහිලා ඒ කාලෙන් කාලෙට හරි පිරිමි මිහිදිලා නිවට ගති ඇත්තන් රට පුරා විහිදිලා ලක් මෑනි හඩාවි පිරිමි පුතුන් සිහිවීලා සමාජ මාධ්‍ය වසංගතයට බිලිවිලා හමයි දුගද හදවත් තුල පිලී විලා ලං වෙන්න බැරි නරි කිව්වා තිත්ත මිදි කියා අනිත් උන් යන්න බැරි චාරිකාවල් හිතින් ගියා කටින් නොකියා නැති දේවල් වටින් පිටින් කියා ඌ කට පියන් -උට වැඩක් නෑ කා පිටින් ගියත් මතක් කරන් ඕනෙ මානසික්, මැකා, ෆිලා දන්න එකෙක් නෑ වැරැද්දකට නෑ සැරසිලා මුන් දැන් ෆිලාටත් හිටපු පෙම්වතෙක් ගේ තැනදීලා පුදුම කතා හැදිල්ලක් ඉන්නම දෙන්නෑ සැනසිලා ඇහුවොත් උන් පිරිමිද? මං නං ඔව් කියන්නෑ විලි තියන් දැක්කොතින් නිවටු දුටු තැනම බිලි දියන් ඇතුලේ කහට කට පුරාම සිරික්කියා කොලු භාග වගේ හැසිරෙයි දහරි පිරිමියා [Chorus] කතකගෙන් බිහිවීලා කතකගෙන් කිරි බීලා කතකට පටලාවී කටකතා රටක් ගිනිතියා දහමක තතු ලෝක අසා නැතත් ඔතප් හිරිකියා තව කතකට වල කපාවිද, මග වසාවිද හරිම පිරිමියා [Verse 02] මං මේ ගීය කියන්නේ පහදා දෙන්නයි ඇත්ත කවුරුත් කතා කළ කවුරුත් නොදැකපු පැත්ත කට කතා වල මුවහත වගෙයි කැත්ත එකෙක් ඇත්ද? මේකෙ මං අයාලේ ගියා දැක්ක ඇසුර උසස් දැක්කා බොල් මත් වු පැත්ත වටි මට මයික්‍රෆෝනෙට වඩා පොල්කටු හැන්ද නව පරපුරෙ ආරිය සිංහල කුල කතුන් නැද්ද නැත්නම් කවුරුත් හැදෙන්න බුලත්අත්දුන් නැද්ද ජාන වලින් ආවෙ පවට බය ලැජ්ජ පතිවත උතුම් මට නිතිපතා රැක්ක දැක්කෙත් නෑ මැක්කෙක් නෑ බල්ලෙක් වත් ලැග්ග ඒ කැපවීම් වලට ලැබෙන ඇගයීම් රැග් ද? මලියාටත් කිව්වා මම හදන්න වැරැද්ද ප්‍රසිද්දියේ පහදන්න මේවායේ ඇත්ත නැත්ත මම මලියාව කවදත් දැක්කේ මල්ලි ගානෙන් ඒකයි ඇත්ත දන්නෑ ඇත්ත පහදන් නැත්තේ ඇයි? දැන් අකමැත්ත? මට ඉන්නෙ අයියලා තුනයි අක්කලා හතරයි මං හැදුනේ සහෝදර ආදර රැකවරන අතරයි මේ වනතුරු මඩ තවරාගත්තේ නෑ මටයි නමටයි මේ සෙල්ලමෙ ඇත්ත යටද - සුනඛ කමටයි නිවට බවටයි? නැති දෙ පවා ඇති විලසින් පවසයි කැතයි හිත්, ජීවිත පව්, ආත්ම අමනයි තැන තැන ඇහෙන කියන කුනු කතා අහුලයි දැක්කා මෙන් වින්දා මෙන් කට කතා අමුණයි සැමියාටත් පොදුයි මගේ මිතුරාවයි හතුරයි බහුතරෙ මටගැහු මඩ පාර ඔහු කරාත් පතුරයි ආශිර්වාද ලද්දැයින් උගුල් කලින් අඳුරයි ආගන්තුක කතක් නම් දුකයි උරුම අඳුරයි [Chorus] කතකගෙන් බිහිවීලා කතකගෙන් කිරි බීලා කතකට පටලාවී කටකතා රටක් ගිනිතියා දහමක තතු ලෝක අසා නැතත් ඔතප් හිරිකියා තව කතකට වල කපාවිද, මග වසාවිද හරිම පිරිමියා #WiteCapper #Pirimiya