Перейти к содержимому

ප්‍රදීපාගාරය I Episode 39 I මුමූ I ඉවාන් තුර්‌ගේනියෙව් I Mumu

Sisira Kumara Bandaragama

0:00 / 0:00

ප්‍රදීපාගාරය I Episode 39 I මුමූ I ඉවාන් තුර්‌ගේනියෙව් I Mumu

8 537 просмотров · 5 дней назад
Sisira Kumara Bandaragama
10,8 тыс. подписчиков
8 537 просмотров · 5 дней назад
ඉතින් අද අපි සංචාරය කරන්න යන්නේ ඉවාන් තුර්ගේනියෙව් නම් වූ රුසියානු ලේඛකයා විසින් මැවූ අපූරු ලෝකයකට. ඉවාන් තුර්ගේනියෙව් ඇත්තටම මගේ ප්‍රියතම ලේඛකයෙක්. ඔහු ලියූ කෙටි කතා නැවත නැවත කියවීම ඉස්සර කාලෙ ඉඳල - මගේ පුරුද්දක් වෙලා තිබුනා. තුර්ගේනියෙව්ගේ කතා වල තියෙන චමත්කාරය ඉවසා ගන්නම බැරි තැන, වරක් මම ඔහුගේ කෙටි කතා කීපයක් සිංහලටත් පරිවර්තනය කලා. ඒ එකතුවේ නම - ඉවාන් තුර්ගේනියෙව්ගේ පෙම් කතා තුනක්. නමුත් අද මං හිතුවා සම්පූර්ණ වෙනස් ආකාරයක ඉවාන් තුර්ගේනියෙව්ගේ කතාවක් ඔබ හමුවට ගේන්න. ඒ තමයි - මුමූ. මේක ඉවාන් තුර්ගේනියෙව් ගේ ප්‍රචලිතම කෙටිකතාවක්. මට හිතෙනවා - මේ කතාව සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා කියල. නමුත් මට සිංහල පරිවර්තනය නම් සොයා ගන්න බැරි උනා. ඔබ කියවා තියෙනවා නම් - ඒ පරිවර්තනය ගැන ඔබේ අදහස් අපත් සමග බෙදාගන්න. අද මේ වැඩසටහනේදී මුමු කෙටි කතාවේ කතා සාරය ඔබ හමුවට ගෙනැල්ලා, ඒ කතාවට පාදක වුනු වටපිටාව ගැන කතා කරන්නයි බලාපොරොත්තුව. තුර්ගේනියෙව් මුමූ කෙටි කතාව තුළින් සමකාලීන රුසියානු සමාජයේ වැදගත් කතිකාවක් ඉදිරියට අරන් එන ගමන්ම, මනුෂ්‍යත්ව පිලිබඳ සදාතනික සත්තතාවන් ස්පර්ෂ කරනවා. ඒ නිසාම තමයි මුමූ සදාතනික කෘතියක් හැටියට විශ්ව සාහිත්‍යට එකතු වන්නේ.