කෘතීම දත් සිටුවීම | ස්ථීර දත් බද්ධ කිරීම | Dental Implants
Dr. Shark (සිංහල)
0:00 / 0:00
කෘතීම දත් සිටුවීම | ස්ථීර දත් බද්ධ කිරීම | Dental Implants
126 559 просмотров · 1 год назад
Dr. Shark (සිංහල)
4,7 тыс. подписчиков
126 559 просмотров · 1 год назад
Dr. Shark :
කෘතීම දත් දැමීම | දත් බද්ධ කිරීම | දත් සිටුවීම.
දතක් ගලවලා ඉවත් කරාට පස්සේ එහෙමත් නැත්තන් දතක් අනතුරකින් හරි වෙනත් හේතුවකින් හරි ගැලවිලා නම් කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාරයක් තමයි ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කියන්නේ. සිංහලෙන් දත් බද්ධ කිරීම, දත් සිටවීම වගේ නම් වලින් මේ ප්‍රතිකාරය හදුන්වනවා.
මුලින්ම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් වල දී සවි කරන කෘතීම දතක ප්‍රදාන කොටස් තුන crown, Abutment, screw විදියට දක්වන්න පුළුවන්.
මෙහිදී මුලින්ම සිදු කරන්නේ සිලින්ඩරාකාර ටයිටේනියම් කණුවක් හනුවේ අස්ථියට සවි කිරීමයි. මේ සඳහා විදුරුමස මත කැපුම් යොදා විවෘත කර හනුවේ අස්ථියට ටයිටෙනියම් පාදම සවි කරනු ලබනවා.
මෙලෙස සවි කරනු ලබන කොටස ඉහළින් විවෘත නිසා එය වැස්මක් යොදා නැවත විදුරුමස තිබූ ආකාරයට මැස්මක් යොදා සකසනවා.
මේ ටයිටෙනියම් කොටස හනුවේ අස්ථියට සවි වීමට කාලයක් යන නිසා මාස 3ක නැත්තන් 4ක වගේ කාලයකට පස්සේ තමයි දතේ ඉහළ කොටස සවි කරන්නේ.
ඉතින් මේ විදියට දතේ පහල ටයිටෙනියම් කොටස සවි කරලා මාස 3ක් වගේ ගත වුණාම හනුවට හොඳින් සවි වෙලා නම් ටයිටෙනියම් පාදමට ඉහළින් දත සවි කරන කොටස සවි කරලා කෘතීම දත සැදීම සඳහා එහි අච්චුවක් ලබා ගන්නව. ඊළඟට සවිකිරීමට අවශ්‍ය පරිදි දන්ත කාර්මික ශිල්පීන් විසින් කෘතීම දත සකස් කරනවා.
අවසානයට මේ සකස් කරපු කෘතීම දත විශේෂ බදාමයක් ආධාරයෙන් පහළ කොටසට සවිකරනවා. කෘතීම දත් සිටුවීම එහෙමත් නැත්තම් බද්ධ කිරීම තමයි අහිමි වුණ දතක් වෙනුවෙන් දැනට තියෙන හොඳම ප්‍රතිකාරය ලෙස සලකන්නේ. දන්ත පාලම් සහ කෘතීම දත් ඇඳි භාවිතයේදී ඇති අවාසි මේ ප්‍රතිකාරයේ දී දකින්න ලැබෙන්නෙ නෑ