විපක්ෂයට ප්‍රතිපත්තියක් තිබේද? | Ep 102
One-Text Initiative
0:00 / 0:00
විපක්ෂයට ප්‍රතිපත්තියක් තිබේද? | Ep 102
1 723 просмотра · 13 часов назад
One-Text Initiative
6,32 тыс. подписчиков
1 723 просмотра · 13 часов назад
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක විපක්ෂයේ කාර්ය භාරය බෙහෙවින් බලපෑම් සහගත වන අතර එයිනුත් විපක්ෂයේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් වඩා තීරණාත්මක වේ. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හා ස්ථාවරයන් අභියෝගයටත් විවේචනයටත් ලක් කිරීම වඩාත් නර්කානුකූලව කළ හැකි වන්නේ එබඳු ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටිමින් පමණක්ම වන බැවිණි.
එහෙත් ලංකාවේ සම්ප්‍රදායික විපක්ෂය දිගින් දිගටම ක්‍රියා කර ඇත්තේ එබඳු ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටිමින් බව පෙනෙන්නට නැත.
අද තත්ත්වය වඩා සංකීර්ණය .විපාක්ෂික දේශපාලන බලවේග කණ්ඩායම් කිහිපයක් ලෙස ක්‍රියාත්මක වන අතර, එම කණ්ඩායම් හා බලවේග අතරින් ප්‍රතිපත්ති පාදක දේශපාලන කණ්ඩායම් අතිශය අල්පතරය.
එහි ප්‍රතිඵලය වන්නේ විපක්ෂයේ සිටින තුරු ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්ති විවේචනය කරමින් සිටින විපක්ෂ කණ්ඩායම් බලය ලැබුණු පසු පැවති ආණ්ඩුවේ ප්‍රතිපත්තිම ගෙඩි පිටින් අනුගමනය කිරීමය. රටේ ප්‍රතිපත්තිමය ඉදිරි ගමනක් හෝ පෝෂණයක් මෑත ඉතිහාසයේ සිදු නොවීමට බලපෑ ප්‍රධාන හේතුවක් බවට මෙම සාධකය පත් වී ඇත. පවතින තතු තව දුරටත් නොවෙනස්ව පවතී නම්, අනාගතයද එසේම වන බවට සැකයක් නැත.
මේ ගමන් මග වෙනස් කිරීම සඳහා තීරණාත්මක පියවරක් තැබීමේ අවස්ථාව මේ මොහොතේ විපක්ෂය සතුව ඇති අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමේ සූදානමක් ඔවුන් තුළ වේද? එසේ නොවේ නම් එවැනි ආරම්භයක් ගැනීම සඳහා ඔවුන් හමුවේ ඇති බාධක කවරේද? එයින් වෙනස්ව ප්‍රතිපත්තිමය අවකාශයේ නව ආරම්භයක් සඳහා මුල පිරිය හැකි නම් ඒ කෙසේද? වැනි ගැටලු ගණනාවක් මෙවර oneword කතිකාවෙහි සංවාදයට බඳුන් වේ.
https://citizensconstitution.lk/surve...
හර්බට් ශ්‍රී නිස්සංක https://en.wikipedia.org/wiki/Herbert...
ධර්මසිරි සේනානායක https://en.wikipedia.org/wiki/Dharmas...