වාසනාව උදාකරන 2026 අවුරුදු චාරිත්‍ර
Astro By Kasun
0:00 / 0:00
වාසනාව උදාකරන 2026 අවුරුදු චාරිත්‍ර
205 просмотров · 6 мес. назад
Astro By Kasun
1,51 тыс. подписчиков
205 просмотров · 6 мес. назад
පරණ අවුරුද්ද සඳහා ස්නානයට :-
අප්‍රේල් මස 13 වැනි සඳු දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව :-
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය :-
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 03.08 සිට එදිනම අපර භාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 03.08 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමටද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 09.32 සිට එදින අපර භාග 03.56 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම :-
අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 10.41 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි බතක් ද, කැවිලි වර්ගයක් ද, දී කිරි විලඳ ද, පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය :-
අප්‍රේල් මස 14වෙනි අඟහරුවාදා අපර භාග 12.05 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි.
හිසතෙල් ගෑම :-
අප්‍රේල් මස 15 වෙනි බදාදා පූර්ව භාග 06.54 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද, තබා පවිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම :-
අප්‍රේල් මස 20 වැනි සඳුදා පූර්ව භාග 06.27 ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ එළකිරි මිශ්‍ර කැවිලිද අනුභව කර දකුණු දිශාව බලා පිටත් වීම මැනවි.
පැළ සිටුවීමට :-
2026 අප්‍රේල් මස 23 වැනි බ්‍රහස්පතින්දා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 11.36 ට උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි.