Перейти к содержимому

වන්දනාවයි, ආතල් එකයි දෙකම එකට! 😍 48 දෙනෙක් එක්ක "පුංචි දඹදිව" ගිය දවස් 2කේ ට්‍රිප් එක! ⛰️🌊 #savishka

Savishka Lakshan

0:00 / 0:00

වන්දනාවයි, ආතල් එකයි දෙකම එකට! 😍 48 දෙනෙක් එක්ක "පුංචි දඹදිව" ගිය දවස් 2කේ ට්‍රිප් එක! ⛰️🌊 #savishka

79 просмотров · 7 дн. назад
Savishka Lakshan
136 подписчиков
79 просмотров · 7 дн. назад
අමතක නොවන දවස් දෙකක මතක ගොඩක් එක්ක ගිය අපේ "පුංචි දඹදිව" වන්දනා සවාරිය! ❤️ පොල්ගහවෙල අසපුවෙන් උදේට කාලා, වැස්සටත් අහු වීගෙනම ගමන පටන් ගත්තේ. දෙල්ගමුව පන්සලේ ලොකු කුරහන් ගලයි, සබරගමුව මහා සමන් දේවාලයයි වැඳලා දවාලට පුංචි දඹදිවට යද්දී වෙලාව 1.30ට විතර ඇති. පන්සලෙන් දීපු බත් දන්සැලෙනුත් කාලා, හවස නාලා කරලා, තේ එකක් බීලා පන්සල වටේම ඇවිද්දා. හවස බණ අහලා, රෑටත් කාලා, රෑ ලැබුණු නෙස්ටමෝල්ට් එකේ රහ නම් තවමත් මතකයි! රෑ පිරිත් අහගෙන නිදාගෙන, උදේම පිරිත් නූල් බැඳගෙන ඊළඟ දවසට ලෑස්ති වුණා. දෙවෙනි දවසේ උදෙන්ම දිවගුහාව වඳින්න පඩි ගොඩක් නැග්ගේ අපේ වයසක අයවත් පරිස්සමෙන් බලාගෙන. එන ගමන් පාර දෙපැත්තේ කඩවලින් රස්නෙන් තේ බීලා, ඊළඟට ගියේ බෝපත් ඇල්ලට. එතන නාලා, කාලා, හොඳට නටලා ගත්ත ආතල් එක නම් වෙනම එකක්! ගෙදර එන්න පිටත් වුණත් වෙලාව තිබුණු නිසා අත්තනගල්ල පන්සලටත් ගිහින් කුරුඳු තේ බීලා, පන්සල අතුගාන්නත් පිනක් හම්බුණා. ඩ්‍රයිවර් මාමාට පිං සිද්ධ වෙන්න දඹදෙණිය පන්සලටත් යන්න ලැබුණා. එන ගමන් රෑට කාපු ලුණු ගොඩක් දාපු රයිස් එක ඇරෙන්න මුළු ගමනම කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම ලස්සනට ඉවර වුණා. 48 දෙනෙක් එකතු වෙලා, පෝය දවසයි ඉරිදා දවසයි අල්ලලා ගිය මේ පුංචි දඹදිව වන්දනා ගමන නම් කවදාවත් අමතක වෙන්නේ නෑ! 🚌✨ #PunchiDambadiwa #tripvlogs #srilankatravel #BopathElla #Diwaguhawa #SabaragamuwaSamanDevalaya #DelgamuwaRajaMahaViharaya #AththanagallaPansala #PolgahawelaAsapuwa #TravelVlogSriLanka #sinhalavlogs #srilankatourism #48Kattiya #WandanaGamana #SinhalaTripVlog