DALADA THEWAWA || දළඳා තේවාව || දළඳා මාලිගාවේ සැන්දෑ ගිලන්පස පුජාව || ශ්‍රී දළඳා තේවාව || Dalada
හතර වටින්ම Around The World
0:00 / 0:00
DALADA THEWAWA || දළඳා තේවාව || දළඳා මාලිගාවේ සැන්දෑ ගිලන්පස පුජාව || ශ්‍රී දළඳා තේවාව || Dalada
13 021 просмотр · 2 года назад
හතර වටින්ම Around The World
2,35 тыс. подписчиков
13 021 просмотр · 2 года назад
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ සිදු කරනු ලබන සවස ගිලන්පස පූජාව සහ ශබ්ද පූජාව.
හැන්දෑ තේවාව, “හැන්දෑ දූරය” ලෙසින් ද හැඳන් වේ. දිනපතා පස්වරු 6.30 සිට 7.15 දක්වා මේ වතාවත් සිදුකෙරේ. හැන්දෑ දූරය සඳහා සවස 6.30ට වැඩ හිඳින මාලිගාවේ දොර විවෘත කළ පසු හේවිසි මණ්ඩපයේ සිට වැයෙන “තේවා හේවිසි” නතර කෙරේ. පසුව පරමල් ඉවත් කර අලුත් මල් පුජා කරනු ලබයි. යළිත් “බොලපැන් පයිණ්ඩ” කරනවිට තේවා හේවිසි වාදනය ආරම්භ වේ. මෙහිදී ද මහරන් කෙණ්ඩියෙන් කුඩා රන් කෙන්ඩියට “බොලපැන්” රැගෙන අලුයම තේවාවේ දී මෙන් තේවා කටයුතු සිදු කරයි. පස්වරු 7.15 පමණ වනවිට වැඩ හිඳින කුටියේ දොරවල් වසා තේවා භාර කටයුතු සිදුකිරීමට සූදානම් වේ. එවිට තේවා භාර භික්ෂූන් වහන්සේලා ඇතිරිල්ල එළා පැන් කුසළාන පිරිනැමීම සිදු කරයි. සීනි, සූකිරි, ඇල්තෙලිජ්ජ සඳහා කුඩා පාත්රාන තුනක් ද පිළිගැන් වේ. තවද මී පැණි, එළඟි තෙල් හා ඉඟුරු ඉස්ම සහිත කුසළාන තුනක් ද පිරිණැමේ. මේ සඳහා “රන්කෝරාවක්” සහ “රිදීකෝරා” හතරක් භාවිත කෙරේ. ඒ අනුව කෝරා පහක බාහාලන පාන වර්ග හැන්දෑ දූරයේ දී පිළිගන්වයි. ගිලන්පස පූජා කිරීමේ පිළිවෙත් දෙදක් දැකගත හැකිය. එනම් පළමු ගිලන්පස පූජාව හා දෙවැනි ගිලන්පස පූජාව ලෙසිනි. දෙවැනි ගිලන්පස පූජාව සිදුකෙරෙනුයේ රාත්රී 8ට පමණය. දෙවැනි ගිලන්පස පූජාව සඳහා පළමු ගිලන්පස පූජාවට භාවිත කරනු ලබන පාන වර්ග සියළ්ලම භාවිත නොවේ. දෙවැනි ගිලන්පස පූජාව සඳහා මී පැණි, සූකිරි, ඇල්තෙලිජ්ජ, එළඟි තෙල්, සීනි හා ඉඟරු යොදාගැනීම සිරිතකි. චාරිත්‍රයක් ලෙසින් දෙවැනි ගිලන්පස පූජාව පැවැත් වීම ආරම්භ වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නිසාය.
ශ්‍රී දළඳා මාලිගාව
මහනුවර.