Перейти к содержимому

🍐 කැරමල් කළ පෙයාස් සමඟ වැනිලා ටී කේක් (Caramelized Pear Tea Cake) අව...

Nayomichan

0:00 / 0:00

🍐 කැරමල් කළ පෙයාස් සමඟ වැනිලා ටී කේක් (Caramelized Pear Tea Cake) අව...

2 980 просмотров · 7 дней назад
Nayomichan
332 подписчика
2 980 просмотров · 7 дней назад
🍐 කැරමල් කළ පෙයාස් සමඟ වැනිලා ටී කේක් (Caramelized Pear Tea Cake) අවශ්‍ය ද්‍රව්‍ය කේක් එක සඳහා * බිත්තර – 2යි ( මම use කරන්නෙ infertile, pasteurized eggs) * සීනි – 70g (පැණිරස වැඩිපුර කනවනම් 150g) * දිය කරගත් ලුණු රහිත බටර් හෝ එළවළු තෙල් – 110ml * කිරි – 90ml * පාන් පිටි (All-purpose flour) – 145g * බේකින් පවුඩර් – තේ හැඳි 1½ * වැනිලා එසන්ස් – තේ හැඳි 1½ * ලුණු – තේ හැඳි ¼කට මඳක් අඩුවෙන් කැරමල් කළ පෙයාස් සඳහා * පෙයාස් ගෙඩි – 1ක් * සීනි – 20g * කුරුඳු කුඩු – තේ හැඳි 1ක් * බටර් – ස්වල්පයක් 👩‍🍳 සාදාගන්නා ආකාරය 1. පෙයාස් කැරමල් කරගැනීම පළමුව පෙයාස් ගෙඩිය සිහින් පෙතිවලට කපාගන්න. පෑන් එකකට බටර් ස්වල්පයක් දමා රත් කරගන්න. එයට සීනි 20g සහ කුරුඳු කුඩු තේ හැඳි 1ක් එකතු කරන්න. ඉන්පසු කපාගත් පෙයාස් පෙති එකතු කර මධ්‍යම ගින්දරේ රන්වන් පැහැයක් ගන්නා තෙක් කැරමල් කරගන්න. පෙයාස්වලින් පිටවන අමතර දියර බොහෝ දුරට වාෂ්ප වන තෙක් පිසගෙන නිවෙන්නට තබන්න. 2. අවන් එක සූදානම් කිරීම අවන් එක 150–160°C උෂ්ණත්වයට පෙර රත් කරගන්න. කේක් සාදන තැටියට බටර් හෝ තෙල් ස්වල්පයක් ආලේප කර බේකින් පේපර් එකක් අතුරාගන්න. 3. බිත්තර සහ සීනි මිශ්‍ර කිරීම ලොකු භාජනයකට බිත්තර සහ සීනි 150g එකතු කරන්න. මිශ්‍රණය ලා පැහැයක් ගෙන සැහැල්ලු හා පෙන සහිත වන තෙක් හොඳින් බීට් කරගන්න. 4. තෙල්, කිරි සහ වැනිලා එකතු කිරීම බිත්තර මිශ්‍රණයට තෙල් 110ml ටිකෙන් ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු කිරි 90ml සහ වැනිලා එසන්ස් තේ හැඳි 1½ක් එකතු කර සෙමින් මිශ්‍ර කරගන්න. 5. වියළි ද්‍රව්‍ය සූදානම් කිරීම වෙනම භාජනයකට පහත ද්‍රව්‍ය එකතු කර හලාගන්න. * පාන් පිටි 145g * බේකින් පවුඩර් තේ හැඳි 1½ * ලුණු තේ හැඳි ¼කට මඳක් අඩුවෙන් 6. කේක් මිශ්‍රණය සකස් කිරීම හල