Today's Lunch / අද දවල්ට කෑම උයපු මෙනු එක
Cook with Love
0:00 / 0:00
Today's Lunch / අද දවල්ට කෑම උයපු මෙනු එක
43 653 просмотра · 3 года назад
Cook with Love
104 тыс. подписчиков
43 653 просмотра · 3 года назад
අදත් පුංචි විඩියෝ එකක් අරන් ආවා. මං අද දවල්ට උයපු කෑම වේල.. මේ හැමදේම ඔයා උයන්න දන්නවා වුනත් පටන් ගත්ත තප්පරේ ඉදන්, ඉවර වෙන තප්පරේ වෙනකන් මං උයන දිහා බලන් ඉන්න ඔයාලා හැමොටම ගොඩක් ස්තුතියී..
බත උදෙන්ම ඉව්ව නිසා ඒකේ විඩියෝ එකක් ගන්න බැරි වුනා. ආපහු පොන්නි හාල ඇමසන් එකේ ගන්න තියනවා. ජපානේ ඉන්න අය අහලා තිබුනානේ ඒ හාල ගැන..
අද දවල්ට කැරට් කිරට උයලා, මාළු මිරිසට හදලා, කන්කුන් තෙල් දැම්මා.. ඒ ටික හදන විදිය විඩියෝ එකේ තියන්නේ
🔹කැරට් කිරට උයාගන්න
▪️කැරට් අල එකහාමක්
▪️අල ගෙඩි 2 ක්
▪️කරපිංචා, රම්පේ
▪️කපපු ළූනු ටිකක්
▪️අමුමිරිස් කරල් 1 ක්
▪️සුදුළූනු බික් 1 ක්
▪️උළුහාල් තේහැදි කාලක්
▪️කහ කුඩු තේහැදි කාලක්
▪️අමුතුනපහ තේහැදි කාලක්
▪️ගම්මිරිස් කුඩු තේහැදි කාලක්
▪️ලුණු කුඩු තේහැදි භාගයක්
▪️කුරුදු පොතු කෑල්ලක්
▪️තෙල් තේහැදි 1 ක්
▪️පොල් කිරි මිටි කිරෙන් කෝප්ප භාගයක්
▪️අබ පේස්ට් එකෙන් තේහැදි කාලක්
🔹මාළු මිරිසට
▪️මාළු ග්‍රෑම් 400
▪️කරපිංචා, රම්පේ
▪️කපපු ලූනු
▪️සුදුලූනු බික් 2 ක්
▪️අමුඉගුරු පෙති 2 ක්
▪️කහකුඩු තේහැදි කාලක්
▪️මිරිස්කුඩු තේහැදි 2 ක්
▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
▪️බැදපු තුනපහ තේහැදි 1 ක්
▪️ලුණු කුඩු තේහැදි 1 ක්
▪️ගොරකා පේස්ට් එකෙන් තේහැදි කාලක්
▪️වතුර කෝප්ප දෙකක්
▪️අමු මිරිස් කරල් 1 ක්
🔹කන්කුන් තෙල් දාන්න
▪️කන්කුන් මිටියක්
▪️පොඩියට කපපු ලූනු ගෙඩියකින් භාගයක්
▪️ලුණු කුඩු තේහැදි 1 ක්
▪️කෑලි මිරිස් කුඩු තේහැදි 3 ක්
▪️උම්බලකඩ
▪️තෙල් මේසහැදි 1 ක්
▪️සුදුලූනු බික් 2 ක්
▪️අමුමිරිස් කරල් 1 ක්
🔹Cook with Love 'Instagram'
/ homeyfoodies
igshid=YmMyMTA2M2Y=
🔹Cook with Love 'Tiktok'
www.tiktok.com/@homeyfoodies
🔹Cook with Love 'Facebook'
/ madebyhashi