✅ කෙසෙල් සහ සව්හාල් මිශ්‍ර අතුරුපසක් | Quick & Easy Sago Banana Dessert Recipe in Sinhala
Cook With Chanu
0:00 / 0:00
✅ කෙසෙල් සහ සව්හාල් මිශ්‍ර අතුරුපසක් | Quick & Easy Sago Banana Dessert Recipe in Sinhala
1 544 просмотра · 7 дней назад
Cook With Chanu
1,37 тыс. подписчиков
1 544 просмотра · 7 дней назад
කෙසෙල් සහ සව්හාල් එකතු කරලා විනාඩි කිහිපයකින් ඉතාම රසවත් සහ ලේසියෙන් හදාගන්න පුළුවන් අතුරුපසක් (Dessert) හදාගන්නා ආකාරය මෙන්න. පොඩියට කපාගත් කෙහෙල්, කැරමල් කළ සීනි, සව්හාල් සහ උකු පොල්කිරි මුසු කර හදන මෙම අතුරුපස පවුලේ සැමට එකසේ රසවිඳිය හැක.
අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients):
ලොකු ඉදුණු කෙහෙල් ගෙඩි - 2
සව් හාල් - කෝප්ප 1 (පොඟවා ගත්)
උකු පොල් කිරි - කෝප්ප 1
උණු වතුර - කෝප්ප 2
සීනි - මේස හැඳි 4
ලුණු - ස්වල්පයක්
වැනිලා - තේ හැඳි 1
හදාගන්නා ආකාරය (Step-by-Step Instructions):
1. මුලින්ම කෙහෙල් ගෙඩි දෙක කුඩා කැබලිවලට කපා පසෙකින් තබන්න.
2. භාජනයකට සීනි මේස හැඳි 2ක් දමා රත් කර කැරමල් කරගන්න.
3. කැරමල් වූ පසු එයට උණු වතුර කෝප්ප 1ක් එකතු කරන්න.
4. එය රත් වන විට ඉතිරි සීනි මේස හැඳි 2, ලුණු ස්වල්පය සහ කපාගත් කෙහෙල් ටික එකතු කරන්න.
5. විනාඩි 2ක් පමණ තැම්බෙන්න හැර, පොඟවා ගත් සව් හාල් ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
6. සව් හාල් තැම්බීගෙන එනවිට පොල් කිරි කෝප්පය එකතු කරන්න. (කිරි මදි යැයි හිතේ නම් තවත් උණු වතුර කෝප්පයක් එකතු කරන්න).
7. අන්තිමට වැනිලා තේ හැන්ද එකතු කර ලිපෙන් බාගෙන නිවෙන්න හැර පිළිගන්වන්න.
If you enjoyed this video, please LIKE, SHARE, and SUBSCRIBE for more easy and delicious recipes!
#SagoDessert #BananaDessert #SriLankanRecipe #DessertRecipe #KehelDessert #EasyDessert #SinhalaCooking