Перейти к содержимому

CHARIOT PATH/කලින් බලන්න සියලූම විස්තර සහිතයි/සීතලේ මනස්කාන්ත කදු මුදුන් සොයා/Full Details/

Travel With Iru

0:00 / 0:00

CHARIOT PATH/කලින් බලන්න සියලූම විස්තර සහිතයි/සීතලේ මනස්කාන්ත කදු මුදුන් සොයා/Full Details/

644 просмотра · 2 г. назад
Travel With Iru
456 подписчиков
644 просмотра · 2 г. назад
මීටර 1980ක උසකින් විරාජමානව මල් තුහින දරාගෙන ඈත සිසාරා පෙනෙන ජනප්‍රවාද රැසකගේ නිවහනක් ලෙසින් නම් ලද මෙම දිව්‍යයලෝකයට පිටත්වීම අප කාගේත් සිහිනයක් විය. ගමන ආරම්භ කරත්ම වියලි වූ වරෂාවෙන් තොර ලදු කැලෑව අපිව මගහැරියේ හරිම ඉක්මනින් බව අපගේ කණ්ඩායමට වැටහුනේ සීතල සුලං ධාරාව සහ ගතට සිසිලස ගෙනෙන තුරු ගොමු නෙත දැවටීමත් සමගය.ඉදිරියටම ඇදුන අපහට මාර්ගය දුෂ්කර බවක් නොදැනුනේ මන්ද යත් අප මේ වන විටත් ලංකාව තුල අපහසු යැයි නම් ලද කදු,ශිකර,දුර්ගයන් වලට මුහුණ දුන් ශක්තිමත් කණ්ඩායමක් නිසාය.කෙමෙන් කන්ද මුදුනට පා තබා ගනිද්දී හිතට ගතට දැනුන නැවුම් බව සමග විඩාවක් නම් අසලකවත් නොවීය.. කදවුරු බිම සකස් කලේ උතුම් ශ්‍රී පාද පද්මය පෙනෙන ලෙස වීමත් එය අප ලද භාග්‍යකි. දිනසුරු අපගෙන් සමුගන්නා විට ගතට දැනුන සීතල කෙදිනකවත් නොලද අත්දැකීමක් වීමත් ගිනිමැලයේ උනුහුමෙන් එය නිවාලීම අපහසු විය. එම හේතුව නිසාම මෙම කදු මුදුනත සංචාරකයෙක් ගමන් කල යුතුම යැයි පැවසීම උචිත වේ..මෙසේ රැය පහන් කල අප පසු දින රාවණයන් හිමාල දේශයෙන් රැගෙන ආ කුමාරිකාව වු සීතා දෙවිය බිම සැතපී විඩාව නිවාගත්තා යැයි කී බිම්කඩ සිසාර ඇවිද ගියේ මහත් සැහැල්ලුවකිනී. දින දෙකක් කාලයක් තුල මෙම නිදහස් භූමියේ ආස්වාස කල වාතලය අප වෙත ලගා කල නිදහස මතකයේ හොවා අපි සමු දුන්නේ හිතකින් නම් නොවේ. ඔබත් මෙහි යන සංචාරකයෙක් නම් එහි ඇති දුර්ලභ සංවේදි පරිසරයට හා ජිවත් වන සතුන්ට හානියක් නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. "සොභාදහමේ හුස්ම අගය දන්නා උන් එය පන මෙන් රකී." ඉරුෂික (ඉරූ) Camera ------------------------------------------------------------------------- Gopro 10 Iphone 14 --------------------------------------------------------------------------- Instaram - instagram.com/i_r_u_travel?igsh=MTdrdGZoa3RiZGtsOQ== Tiktok - tiktok.com/@iru_shika_?_t=8lDfQVdahnN&_r=1 Facebook- facebook.com/naveen.irushika.98?mibextid=ZbWKwL ---------------------------------------------------------------------------- Music- Corporate Soft by LesFM /Tropical Soul by Luke Bergs/Ithilien by Spheriá/Start by Roa | https://lesfm.net/positive-background... Music promoted by https://www.chosic.com/free-music/all/ Creative Commons CC BY 3.0 https://creativecommons.org/licenses/...