Перейти к содержимому

Deraniyagala Udamaliboda Sripada Trail | දැරණියගල උඩමාලිබොඩින් වාරේ සිරිපා කරුණාව | Adam’s Peak | 4K

Rasthiyadu Charikawa

0:00 / 0:00

Deraniyagala Udamaliboda Sripada Trail | දැරණියගල උඩමාලිබොඩින් වාරේ සිරිපා කරුණාව | Adam’s Peak | 4K

1 422 просмотра · 1 год назад
Rasthiyadu Charikawa
4,6 тыс. подписчиков
1 422 просмотра · 1 год назад
දැරණියගල උඩ මාලිබෝඩ වනගත මාර්ගයෙන් සිරිපා කරුණාව 🙏🌿💙💚 (13 වන සිරිපා කරුණාව) සිරිපා කරුණා කරන්න ප්‍රධාන මාර්ග 3ක් තියෙනවනේ 01 හැටන් නල්ලතන්නි මාර්ගය 02 රත්නපුර රජ මාවත (පලාබද්දල මාර්ගය) 03 කුරුවිට එරත්න මාර්ගය මේ මාර්ග 3ට අමතරව තව වනගත මාර්ග 3ක් තියෙනවා 01. රාජමලේ සදගලතැන්න මාර්ගය 02. දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය 03. දැරණියගල මාලිබොඩ මාර්ගය මීට අමතරව තවත් දුශ්කර වනගත මාර්ග කීපයක් තියෙනවා. මීට කලින් අනිත් මාර්ග 5කින්ම කරුණා කරලා තිබුණු නිසා මේ පාර අපි තෝරගත්තෙ දැරණියගල උඩ මාලිබොඩ වනගත සිරිපා මාර්ගය.මේ මාර්ගයේ දුර කිලෝමීටර් 13ක් මේ සිරිපා කරුණාවට ලොකුම හේතුව උනේ මීට හරියටම මාසෙකට කලින් මගේ අප්පච්චි අපි අතරින් යන්න ගිය නිසා ඒ වෙනුවෙන් මන් හිතාගෙන හිටියා මුළුන්ම මම ශ්‍රීපාද කරුණා කරනවා කියලා. මේ ශ්‍රීපාද කරුණාවේ පිං අප්පච්චි වෙනුවෙන් අනුමෝදන් කරන්න පුළුවන් වීම මගේ හිතට ලොකු සතුටක්.🙏🙏🙏 මගේ 13 වන් සිරිපා කරුණාව සාර්ථක කරගෙන, සිරිපා මාර්ග 6න්ම කරුණාව සම්පූර්ණ කරන්න මේ ගමනෙදි මට පුළුවන් උනා. සෑහෙන වෙලාවක් මළුවේ ඉදපු අපි හැමෝම සතුටු සිතින් හැටන් පාරෙන් පහලට කරුණා කරන්න පටන් ගත්තා. එහෙනම් මේ සටහන මෙතනින් නවත්තන්නම්. දැරණියගල උඩ මාලිබොඩ පාරෙන් කරුණා කරන්න ඉන්න ඔයාලට කියන්න තියෙන්නෙ වනගත මාර්ගයක් නිසා කිසිම පහසුකම්ක්, ආපන ශාලා, අම්බලම් කිසිම දෙයක් මේ පාරේ නෑ. උවමනා කරන හැම දෙයක්ම අරන් යන්න. ගෙනියන කිසිම දෙයක් මේ නොකිලිටි පිරිසිදු පරිසරයට එකතු කරන්න හිතන්නවත් එපා. මාර්ගයෙන් පිටතට කිසිම වෙලාවක යන්න එපා. සර්පයෝ, කූඩැල්ලො වගේම විශාල ක්ශීරපායි සත්තුත් ඉන්න නිසා පරිස්සමෙන් කරුණා කරන්න. පුළුවන් හැමෝම සපත්තු දාගෙන යන්න. ආයුබෝවන්, තෙරුවන් සරණයි, සුමන් සමන් දෙවි පිහිටයි 🙏🌿💙💚 දර්මේ මාමා - 076 547 0366 #sripadaya #adamspeak