ජේසුගෙ හද දිනු කුඩා මලේ.. St. Thérèse of Lisieux..
Dilano Jay
0:00 / 0:00
ජේසුගෙ හද දිනු කුඩා මලේ.. St. Thérèse of Lisieux..
1 948 просмотров · 5 л. назад
Dilano Jay
487 подписчиков
1 948 просмотров · 5 л. назад
තල්විල ග්‍රාමයට නාමසාන්තුවරිය වූ ශු. තෙරේසා මුනිවරිය හෙවත් ජේසුගේ කුඩා මල ලෙසින් විරුද්දාවලිය ලත් ප්‍රංශයේ ලීසිය නම් නුවර දිවි ගෙවූ තෙරේස මාටින් නම් කන්‍යා සොයුරිය ශුද්ධවරයට එසැවීමෙන් පසු ශු. සභාව විසින් ඔක්තෝබර් මස පළමු දින ඇයගේ මංගල්‍ය ලෙසින් නම් කර තිබේ.
මා කුඩා කල සිටම ඇයට මහත් සේ ඇලුම් කරන භක්තිකයකි. ඇය විසූ පුරවරයේ ගැවසෙන්නට තරම්, ඇයගේ මතක සටහන් දෑසින් දැක ගන්නට තරම් වාසනාවන්ත වූ මා විසින් මෙම ගීතය රචනා කොට නිෂ්පාදනය කළ අතර 2021 වසරේ තල්විල දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් සියළුම භක්තිකයන් වෙත මෙසේ පිරිනමමි. ශු. තෙරේසා මුනිවරියගේ පිහිට ආරක්ෂාවද පතමින් ඔබ සැමට සුභ මංගල්‍යයක් වේවායි පතමි.
❤️ තමන්ගේ කාළය ශ්‍රමය වැයකොට මෙම නිෂ්පාදනය සඳහා මහඟු වෑයමක් කළ ඔවුන් වෙනුවෙන් හද පත්ලෙන්ම පුදන විශේෂ ස්තූතිය:
🌹සුදර්ශනී ප්‍රනාන්දු සොයුරිය.
🌹ශබ්ද පරිපාලනයෙන් සහ මෙම වීඩියෝව සකසා දුන් මනිල්ක පෙරේරා සොයුරු.
🌹ශබ්දාගාර පහසුකම් සකසා දුන් ක්‍රිෂේන් සොයුරු සහ ප්රිමල්ක ප්‍රනාන්දු සොයුරු.