ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ ස්මාරකය #calmsoulbydhanu #travelsrilanka #warheroes
Calmsoulbydhanu
0:00 / 0:00
ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ ස්මාරකය #calmsoulbydhanu #travelsrilanka #warheroes
89 просмотров · 12 дн. назад
Calmsoulbydhanu
513 подписчиков
89 просмотров · 12 дн. назад
යාළුවනේ, අද මම ඔයාලව එක්කරගෙන යන්නේ අපේ රටේ ඉතිහාසයේ අමතක කරන්න බැරි, අභීත හමුදා නායකයෙක් වුණු ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සිහිපත් කරන අනුස්මරණ ස්මාරකය බලන්නයි.
යාපනය අර්ධද්වීපයේ, කයිට්ස් දූපත ආසන්නයේ පිහිටා තිබෙන මේ ස්ථානයට පැමිණෙන කෙනෙකුට, සුන්දර පරිසරයක් අතරින් අපේ රටේ අතීතයේ සංවේදී සිදුවීමක් ගැනත් සිහිපත් කරගන්න පුළුවන්.
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉතාමත් ගෞරවයට පාත්‍ර වූ, දක්ෂ හමුදා නායකයෙක්. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදු කළ වැදගත් හමුදා මෙහෙයුම් කිහිපයකටම ඔහු නායකත්වය ලබා දුන්නා. ඒ අතර වඩමාරච්චි මෙහෙයුම සහ බලවේගය මෙහෙයුම විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්.
නමුත් 1992 අගෝස්තු 8 වැනිදා, යාපනය අර්ධද්වීපයේ අරාලි තුඩුව ආසන්නයේදී සිදු වූ බිහිසුණු බිම් බෝම්බ පිපිරීමකින් ඔහු බරපතළ තුවාල ලැබුවා. ඒ සිදුවීමෙන් ඔහු සමඟ සිටි තවත් හමුදා නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුගේ ජීවිත අහිමි වුණා. පසුව ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාත් ජීවිතක්ෂයට පත්වුණා.
එදා ඔහු ඇතුළු පිරිස අරාලි තුඩුවට ගොස් තිබුණේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ හමුදා මෙහෙයුමකට අදාළ කරුණු සොයා බැලීමටයි. නමුත් ඒ ගමන, ශ්‍රී ලංකා ඉතිහාසයේ සංවේදී මතකයක් බවට පත්වුණා.
එම සිදුවීම සිදු වූ ස්ථානය සිහිපත් කිරීම සඳහා 1994 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙහි මුල් ස්මාරකයක් ඉදිකර තිබෙනවා. පසුව එම ප්‍රදේශයෙන් හමුදා ඉවත් වීමත් සමඟ එම ස්මාරකය විනාශයට පත්වුණා. 2004 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම ස්මාරකය නැවත ඉදිකරනු ලැබුවා.
අද අපිට මෙහිදී දැකගන්න ලැබෙන්නේ ඒ අතීත සිදුවීම සිහිපත් කරන ස්මාරකයයි. ඒ වගේම එදා පිපිරීමට ලක් වූ රථය සිහිපත් කරවන ආකාරයේ අනුරුවක්ද මෙහි සකස් කර තිබෙනවා.
මේ ස්ථානයට ඇවිත් ඒ ඡායාරූප දිහා බලද්දී, ඒ නිලධාරීන්ගේ මතකය විතරක් නෙවෙයි, රටක ඉතිහාසය තුළ සටහන් වූ දුක්බර පරිච්ඡේදයක් ගැනත් අපිට සිතන්න වෙනවා.
1992 අගෝස්තු 8 වෙනිදා කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම අඳුරු දිනයක්. එදා උදේ 10ට විතර යාපනයේ අරාලේ තුඩුවේදී සිද්ධ වුණු මහා බෝම්බ පිපිරීමකින් අපේ රටේ ශ්‍රේෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් අපිට අහිමි වුණා. අද අපි කතා කරන්න යන්නේ ලුතිනල් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ අභිරහස් ඝාතනය සහ ඔහුගේ වීර වික්‍රමාන්විත චරිත කතාව ගැනයි
ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව මහතා උපත ලබන්නේ 1940 ජූලි 27 වෙනිදා මහනුවර ගුණෑපාන දෙල්දෙනිය වළව්වේදී[2]. ඔහුගේ පියා ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව මහතා සහ මව මෝනා රත්වත්තේ මහත්මියයි. මුලින් මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන් සහ පසුව ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු ඔහු හොකී, ක්‍රිකට්, රග්බි ක්‍රීඩාවලට ඉතාම දක්ෂයෙක් වුණා.
ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු ඔහු පසුව හමුදා කැඩෙට් නිලධාරියෙක් විදිහට දියතලාවෙන් සහ බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා ඇකඩමියෙන් (Sandhurst) පුහුණුව ලැබුවා. 1962දී ලංකාවට ඇවිත් දෙවැනි ලුතිනල්වරයෙක් විදිහට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට එක්වුණා[3]. 1966දී ඩඩ්ලි සේනානායක රජය සමයේ කුමන්ත්‍රණ චෝදනාවකට අනිවාර්ය නිවාඩු යැව්වත්, 1970 සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමයේ නැවත ඔහුව සේවයට කැඳෙව්වා. 1990 වෙද්දී ඔහු මේජර් ජෙනරල් තනතුර දක්වා උසස්වීම් ලැබුවා
1992 අගෝස්තු 8 වෙනිදා උදේ, කොබ්බෑකඩුව මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් අරාලේ තුඩුවට ගියේ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කරන්නයි. සතුරන්ගේ අවධානයෙන් මිදෙන්න ජීප් රථ දෙකෙන් ආපු පිරිස එක ජීප් රථයකට ගොඩවුණා.
එම රථයේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න, කොමදෝරු මොහාන් ජයමහා, කර්නල් එච්.ආර්. ස්ටීවන්, කර්නල් යශෝද පලිපාන, කර්නල් ජී.එච්. ආරියරත්න, මේජර් නලීන් ද අල්විස්, ලුතිනල් කමාන්ඩර් අසංග තිලකරත්න, ලුතිනල් කමාන්ඩර් චන්දිම විජේපුර, කෝපරල් ජගත් වික්‍රමරත්න සහ සෙබළ උපාලි ගමන් කළා.
සාකච්ඡාවෙන් පස්සේ ජීප් රථය වැලි පාරෙන් තාර පාරට දාන්න හදනකොටම මුළු ප්‍රදේශයම දෙදරුම් කමින් මහා පිපිරීමක් සිදු වුණා
පිපිරීමෙන් බ්‍රිගේඩියර් විජය විමලරත්න ඇතුළු පිරිස එසැණින්ම ජීවිතක්ෂයට පත් වුණා. කොබ්බෑකඩුව මහතා අඩි 20-30ක් ඈතට විසිවී තදබල ලෙස තුවාල ලබා සිටියත් පණපිටින් සිටියා
මෙතැනදී ලොකු අභිරහසක් සිද්ධ වෙනවා. ජයවර්ධනපුර රෝහලේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍යාගාර සූදානම් කරලා තිබියදීත්, කොබ්බෑකඩුව මහතාව පලාලි සිට රත්මලානටත්, එතනින් ශ්‍රී ජයවර්ධනපුරට, පසුව ගුවන් හමුදා මූලස්ථානයටත්, අන්තිමේදී කොළඹ ජාතික රෝහලටත් ගෙන යාමට පැය ගණනාවක් ගත කළා. උදේ 10ට වුණු අනතුරෙන් පස්සේ ඔහුව රෝහල්ගත කළේ දහවල් 2ට විතර. වෛද්‍යවරුන් ලොකු උත්සාහයක් ගත්තත්, පස්වරු 2:30ට පමණ ඒ රන් හදවත සදහටම නතර වුණා
මේ ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කළ බවට චෝදනා නැගුණත්, එවකට පැවැති ණ්ඩුවටත් චෝදනා එල්ල වුණා. පසුව පත්කළ කොමිසම මගින් ගෙන ආ බ්‍රිතාන්‍ය ජාතික බෝම්බ විනාශ කිරීමේ විශේෂඥයෙකු වූ ජේ.ආර්. වයිට් (J.R. White) මහතා කළ පරීක්ෂණයේදී හෙළි වුණේ, මෙය බිම් බෝම්බයක් නොවන බවත්, ජීප් රථය ඇතුළේ අටවා තිබූ බෝම්බයක් බවත්ය.
ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ හමුදාවේ කොල්ලන්ට විතරක් නෙවෙයි, සිංහල දෙමළ භේදයකින් තොරව මුළු රටේම ජනතාවගේ ආදරය දිනාගත්, මනුස්සකම පිරුණු අමරණීය වීරයෙක්
ඉතිහාසය කියන්නේ ජයග්‍රහණ ගැන විතරක්ම නෙවෙයි. ඒ ඉතිහාසය ගොඩනැඟෙන්න කැපකිරීම් කළ, තමන්ගේ ජීවිත පවා අහිමි කරගත් මිනිසුන් ගැනත් අපි දැනගෙන සිටිය යුතුයි.
අද මම ඔයාලත් එක්ක බෙදාගත්තේ ඒ වගේ වැදගත් ඓතිහාසික ස්ථානයක අත්දැකීමක්.
මේ වගේ අපේ රටේ සැඟවුණු සුන්දර තැන්, ඓතිහාසික ස්ථාන සහ ඒවාට සම්බන්ධ කතා දැනගන්න කැමති නම්, Calmsoulbydhanu YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.
ඊළඟ වීඩියෝවෙන් තවත් ලස්සන තැනකදී හමුවෙමු.