Перейти к содержимому

ඉතිපි සෝ ගාථාව 1080 වරක් | ithipi So Gathawa 1080 times

Damma Charika

0:00 / 0:00

ඉතිපි සෝ ගාථාව 1080 වරක් | ithipi So Gathawa 1080 times

99 409 просмотров · 3 года назад
Damma Charika
64,4 тыс. подписчиков
99 409 просмотров · 3 года назад
ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධො, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතො, ලෝකවිදු, අනුත්තරෝ පුරිසධම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධෝ, භගවාති. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ හෙයින්ද චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත් හෙයින් ද අෂ්ට විද්‍යා පසලොස්‌චරණ ධර්මයන් ගෙන් සමන්විත හෙයින් ද මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිවනට පැමිණි හෙයින් ද සත්ත්ව, සමස්‌කාර, අවකාස යන තුන්ලොව තත්වූ පරිද්දෙන් දැනගත් හෙයින්ද අංගුලිමාල නාලාගිරි ආදීන් දමනය කළ හෙයින් ද දෙව් මිනිසුන්ට අනුශාසනා කළ හෙයින්ද සියලු ධර්ම අවබෝධ කළ හෙයින්ද ධර්මය දෙසා වදාළ හෙයින්ද යන මේ මහා ගුණ නවයකින් සමන්විත වනසේක. නිතර නිතර බුදුගුණ සිහිකිරීම තුළින් මනා ආරක්‌ෂාවක්‌ ඔබවෙත ලැබෙන බව සත්‍යයකි. ගමනක්‌ යැමට පෙර, කුමන හෝ හොඳ වැඩක්‌ පටන් ගන්නා විට සිහිපත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අතිමහත්ය. සොර සතුරු, දිය, ගිනි, සුළං, යක්‌ෂ, ප්‍රේත, භූත, පිසාච, ග්‍රහදෝස ආදී සියලු බලවේගවලින් මිදී ආරක්‌ෂාව සලසාගත හැකි අතර බියක්‌ තැතිගැනීමක්‌ ඇති වන ඕනෑම අවස්‌ථාවක බුදුගුණ ගායනා කිරීමෙන්, සිහිකිරීමෙන් ආරක්‌ෂාව ලැබේ. බිය දුරුවේ. අනතුරු වැළකී යන ගමන් සාර්ථක වේ. කෙබඳු තැනකදී වුවද සිහිකිරීමෙන් ජය ලැබිය හැකිය.