නිවන් දැකීම සදහා දැකියයුතු හේතුඵල දහම | Nakkawatte Buddaparayana Thero
සැගවූ අරුත | Hidden Meaning
0:00 / 0:00
නිවන් දැකීම සදහා දැකියයුතු හේතුඵල දහම | Nakkawatte Buddaparayana Thero
11 383 просмотра · 1 год назад
සැගවූ අරුත | Hidden Meaning
176 тыс. подписчиков
11 383 просмотра · 1 год назад
යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතුං තථාගතෝ ආහ, තේසං හේතු යෝ නිරෝධෝ – ඒවං වාදී මහා සමණෝ” කියලා, බුදුරජාණන් වහන්සේ කෙබඳු වාදීද කියන එකත්, බුදුරජාණන් වහන්සේගේ වාදය පිළිබඳව, නැත්නම් බුදුරජාණන් වහන්සේ කරන දේශනාව පිළිබඳව අස්සජී හාමුදුරුවෝ එදා කෝලිත පරිබ්‍රාජකයා වශයෙන් හිටපු සැරියුත් හාමුදුරුවන්ගේ එදා මූලික අවස්ථාවේදී ඒ ආකාරයෙන් දේශනාවක් කළා. මේ දේශනාව අසා තමයි උන්වහන්සේ සෝතාපන්න ඵලයට පත්වුනේ, සැරියුත් හාමුදුරුවෝ, එදා ඒ හිටපු කෝලිත කියන පරිබ්‍රාජක ව ඉන්න වෙලාවේ, ඉඳලා ඒ ධර්මය අහන වෙලාවේ. කැටි කරලා ධර්මය දේශනා කරනකොට, බුදුරජාණන් වහන්සේ ගැන අසපු එක්කෙනෙක් හැටියට, “උන්වහන්සේගේ ධර්මය කොහොමද?” කියලා අහනකොට, අන්න ඒ වෙලාවෙදියි පෙන්නලා දුන්නේ ඔය කියන ධර්ම වාක්‍යයෙන් තමයි පෙන්නුවේ. ධර්ම වාක්‍යය කිවුව අදහසයි දුන්නේ.
“යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතුං තථාගතෝ ආහ,
තේසං හේතු යෝ නිරෝධෝ – ඒවං වාදී මහා සමණෝ”
“මහා සමණෝ” කියන්නේ තථාගතයන් වහන්සේට. “තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේකයි…” කියලා තමයි පෙන්නුවේ. යම් ධර්මයක් හේතුවක් නිසා ප්‍රභවයට පත්වෙනවාද, නැත්නම් පහල වෙනවාද? අන්න ඒ පහලවෙන හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. “හේතු”… “හේතුව” නෙමෙයි, ඒ “හේතු” තථාගතයන් වහන්සේ දේශනා කරනවා – “තේසං හේතුං තථාගතෝ ආහ” – ඒ හේතූන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා.
“තේසං හේතුං යෝ නිරෝධෝ” – යමෙක් ඒ හේතු නිරෝධ කළාද, ඒ – කියනවා “තේසං හේතු යෝ නිරෝධෝ” – ඒ හේතු හොයලා ඒවා නිරෝධ කරන්න ඕනේ. ඒ තමයි මහා ශ්‍රමණයන් වහන්සේගේ කතාව. පැහැදිලිද කාරණේ? මෙන්න මේක තමයි මේ බුදු දහමේ තිබෙන මූලික මාර්ගය සම්පූර්ණයෙන්ම කැටි කරලා තිබුණ ආකාරයක්, ඔය. මෙන්න මේ ටික අරගෙන, මේ ටිකෙන් අපි දැකගන්න ඕනේ හේතු මොනවාද?
“හේතුං පටිච්ච සම්භූතං – හේතු භංගා නිරුජ්ඣති” – හේතු ප්‍රත්‍ය වලා පහල වෙනවා, “සම්භූත” වෙලා. සම්භූත කියන්නේ භූතයන්ගෙ සබැඳීම, නැත්නම් එක්වීම, ඇතිවෙන හැටි. හේතු භංග නම් එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ, මේ ලෝකයේ කිසිම දෙයක්, කුමන ධර්මයක් වත්…
#Nakkawatte Buddaparayana Thero #නක්කාවත්තේ බුද්ධපරායන හිමි #බුද්ධ_ධර්මය #බුදුන්වදාලධර්මය #සිරි #වහරක #මහමෙව්නාව #බුදු #සැගවූ #නිවන්මඟ #නිවන්මග #නිවන #නිවනටමග #නිවන් #ධර්ම දේශනා #සිතක මායාව #බුදුසිරිත #budusiritha #ariya asankathaya #අරිය අසංකතය #mahamevnawa #sithakamayawa #හේතුඵල දහම #nivathapa