Перейти к содержимому

Madu River Night Safari and Camping | ධීවර ඔරුවකින් මහ රෑ මාදු ගග මැදට | දූපතක රැයක් | 4K

Dinesh A Pathum

0:00 / 0:00

Madu River Night Safari and Camping | ධීවර ඔරුවකින් මහ රෑ මාදු ගග මැදට | දූපතක රැයක් | 4K

43 822 просмотра · 3 года назад
Dinesh A Pathum
201 тыс. подписчиков
43 822 просмотра · 3 года назад
"මේකේ රෑට යන ඔරු වලට ඕකුන් ඇවිත් ගහනවා... කළබල උනොත් ඉවරයි.." "මම ඒකයි නොකියාම ආවේ.." "මේකේ උඩහ හරියට වෙන්න මේ ඔරුවටත් වැඩි දිග උන් ඉන්නේ..අර හිටියෙත් එහෙම එකෙක්.." "කඩොලාන අයිනෙන් නොයා ගං මැද්දෙන් ගියේ ඒකයි මං.." "කඩොලාන උඩ නැගලා ඉන්නවා... ඔරු යද්දී වතුරට බැහැලා ලං කරනණවා.." " හැබැයි තාම කාටවත්ම කරදරයක් කරලා නෑ ලොකුවට.." මාමාගේ කතාව අවසන් වන විට ඔරු කද අප කදවුරු බදිනා ඉසව්වට ලං වී තිබූ හෙයින් මමත් ලොකු පීරිසුත් මාමාට සමු දී සැනසුම් සුසුමක් හෙලුවේ රාත්‍රියේ ඔරුවක නැගී ගිය අමතක නොවන සංචාරය ගැන මතක පොතේ පිටු ගොඩ ගසමිනි. කදවුරු භූමිය මනරම් ය. නවෝද මල්ලීගේ ඉඩමක කෙලවර ඇති වන ලැහැබක ඇති කදවුරු භූමිය විශාල ගස් වලින් වට කොට ගෙනයි. තැනින් තැන එල්ලා ඇති කුඩා ලංතෑරුම් සහ කදවුරු භූමියේ එක් කෙලවරක ඇති ගිණි මැලය කදවුරු භූමිය ඒකාලෝක කරවිය. රැගෙන ආ ගමන් මලු පසෙක තබා තැන් කිහිපයක කූඩාරම් අටවා ගත්තේ දූපතක ගෙවන සොදුරු රාත්‍රිය සුව පහසුව ගත කිරීමටයි. නවෝද මල්ලී රෑ කෑම සදහා රැගෙන විත් තිබූ අලුත් මාලු "බලපිටිය"සහ "අම්බලන්ගොඩ" කේන්ද්‍ර කරගත් ධීවර සම්පත පිළිබද ඉතා රසවත් සාක්ෂියක් විය. රෑ කෑමෙන් පසු මැදියම් රෑ වන තුරුත් තරු පිරුණු අහස යට රැහැයියන්ගේ සංගීතය මධ්‍යයේ අප කංඩායම දොඩමලු වූයේ හවස් වරුවේ ඔරු ගමනේ දී අප විදි අත්දැකීම් ගැනයි. පසුදා උදෑසනින්ම අවදි වූ අප කදවුරු භූමියට සමු දී මාදු ගගේ ආරම්භය සොයා ගමන් කලේ පොල් අතු ඇල දිගේ වැවී ඇති පටු ඇල පහරක මනාව වැවුනු කඩොලාන යටිනි. දින දෙකක කාලයක් මාදු ගගේ ගත කල අප මාදු ගගට සමු දී නැවතත් පැමිනියේ තවත් සොදුරු ඉසව්වක හමුවන පොරොන්දුව මතයි. ආයුබෝවන් මම දිනේෂ් ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ Instagram -   / dinesh_a_pathum   ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ “Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“