සතියම ආශිර්වාදාත්මක යාච්ඤාව අපගේ වැඩ වලින් නිවාඩු ලැබෙන්නේ කවදාද
Pastor Ekanayake
0:00 / 0:00
සතියම ආශිර්වාදාත්මක යාච්ඤාව අපගේ වැඩ වලින් නිවාඩු ලැබෙන්නේ කවදාද
734 просмотра · 1 дн. назад
Pastor Ekanayake
2,05 тыс. подписчиков
734 просмотра · 1 дн. назад
සතියම ආශිර්වාදාත්මක යාච්ඤාව අපගේ වැඩ වලින් නිවාඩු ලැබෙන්නේ කවදාද Mobile No-0771855314හෙබ්‍රෙව් 1-1:10 බැවින් උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වීමේ පොරොන්දුවක් ඉතුරුව තිබෙද්දීත් නුඹලාගෙන් යමෙකුට ඊට පැමිණෙන්ට බැරිවූ බැව් පෙනේදෝ කියා භයවෙමු.
2 මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.
3 මක්නිසාද අදහාගත් අපි ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙමුව; ඒ ප්‍රකාරයට: මාගේ උදහසින් දිවුළ ලෙස ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ කියා තිබේ. එසේවුවත් ලෝකය මැවීමේ සිට වැඩ නිමවී තිබුණේය.
4 මක්නිසාද උන්වහන්සේ එක් තැනක සත්වෙනි දවස ගැන කථාකොට: දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ සියලු වැඩවලින් සත්වෙනි දවසේදී නිවාඩු ගත්සේකැයි කියා තිබේ.
5 නැවත මේ පදයෙහිත්: ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි කියා තිබේ.
6 එබැවින් සමහරුන් ඊට ඇතුල්වන්ට ඕනෑ බැවිනුත් ඒ ශුභාරංචිය පළමුකොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නූණ බැවිනුත්,
7 උන්වහන්සේ දාවිත් ලවා එපමණ කාලයකට පසු කථාකරවමින්, ඉහත කීවාක්මෙන්: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි, අදය කියා, නැවත එක්තරා දවසක් නියමකරනසේක.
8 මක්නිසාද යෝෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් ඉන්පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කථාකරන්නේ නැත.
9 එබැවින් දෙවියන්වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ.
10 මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තාක්මෙන්, උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේය.