Kal Balamin Lathawemi - කල් බලමින් ළතැවෙමි Shreemathi T/Premakeerthi/Victor R
Premakeerthi Gee
0:00 / 0:00
Kal Balamin Lathawemi - කල් බලමින් ළතැවෙමි Shreemathi T/Premakeerthi/Victor R
73 307 просмотров · 8 л. назад
Premakeerthi Gee
16,5 тыс. подписчиков
73 307 просмотров · 8 л. назад
කල් බලමින් ළතැවෙමි නෙත්
ඔබ වෙත යොමු වේ
මල් සුපිපුණු අතු අග
කවුරුද කටු තැබුවේ...
එතෙර ගලනු බැරි නම් ලොව සුවඳින් නහවා
අතර මඟ රැඳෙන්නට මඳ පවන නොවේවා
සතර අතට යන මගෙ සිත විමසන ඒවා
මට ම ගැටලුවකි පිළිතුරු මතු හමුවේවා...
වලාකුළක දිය පරදන කඳුළු ඇත ඇසේ
අලාමක සිතුම් මගෙ තනිකමට ළඟ වෙසේ
බලා හිඳුම හැර ඔබ හා ඇදෙමි දෝ කෙසේ
ගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ...
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ශ්‍රීමතී තිලකරත්න