Перейти к содержимому

Thunhisgala (Kalupahana) | Rahana Ketu Pathana | KMP - තුන්හිස්ගල ( කලුපහන ) | රැහැන කෙටූ පතන

Wild Hiker

0:00 / 0:00

Thunhisgala (Kalupahana) | Rahana Ketu Pathana | KMP - තුන්හිස්ගල ( කලුපහන ) | රැහැන කෙටූ පතන

710 просмотров · 1 г. назад
Wild Hiker
185 подписчиков
710 просмотров · 1 г. назад
තුන්හිස්ගල හෙවත් කලුපහන කන්ද යනු නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අයත් කදු මුදුන් 34 න් උසින් සයවෙනි කදු මුදුනයි. එය මුහුදු මට්ටමේ සිට උස මීටර් 1617 m පරාසයේ විහිදී යයි. මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිම මෙම කදු මුදුන ඔස්සේ වැටී තිබීම සුවිශේෂී කරැණකි. ඈතින් බැලූ කළ මෙම කදු මුදුනත් , බැලුම්ගල හා කුඩාගල යන කදුද සමගින් හිස් තුනක් ආකාරයට දිස්වන නිසා " තුන්හිස්ගල " යන නාමය පටබැදී ඇත. මෙම නාමය සංචාරකයින් යොදා ගත් ජනප්‍රිය නාමයක් වන අතර සැබෑ නාමය වනුයේ " කලුපහන " යි. එසේම මෙම කදු මුදුනට නකල්ස් හී අනෙක් කදු මුදුන් සියල්ලම දැකගත හැකි වන නිසා "තුන්තිස්ගල" යන නාමයෙන්ද හදුන්වයි. ඉතා හොද අව් රශ්මියක් සහිත දිනක මෙම කන්දට යා හැකි නම් එය සංචාරකයා ලද ඉමහත් භාගයයකි. මීදුමෙන් වටවූ විට හා ගස්වැල්වලින් වැසී අඳුර රජ කරන දහවල කඳුකර පරිසරය ගුප්ත බවක් පෙන්වාලනු ඇත. විශාල රූස්ස ගස් ද මෙම කඳුකර පරිසරයේ ඇති අතර සමස්ත වන පියසම ශාකවලින් වැසී ඇත. කඳුවල පවතින පොකුරු කඳු පන්ති ස්වභාවය නිසාම මෙම කඳුවැටි එකිනෙකට යාවී ඇත. තුන්හිස්ගල පරිසරය ඉතා සුන්දර හා ආකර්ෂණීය වන අතර ඕකිඩ් මල් වර්ගද, මහරත් මල් ශාක, පාසි හා ඇල්ගී වර්ගද, කටුස්සන් හා ගෙම්බන් වර්ග ද, විවිධ වර්ණයෙන් හැඩ ගැසුණු ශාක පත්‍ර පිරි තුරු ලතා බොහෝමයක් සහ ගස් මත වැඩුණු අපි ශාක සහ වැල් වර්ගයන්ද දැක ගැනීමට හැකියාව ඇත. සංවේදී ජල පෝෂක ප්‍රදේශයක් වන අතර ඒ අනුව ජල පහරවල් රැසක්ම ආරම්භ වන බවත් සඳහන් කළ යුතුය. එසේම රැහැන කෙටූ පතන යනු මුහුදු මට්ටමේ සිට 1200 m සීමවේ විහිදෙන උසකින් ඇති පතනකි. මෙය වමාරපුගල පාමුල තුන්හිස්ගල පේන අන්තයේ පවතී. මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිම ගමන් කරන්නේද මෙම පතනේ පහළ ඉසව්වෙනි. වර්ෂිකව අධික සුළං ප්‍රවාහයක් මෙම ස්ථානය හරහා ගමන් කරන නිසාම පතනක් ආකාරයට මෙය සකස් වීමට හේතුවයි. ඈතට ඉතා විශිෂ්ට දර්ශන පථයක් මෙම ඉසව්ව සතුය. මෙහි දිවියන් සැරුසරන බවද එහිදි සාක්ෂය අපට හමුවුණි. මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිම් ඉසව්වේ පිහිටා ඇති තුන්හිස්ගල හා රැහැන කෙටූ පතන සැබැවින්ම පාරදීසයකි. #thinhisgala #rkp #knucles