Перейти к содержимому

භාවනා ඇප් භාවිතය සුදුසුද?🍃296🍃

සියලුම දහම් ගැටලු වලට පිළිතුරු...

0:00 / 0:00

භාවනා ඇප් භාවිතය සුදුසුද?🍃296🍃

26 просмотров · 4 дн. назад
සියලුම දහම් ගැටලු වලට පිළිතුරු...
461 подписчик
26 просмотров · 4 дн. назад
☸️296 වන දහම් ගැටළු විමසුම පිංවත් පියුමි මාහත්මිය විසිනි🌼🙏👉 අවසර අපේ පින්වත් ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්ස මම භාවනා සඳහා ඇප් එකක් ඩව්න්ලෝඩ් කරගත්තා. එහි භාවනාවට සූදානම් වීම සඳහා වෙනම ටයිමර් එකක් තිබෙනවා. සූදානමින් පසු භාවනාව සිදු කරන කාලය සඳහාත් වෙනම ටයිමර් එකක් තිබෙනවා. බෙල් එකක් මගින් අපිට එය දැනුම් දෙනවා. එම ඇප් එකේ විවිධ පාරිසරික ශබ්ද පවා තිබෙනවා. මම විනාඩි විස්සකට විතර කාලය සකසලා ටයිමර් එක තියලා වර්ෂාවේ ශබ්දය සමග භාවනාවේ යෙදෙනවා. ගෙදර අයටවත් කිසිම සැකයක් නෑ අපේ ස්වාමීන් වහන්ස. අපේ නිවසේ නිහඬ පරිසරයක් නැහැ. ආනාපානසති වැනි භාවනාවකට මෙය සුදුසු නෑ කියා සිතමි අපේ ස්වාමීන් වහන්ස. මම දැන් බොහෝ ස්ථාන වල මෙම ඇප් එක මගින් බුද්ධානුස්සති, මෛත්‍රී සමඟ සතර කමටහන් වඩනවා. කිසිම කෙනෙක් හිතන්නෙ නැහැ භාවනා කරනවා කියලා. මිනිස් ශබ්ද වලට නිරාවරණය වෙනවාට වඩා කෘතිම වර්ෂාවේ ශබ්දය සමඟ භාවනාව පහසුයි සිතෙනවා අපේ ස්වාමීන් වහන්ස. වෙනදට වඩා වැඩි කාලයක් භාවනාවේ යෙදෙනවා. අසුබයට මෙය යොදාගන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස එහි සජ්ජායනය කිරීමට ඇති නිසා. මෙසේ හුරු වීමේ සුදුසු නුසුදුසු භාවය මා හට අනුකම්පාවෙන් වදාරන සේක්වා. ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය වේවායි පතමි. 🙏🙏🙏 ☸️ පිංවත් අප ස්වාමීන්වහන්සේගේ ධර්‍ම විනයානුකූල පිලිතුර 🪷🙏👉