ප්‍රදීපාගාරය I Episode 28 I ජෝසෙෆ් ස්ටාලින් I Josheph Stalin
Sisira Kumara Bandaragama
0:00 / 0:00
ප්‍රදීපාගාරය I Episode 28 I ජෝසෙෆ් ස්ටාලින් I Josheph Stalin
9 619 просмотров · 3 месяца назад
Sisira Kumara Bandaragama
10,5 тыс. подписчиков
9 619 просмотров · 3 месяца назад
අවුරුදු 300ක රුසියානු සාර් අධිරාජ්‍යයේ පාලනය අවසන් කරල, කොම්රේඩ් ව්ලදිමීර් ඉලිච් ලෙනින්ගේ නායකත්වයෙන් දියත් කරන බොල්ෂෙවික් සමාජවාදී විප්ලවයේ පරමාර්ථය වන්නේ, සියවස් ගණනක සූරාකෑමෙන්, සාර් ආධිපත්‍යයෙන් පීඩාවට පත් වෙලා - අයුක්තියෙන්, අසාධාරණත්වයෙන් හා භීෂණයෙන් දුක් විඳපු රුසියානු අධිරාජ්‍යයේ සියලු ජාතීන්ට නිදහසේ, සමෘධිමත් රාජ්‍යයක, සහෝදරත්වයෙන් හා සතුටින් ජීවත් විය හැකි වාතාවරණයක් ගොඩනැඟීමයි. 1917 ඔක්තෝම්බර් විප්ලයව මගින් ලෝකයේ පලමුවෙනි සමාජවාදී රජය රුසියාවේ පිහිටුවනවා. මෙතෙක් පැවති පාලන තන්ත්‍රය උඩුයටකුරු කරල, දේශපාලන, ආර්ථික, හා සමාජ ප්‍රතිසංස්කරණ ආරම්භ වෙනවා. නමුත් මේ විදියට ඇරඹෙන ෙඑතිහාසික දේශපාලන පරිවර්තන වැඩි කල් නොගිහින් රාජ්‍ය භීෂණයකට මුලපුරනවා. අත්තනෝමතික ආර්ථික තීන්දු වල ප්‍රතිපල හේතුවෙන් මිලියන් ගනනක් සෝවියට් ජනයා සාගතයෙන් මිය යනවා. රාජ්‍ය ද්‍රෝහීන් හැටියට නම්කරමින් දස දහසින් සෝවියට් වැසියන් ප්‍රසිද්ධ උසාවි ඉදිරියේ බලෙන් පාපොච්චාරණය කරවමින් මරා දමනවා. සයිබීරියාවේ වධ කඳවුරු දස දහස් ගනන් කිසිම වරදක් නොකල මිනිසුන්ගෙන් පිරී යනවා. සෝවියට් දේශයේ ජීවත් වූ සිය දහස් ගනන් උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, විද්‍යාඥයන් මේ භීෂණයට ගොදුරු වෙනවා. දශක ගනනාවක් පුරා දිග් ගැසෙන භීෂණයේ අඳුරු වලාකුලු සෝවියට් දේශයේ අහස උසින් කුලුගැන්වෙනවා.
මේ අන්ධකාර යුගයට වගඋත්තර කිව යුත්තෙක් හැටියට - එක පුද්ගලයෙකුට කෙලින්ම ඇඟිල්ල දික්වෙනවා. ඒ තමයි ඉයෝසිෆ් විසරියෝනවිච් ජුගස්විලි - නැතිනම් අපි කවුරුත් අසා තියෙන ජෝසෆ් ස්ටාලින්.
සෝවියට් රාජ්‍ය සමයේදිම, ඔහුගේ මරණයෙන් පස්සේ, ස්ටාලින්ගේ පාලන කාලයේ සිදුවූ අපරාධ පිලිබඳ හෙළිදරව් කෙරෙනවා. සෝවියට් දේශයේ බිඳවැටීමත් සමග රහසිගත ලිපිලේඛණ නිදහස් වෙමින් මේ අන්ධකාර යුගය ගැන තව තවත් විස්තර ලෝකයා අතරට එනවා. මේ එලිදරව්වන් එක්කම දහස් ගණනක් ඔහු නමින් ඉදිකර තිබුනු ප්‍රතිමා, සිත්තම්, උපහාර පෝස්ටර් ඉවත් කරනවා. ඔහුගේ නමින් නම් කර තිබූ නගර, ගම්මාන, විීදි වල නම් වෙනස් කරනවා. උදාරහණයක් හැටියට ස්ටාලින්ග්‍රාද් - වොල්ගග්‍රාද් බවට පත්වෙන්නේ මේ විදියට.
නමුත් ස්ටාලින්ගේ මරණයෙන් අවුරුදු 70 විතර ගත වෙලා අද, නැවතත් ඔහු නමින් රුසියාවේ පිලිම ඉදිවෙනවා. ඔහුගේ ශ්‍රේෂ්ටත්වය ගැන කතා කරනවා. ගුණ ගැයෙනවා. දෙවැනි ලෝක යුද්ධය ජය ගැනීමට ස්ටාලින් විසින් දුන් නායකත්වය විතරක් නොවෙයි දේශපාලන දර්ශණයක් හැටියට ස්ටාලින්වාදය - Stalinism - ලෝකයට කල මෙහෙය ගැන කතා කරනවා.
මෙන්න මේ හේතුව නිසාම, ජෝසෆ් ස්ටාලින් පිලිබඳ මේ වැඩසටහන පිලියෙල කිරීමේදී මට සිද්ද උනා - විශේෂ අවධාණයක් යොමු කරන්න. යම් ප්‍රමාණයකට පොත්පත් ලිපි ලේඛණ, විශේෂයෙන්ම රුසියාවේ හෙළිවුනු අලුත් තොරතුරු- රුසියන් බසින් හෙලිවුනු තොරතුරු පරිශීලනය කරන්න. මං දන්නවා රුසියාවේ විතරක් නොවෙයි ලෝකයේ විවිධ රටවල, අපේ ලංකාවේත් ජෝස්ෆ් ස්ටාලින් වීරත්වයෙන් සලකන අය ඉන්නවා. මේ කිසිවකුගේ විශ්වාස, ඇදහීම් හා අදහස් වලට පදනම් විරහිතව හිංසා නොකිරීමට අප වගබලා ගත යුතුයි. ජෝස්ෆ් ස්ටාලින් කියන්නේ ඉතිහාසයේ විශාල චරිතයක්ය යන්න ගැන විවාදයක් නැහැ.
කවුද ලේඛකයෙක් කියල තියෙනවා - ‘Those who cannot remember the past are condemned to repeat it’. ‘අතීතය අමතක කරන්නන් ඔවුන් පෙර කල වැරදි නැවත නැවත කරනවාය කියල. ඉතින් ඉතිහාසයෙන් අපට ඉගනගන්න පුලුවන් පාඩම් මොනවද කියල හිතා බලන්නත් අපි මේක අවස්ථාවක් කර ගනිමු.