‘හීනය තමයි Formula 1' - යෙවාන් ඩේවිඩ් | Yevan David | BBC News සිංහල
BBC News සිංහල
0:00 / 0:00
‘හීනය තමයි Formula 1' - යෙවාන් ඩේවිඩ් | Yevan David | BBC News සිංහල
43 078 просмотров · 10 месяцев назад
BBC News සිංහල
98 тыс. подписчиков
43 078 просмотров · 10 месяцев назад
ශ්‍රී ලංකාවේ නැගී එන යොවුන් මෝටර් රථ ධාවන ශුරයෙකු වන 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් 2025 යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේ දී රූකී ශූරතාව දිනාගත් පළමු ශ්‍රී ලාංකික ධාවකයා බවට පත් වූ අතර, ඒ අනුව සමස්ත රියදුරන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය ඔහුට හිමිවිය.
මීට පෙර ඔහු Formula 4 සහ Eurocup 3 යන දෙඅංශයෙන් ම ලකුණු ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ අතර FIA Formula 3 ශූරතාවලියට තරග කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත් වී තිබේ.
මෑතකදී සිය මෝටර් රථ ධාවන තරගාවලි අතරතුර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී යෙවාන් බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිය ක්‍රීඩා දිවිය පිළිබඳ තොරතුරු මෙලෙස බෙදා ගත්තේ ය.
00:00 - ‘මං කුසලානයක් ගත්තා ම, මං ඒක ඔසවන්නේ කුසලානය පෙන්නන්න ම නෙවෙයි. ඒ පිටිපස්සේ තියෙන හැමදේම වෙනුවෙන්’
00:42 - ‘දැන් මම Euroformula වල ඉන්නවා. F3 වලට තේරුණා. ඒක සෑහෙන ලොකු ගමනක්’
01:20 - ‘528ක්. ඒ තමයි මම සහභාගී වුණු තරග ගණන’
02:02 - ‘මං ඒ අතරින් රෝල් මොඩ්ල් කෙනෙක් කියලා හැඟෙනවා’
02:26 - ‘ඒක හරියට දැනෙන්නේ, අපි හැමෝම ශ්‍රී ලංකාවෙන් ඉන්න ලොකු කණ්ඩායමක් වගේ’
02:52 - ‘මෝටර්ස්පෝර්ට් හැම වෙලාවේ ම දියුණු වෙමිනුයි තියෙන්නේ’
03:54 - ‘මෝටර්ස්පෝර්ට් ගැන තියෙන ප්‍රධානම දේ තමයි, ඒක මිල අධිකයි’
04:55 - ‘අරමුදල් සම්බන්ධයෙන් විවිධ ආකාරයේ collaborations තියෙන්න පුළුවන්’
05:26 - ‘ඔයාට පොඩිම හරි අවස්ථාවක් තියෙනවා කියලා හිතෙනවා නම්, ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න’
06:19 - ‘මගේ ජීවිතේ, මට වටින ම දේ රේසිං’
06:50 - ‘හීනය තමයි Formula 1. ඒත් එතනට යන එක විතරක්ම නෙවෙයි හීනය’
#yevandavid #euroformula #formula1 #formula3 #motorsports
අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT
------------------------------------------------------------------------------
මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි.
අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්‍රී ලාංකික සහ ගෝලීය ප්‍රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්‍රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්‍යාව, සෞඛ්‍යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය.
අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්‍රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.
ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න:
බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala
ෆේස්බුක් 👉🏽 / bbcnewssinhala
X 👉🏽 https://x.com/bbcsinhala
#BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews