සංචාරක තෝතැන්නකි මීගහකිවුල - For Village Tour Concept
Colleagues' Vessel
0:00 / 0:00
සංචාරක තෝතැන්නකි මීගහකිවුල - For Village Tour Concept
5 158 просмотров · 1 г. назад
Colleagues' Vessel
354 подписчика
5 158 просмотров · 1 г. назад
බදුල්ල නගරයෙන් උතුරට දිසානතව පිහිටි කඳුවැටිවලට අතරමැදිව පිහිටා ඇති මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට වර්ග කිලෝ මිටර් 105 ක පමණ භූමි ප්රමාණයක් අයත් වේ. තවද රිදීමාලියද්ද, කන්දකැටිය, සොරණාතොට, පස්සර, ලුණුගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අතරමැදිව පිහිටයි.
බදුල්ල දිස්ත්රික්කයේ පවතින පාරිසරික හා දේශගුණික විවිධත්වය තුල මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයද වියළි හා සෞමය දේශගුණික කලාපවලින් යුක්ත වේ. නමුනුකුල කදු වැටියට නැගෙනහිර දෙසින් උතුරට දිසානතව ගලා යන ලොග්ගල් ඔය කොට්ඨාසය මැදින් ගලා යන අතර බටහිර මායිමෙන් බදුළු ඔය ගලා බසී.
මහියංගනය හා මුතියංගනය අතර පිහිටා ඇති මීගහකිවුල පුරාණයේ සිට බැතිමතුන්ගේ ගිමන් නිවන ස්ථානයක්ව තිබී ඇත. දුටුගැමුණු රජතුමා හා වලගම්බා රජතුමා සේනාපිරිිවර සමග මුතියංගනය සිට මහියංගනය දක්වා වැටී තිබූ බොරලු පාරේ ගමන් කරන විට ගිමන් නිවා ගැනීම සදහා නතර වී ඇත්තේ දැනට මීගහකිවුල නගරය පිහිටා ඇති ස්ථානයේ තිබූ විශාල මීගසක් අසලය. මෙම මීගස අසල දිය උල්පතක් තිබී ඇත. මී ගස අසල කිවුලක් තිබූ නිසා එම ස්ථානයට මීගහකිවුල යන නාමය පටබැදී ඇත. අදටත් එම ජල උල්පත මීගහකිවුල නගරයේ දක්නට ඇත.
තවද රජවරු සමග ගමන්ගත් සේනාව නවාතැන් ගත් ස්ථානය බලගොල්ල නමින් අදටත් ප්රසිද්ධය. මහියංගනය හා මුතියංගන විහාරවලට මැදිව පිහිටි පුරාණ මැද මහා විහාරය කරඳගහමඩ වසමේ පිහිටයි. මීගහකිවුල නගරයට ආසන්න අකුරුකඩුව ග්රාම නිලධාරී වසමේ පුරාණ වලගම්බා ගිරිලෙන් විහාරය පිහිටා ඇත.
2024 වන විට මෙකී කොට්ඨාසයේ ජනගහනය 21744 ක් විය. මීගහකිවුල වැසියන්ගේ ප්රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වේ. කෝමාරික ඇල ව්යාපාරය හා තල්දෙන ඇල ව්යාපාරය මගින් කොට්ඨාසයේ කෘෂිකර්මාන්තයට අවශය ජලය ලබා ගන්නා අතර, කුඩා කඳුරු හරස් කර සකස් කර ඇති කුඩා අමුණු මගින්ද වී වගාවට අවශ්ය ජලය ලබා ගනී. වී වගාවට අමතරව කුරක්කන්, බඩඉරිඟු, තල, කවුපි, මුං ඇට වැනි බෝග වර්ගද මෙම කොට්ඨාසයේ සුලබව වගා කරයි. ඊට අමතරව හේන් වගාවද සිදුකෙරේ. රෝබේරිය, පිටමාරුව, වටගොම්මන, පොල්වත්ත. වැවතැන්න වැනි කඳුකර ප්රදේශ වල තේ වගාව සාර්ථකව සිදු කරනු ලබයි. මෙම කොට්ඨාසය තුල කර්මාන්ත අංශයේ දියුණුව අවම මට්ටමක පවතී. නමුත් බදුල්ල සිට මහියංගනය හරහා නුවර, පොළොන්නරුව හා මඩකලපුව දෙසට වන මාර්ග මීගහකිවුල හරහා වැටි ඇති බැවින්, කර්මාන්ත අංශයේ ආයෝජනයන් සඳහාද සුදුසු වාතාවරණයක් පවතී.
වනරොද බහුල මීගහකිවුල පෙදෙසේ සංචාරක කර්මාන්තය සඳහා ඵලදායීව යොදාගත හැකි හා ප්රවර්ධනය කළ හැකි ස්ථාන රාශියක් ද වේ. මඩොල්සිම පුංචි ලෝකාන්තය, දිග්ගල හා කිතුලාන වැනි නැරඹුම් ස්ථාන සුවිශේෂී වන්නේ ලොග්ගලා-ඔය ජලාශය ඇතුළු වැවි රාශියක් මෙන්ම මහියංගන චෛත්යය ආදී පුදබිම්, හරිතවන් පරිසරය, කෙත්වතු ආදිය ඉතා පැහැදිලිව වර්ණවත් අලංකෘත සිතුවමක් සේ දිස්වන නිසාය. තවද පුරාවිද්යාත්මක අතින් වැදගත් ස්ථාන මෙන්ම දෙමළාවල ඇල්ල, කාවඩිකඳුර වැනි අලංකෘත දියඇලි රාශියක් හා ලොග්ගල් ඔය හා බදුළු ඔය ද මෙකී දනව්ව ඔස්සේ සන්සුන්ව ගලා බසී.
------------------------------------------------------------------------------
පවස නිවනා...
දිය පොදක් දුන්....
සතා සිවුපා…
රැදෙන වන බිම්...
කෙත් බතින් සරුසාර කරදුන්...
මත්ස්ය සම්පත්...
රැදෙන පිරිපුන්...
දූපතින් සැදි...
සරුසාර බිම් කෙත්...
දකින්නට රිසි...
නේක දන නෙත්...
ලොග්ගල්ඔයයි නුඹ නමින් රැව් දුන්...
නිසඳැස් නිර්මාණය : නිලූකා ප්රියදර්ශනී
නිසඳැස් ගායනය : තනූජා රත්නායක
-----------------------
සියොත් කැළ ගයන ගී…
සුළග නුඹ හා රැදී..
පසන් සුපසන් වතින්…
කදු මුදුන් නුඹ සිඹී…
හමන මද නළට මිස…
කුමට නම් තතු ඉගී…
හැමදාම හැඩවෙයන්...
මදහාස නුඹ දීදී…
නෙක දසන් සිත් තුළට…
නියම තතූ ගෙතු නිතී…
නුඹ නමක් පට බැදන්…
ලක් මවම සරසතී…
නිසඳැස් නිර්මාණය : නිලූකා ප්රියදර්ශනී
නිසඳැස් ගායනය : චන්දිමා ජීවන්ති
----------------------
හීන් හිරිපොද වැදී ගත සිත කිළිපොලා යද්දී
බුදුන් වැඩි මහියංගනේටත් වදිමි පිංබර වී
මඩොල්සිම මුදුනේ වළාකුළු වියන් යට නැවතී
නෙත් පිනවනා බදුළු සිරි හැක බලන්නට අනගී
පුරා සක්වල කරක් ගැසුවත් හමු නොවන දසුනක්
දිටිමි දික්ගල කඳු මුඳුන් සුර පුරය නැඟි විට මං
නමුණු, නාරං කඳුත් පෙනුණා සළුවෙ වෙලි මිහිදුම්
දිව්ය දසුනක් පියවි දෑසින් වින්දා මං හැබැහින්
නිසඳැස් නිර්මාණය : ඔවින්යා සත්සරණි
නිසඳැස් ගායනය : අසන්ති මනුෂිකා
----------------------
⌚ Timestamp
0:00 හැඳින්වීම
13:25 කිතුලාන
16:58 ලොග්ගල්ලා ඔය ජලාශය
23:27 මඩොල්සිම පුංචි ලෝකාන්තය
28:15 දිග්ගල