Kiri Amma Danaya - Seth Kavi (කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි) Chamodhi Hettiarachchi #rajini
Thilina Tharaka
0:00 / 0:00
Kiri Amma Danaya - Seth Kavi (කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි) Chamodhi Hettiarachchi #rajini
346 906 просмотров · 4 г. назад
Thilina Tharaka
5,39 тыс. подписчиков
346 906 просмотров · 4 г. назад
Kiri Amma Danaya - Seth Kavi (කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි) Chamodhi Hettiarachchi #rajini
ගායනය - චමෝදි හෙට්ටිආරච්චි
/ chamo.hettiarachchi.5
සංගීතය - තිලිණ තාරක
/ thilinatharakaofficial
පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ
දානෙට සත් දෙන එන බව දන්නේ
පත්තිනි දෙවියොත් සමග වඩින්නේ
කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ
පළමුව මංසල කවුද සිටින්නේ
නාග දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
දෙවනුව මංසල කවුද සිටින්නේ
සමන් දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
තෙවනුව මංසල කවුද සිටින්නේ
දැඩිමුණ්ඩ දෙවි සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
සිව්වනු මංසල කවුද සිටින්නේ
විෂ්ණු දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
පස්වන මංසල කවුද සිටින්නේ
කඳ කුමරුන් සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
සයවන මංසල කවුද සිටින්නේ
ගම්භාර දෙවි සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
සත්වන මංසල කවුද සිටින්නේ
සත් පත්තිනි දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
පුදා මෙරඟ සරසන මල් මාලා
සදා සුවඳ කිරි කැවිලි ද දාලා
නඳා අවට බබළන රැස් මාලා
සදා දිනිඳු ලෙස තෙද බල පාලා
පරසිඳු පත්තිනි හට කළ පිනිපා
කරමින් දින දින පිරිපත දුරපා
හැර ගල් මුල් වැහි හිරු රැස් දුරපා
අරමුණු කළ බිම නමදින් තෙදපා ......
#rajini #sethkavi #kiriammadanaya