Перейти к содержимому

🛑බොදු හදවත් ගිනිබත් කළ, මතු අනතුර ලොවට කියන "ශාරිපුත්‍ර ධාතූ ස්තූපය" සහිත ලෝක උරුම "සරසවි බිම" 🍭

දහම් සේසත (Daham Sesatha)

0:00 / 0:00

🛑බොදු හදවත් ගිනිබත් කළ, මතු අනතුර ලොවට කියන "ශාරිපුත්‍ර ධාතූ ස්තූපය" සහිත ලෝක උරුම "සරසවි බිම" 🍭

146 просмотров · 2 дня назад
දහම් සේසත (Daham Sesatha)
19,2 тыс. подписчиков
146 просмотров · 2 дня назад
🍭ලෝක ප්‍රකට ඉපැරණි නාලන්දා විශ්වවිද්‍යාලය (Ancient Nalanda University) ඉන්දියාවේ, වත්මන් බිහාර් ප්‍රාන්තයේ රජගහනුවරට කි.මී. 10 ක්‌ පමණ උතුරු දෙසින් වන්නට පිහිටා තිබේ. ක්‍රි.ව.5 වන සියවසේදී ආරම්භ වූ මෙය, ලොව ප්‍රථම මහා ආරාම විශ්වවිද්‍යාලවලින් එකක් ලෙස සැලකේ. ශාරිපුත්‍ර තෙරුන් ජන්මලාභය ලැබූ ග්‍රාමය වන මෙම නාලන්දාව බුදුපාමොක් මහසඟරුවනේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයටද පාත්‍ර වූවකි. රටවල් ගණනාවකින් දස දහසකට අධික ගිහි පැවිදි දෙපිරිසටම වසර පන්සියයකට ආසන්න කාලයක් පුරා නාලන්දා සරසවියේ ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම් කටයුතු සිදුකර තිබේ. බුදු දහම, දර්ශනය, තර්ක ශාස්ත්‍රය, ගණිතය, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ භාෂා අධ්‍යයනය වැනි විෂය ක්ෂේත්‍ර රැසකට මෙම සරසවිය ප්‍රසිද්ධියක් උසුලා ඇත. චීන ජාතික භික්ෂූන් වූ හියුං සාං සහ ඉ-ත්සිං වැනි ප්‍රකට විද්වතුන් මෙහි අධ්‍යාපනය ලැබූ අතර, ඔවුන්ගේ වාර්තා මගින්ද නාලන්දා විශ්වවිද්‍යාලයේ ශ්‍රී විභූතිය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කෙරෙයි. 👋12 වන සියවසේදී ඉස්ලාමීය ආක්‍රමණ හේතුවෙන් මෙය විනාශයට පත් වූ නමුත්, පුරාවිද්‍යා කැණීම් මගින් එහි නටඹුන් අදටත් දැකගත හැකියි. මෙම ස්ථානය අද "ලෝක උරුමයක්" ලෙස නම් කර තිබේ. අතීත භාරතයේ පැවති තක්‌ෂිලාව, වික්‍රමශීලා ආදී ඉහලම අධ්‍යාපන කෙන්ද්‍රස්ථානයන් අතුරින්ද මෙම නාලන්දාව ප්‍රධාන වෙයි. මෙහි අධ්‍යාපනය හැදෑරූ පිරිස පහළොස්‌ දහසකට ආසන්නය. ආචාර්ය මණ්‌ඩලය එක්‌දහස්‌ පන්සියක් හා තවත් සහායක සේවක මණ්ඩයකින් යුක්ත විය. විශ්වවිද්‍යාලය වටා සුවිසල් තාප්ප, ඇතුළත දේශනශාලා, භෝජන ශාලා, නේවාසිකාගාර, සංඝාවාස, විහාර ගෙවල් හා පොකුණු ආදියෙන් සමන්විත වේ. කි.මී. 10ක්‌ දිගින් හා කි.මී.5ක්‌ පළලින් යුතු භූමි භාගයක් පුරා විහිදුණ ගොඩනැඟිලි ආදී නටඹුන් උසස්‌ ගෘහ නිර්මාණ ශිල්පයකට උරුමකම් කියයි. මෙම ගොඩනැගිලි මහල් දහයක්‌ උසටද, තවත් සමහරක්‌ මහල් හතරක්‌ උසට ද ගොඩනඟා තිබුණි. ක්‍රි.ව.1192 දී මොහොමඩ් බක්‌තියාර් නමැති ආක්‍රමනිකයා, පන්දහසක සේනාවක්‌ සමග මෙහි පැමිණ දන් වළඳමින් සිටි ශිෂ්‍ය භික්‌ෂූන් වහන්සේලා ඇතුළු දහස්‌ ගණනක්‌ පිරිස නිරපරාදේ සිරකර ගිනිතබා ජීවිතක්‍ෂයට පත්කළහ. ඊට දායක වූ ඔහු ඇතුළු සේනාවටද වැඩිකල් යාමට මත්තෙන් ස්වභාවික විපතකින් මරණය පත්වී ඇත. මෙහි තිබූ පුස්‌තකාල ගණනාවක දසදහස් ගණන් අගනා පොත්පත් මාස හයක්‌ තිස්‌සේ සහ ධාන්‍ය ගබඩා මාස තුනක්‌ තිස්‌සේ ගිනිගනිමින් තිබී ඇත. මෙහි කැණීම්වලදී එසේ දැවී ගිය ධාන්‍ය කොටස්‌, මිනිස්‌ ඇටසැකිළි හා පිළිස්සුණු බිත්ති ආදිය හදුනාගෙන තිබේ. 🌸 "සැරියුත් තෙරුන් උපන් නාලන්දාවේ ශාරිපුත්‍ර ධාතූ ස්තූපය සහිත ලෝපතළ බොදු මහ සරසවි ලෝක උරුම භූමිය" 🌺 🌾මීළඟට... 👉 "බුදු රදුන් වැඩසිටි රජගහ නුවර ගිජ්ජකූට පර්වතය" 👇මීට පෙර වැඩසටහන් පහත ලින්ක් ක්ලික් කර නැරඹිය හැකිය. 1. ලුම්බිණි සල් උයන    • දැක බලා පහන් සංවේගය උපදවා ගතයුතු සිදුහත් ක...   2. කිඹුල්වත්පුරය    • කිඹුල්වත්පුර කපිලවස්තු රාජ්‍යය (-ශාක්‍යයන්...   3.කපිලවස්තුපුරනිග්‍රෝධාරාම    • කපිලවස්තුපුර "මහවනයේ" සුදොවුන් රජු ඉදිකළ "...   4. නිසැක සර්වඥ ධාතූ හමුවූ පිප්‍රාවා ස්ථූප ශාක්‍ය අගනුවර    • කපිලවස්තුපුර නිසැක ශ්‍රීසර්වඥ ධාතූ මංජුසා ...   5. කපිලවස්තුපුර ගන්වාරියා ස්ථූප ශාක්‍ය ජනාවාස පින්බිම    • ඉන්දීය - නේපාල දේශසීමා ආසන්නයේ පිහිටි, ශාක...   6. දුර්ගේෂ්වරී ප්‍රාග්බෝධිය    • බෝසතාණෝ සය වසරක් දුෂ්කරක්‍රියා කළ දුර්ගේෂ්...   7. සේනානි නියම්ගමේ සුජාතා ස්ථූපය හා අජපල් නුගරුක    • සේනානි නම් නියම්ගමේ සුජාතා සිටු මාලිගය, ගු...   8. බරණැස සම්මුඛ චෛත්‍ය    • පස්වග මහණුන් සම්මුඛ වුණ තැන ඉදිවූ චෛත්‍යය ...   9.ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටිය සහ ධම්මරාජික - ධම්මික ස්තූප    • 👌බරණැස ඉසිපතන මිගදාය 'ධම්මරාජික ස්ථූපය' 'ම...   10. බුදුහිමි වැඩිම කලක් වැඩසිටි අනේපිඬු සිටුතුමා පූජාකළ ජේතවනාරාමය    • 🌕අනේපිඬු සිටුතුමා පූජාකළ බුදුරදුන් වැඩිම ක...   11. ජේතවනාරාමයේ රෝපිත ආනන්ද බෝධීන් වහන්සේ    • 🫲බුදුන් දවස සැවැත් නුවර ජේතවනාරාමයේ රෝපිත ...   12. අනේපිඬු සිටු මාලිගය    • 🔆සැවැත් නුවර, අසූකෙලක් ධනය තිබූ ජේතවනාරාමය...   13. අංගුලිමාල ස්තූපය    • 💮"අංගුලිමාල පිරිත" සජ්ඣායනා කළ සැවැත් නුවර...   14. ගන්ධබ්බ රුක්ක මූලය    • ☝තීර්ථක දමනය, යමක මහ ප්‍රාතිහාර්ය, දෙව්ලොව...   15. දේවාරෝහණය සිදුවූ සංකස්සපුර නග‍ර ද්වාරය    • 🔆බෝසත්වරු බුදුබව පතන, සියලු බුදුවරුන්ගේ පා...   🌸 🏵️ 🌸 🏵️ 🌸 🏵️ 🌸 🏵️ 🌸 #NalandaUniversity #UNESCO #දිසිරුවන_disiruwanatv #viral #AncientNalanda #නාලන්දාව #සාරිපුත්තසෑය #historyofindia #සැරියුත්_තෙරුන්_උපන්ගම #නාලන්දා_සරසවිය #බුදුදහම #නාලන්දාවිශ්වවිද්‍යාලය #BuddhistHistory #dhamma #SinhalaTravel #BiharTourism #ඉතිහාසය #WorldHeritage #TravelIndia #AncientWisdom #Archaeology #Xuanzang #KnowledgeIsPower #භාරතය #AncientCivilization #දඹදිව #TrendingHistory #buddhism #EducationalVideo #budaya 🛑බොදු හදවත් ගිනිබත් කළ, මතු අනතුර ලොවට කියන "ශාරිපුත්‍ර ධාතූ ස්තූපය" සහිත ලෝක උරුම "සරසවි බිම" 🍭 .................................................... 👉ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: https://bit.ly/3x6WwAP ►► Facebook Page: http://bit.ly/3Z1XVGp ►► Facebook Group: https://bit.ly/30HMTg4 ►► Tiktok: http://bit.ly/3zc7vuB ................................................... සැ.යු :- සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට Only WhatsApp Massage: 071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න) තෙරුවන් සරණයි🙏🙏🙏 ................................................... #දහම්සේසත_DahamSesatha #දිසිරුවන_DisiruwanaTV #සාහිතපොත්පියස