Перейти к содержимому

සුනාථ 03 | සදහම් පාරුව | සවනින් මනසට, මනසින් දිවියට, දිවියෙන් එතෙරට | නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය

Nillamba Deshana | නිල්ලඹ දේශනා

0:00 / 0:00

සුනාථ 03 | සදහම් පාරුව | සවනින් මනසට, මනසින් දිවියට, දිවියෙන් එතෙරට | නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය

473 просмотра · 1 г. назад
Nillamba Deshana | නිල්ලඹ දේශනා
1,85 тыс. подписчиков
473 просмотра · 1 г. назад
නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක කල්‍යාණ මිත්‍ර උපුල් නිශාන්ත ගමගේ මහතා පවත්වනු ලැබූ දහම් කරුණු ගැඹුරෙන් විග්‍රහ කරදෙන ධර්ම දේශනා මාලාවේ තෙවෙනි වැඩසටහන(2025.05.25) සුනාථ - 3 දේශනා ප්‍රාතිහාර්යය සහ අපේ විඤ්ඤාණයේ ගමන සමහර විට ඔබ මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටියත්, නොයෙක් හේතූන් මත ඊට සහභාගී වීමට නොහැකි වෙන්ට ඇති. සාකච්ඡාවට සවන් දුන්නත් එහි අන්තර්ගත ගැඹුරු කරුණු සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීම අපහසු වෙන්නත් ඇති. ඒ නිසා මේ සාරාංශ සටහන වැදගත් වේවි. පසුගිය දේශනා දෙකේදී සාකච්ඡා කළ කාරණා සාරාංශ කොට පළකර තිබෙනවා. ඒවත් නැවත කියවන්ට පුළුවන්. YouTube වීඩියෝ නැවත අහන්නත් පුළුවන්. ආර්ය මාර්ගයේ වැදගත්ම ප්‍රාතිහාර්යය: දේශනා ප්‍රාතිහාර්යය ලෝකයේ නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්යයන් තිබුණත්, අහසේ යාම, දියේ ඇවිදීම, නැති දේ මැවීම වැනි අපූරු දේවල් තිබුණත්, මේ සියල්ල අතරින් අති විශිෂ්ටතම ප්‍රාතිහාර්යය ලෙස සැලකෙන්නේ දේශනා ප්‍රාතිහාර්යය. නමුත් මේ ප්‍රාතිහාර්යය නිකම්ම අහසට හෝ ගලකට බණ කීමෙන් සිදුවන්නේ නෑ. එය සිදුවීමට නම් අනිවාර්යයෙන්ම සිතකට හෝ විඤ්ඤාණයකට දේශනා කරන්ට ඕනේ. එනම් ශ්‍රාවකයෙකු සිටිය යුතුමය. මේ ශ්‍රාවකයා මනුෂ්‍යයෙක්ම වීම අවශ්‍ය නැහැ, නමුත් විඤ්ඤාණයක් තියෙන්ට ඕනේ. දේශනා ප්‍රාතිහාර්යයේ ස්වභාවය මෙම ප්‍රාතිහාර්යය මිච්ඡා දිට්ඨියෙන් (වැරදි දැකීමෙන්) යුක්ත වූ විඤ්ඤාණයක් සම්මා දිට්ඨියට (නිවැරදි දැකීමකට) පත් කිරීමයි. මිච්ඡා දිට්ඨියේ සිට සම්මා දිට්ඨියට විඤ්ඤාණයක් පරිණාමය වීම සිදුවන්නේ දේශනා ප්‍රාතිහාර්යයෙන්. වෙනත් කිසිම ප්‍රාතිහාරයකට මෙය කළ නොහැකියි. මිච්ඡා දිට්ඨිය යනු අනිත් දේවල් ගැන නොව, තමන් පිළිබඳවම ඇති වැරදි පිළිගැනීම් සමූහයක්. මෙය මහත් පටලැවිල්ලක්, අවුලක්. දේශනා ප්‍රාතිහාර්යය මගින් කරන්නේ මෙවැනි අවුල් වූ විඤ්ඤාණයක් නිරවුල් කර, නිවැරදි දැකීමකට පත් කිරීමයි. මෙය එසේ මෙසේ ප්‍රාතිහාර්යයක් නොවේ. මිච්ඡා දිට්ඨිය යනු කුමක්ද? සරලව කිවහොත්, මිච්ඡා දිට්ඨිය යනු තමන්ව විපතට හෙළන, පීඩාවට පත් කරන, අසහනයට පත් කරන දේ සැප යැයි සිතීමත්, ඇත්තටම තමන්ට සහනය සලසන, නිදහස සලසන, සැනසිල්ලට පත් කරන දේ දුක යැයි සිතීම. මෙය ගැඹුරු මෝහයක්. දුක සැප විදිහටත්, සැප දුක විදිහටත් අපිට පේන්නේ නෑ. මෙහිදී අපි විඤ්ඤාණය පටලවාගෙන ඉන්නෙ. සාරාංශය ; තණ්හාව: නොනිමෙන පිපාසාව අප මේ මෝහනයෙන් රැවටී සිටින එක් ප්‍රධාන ආකාරයක් නම්, ආශාවන් ඉෂ්ට කරගැනීම සැපය යැයි සිතීම. යම් කිසිවකට ආශාවක් ඇති වූ විට එය ලබාගැනීම සැපයක් ලෙස අප දකිනවා. කැමති දේ කරගැනීමට නොහැකි නම් දුකක් ලෙස දකිනවා. මේ තණ්හාව පිළිබඳ සමීකරණයයි. මිච්ඡා දිට්ඨියෙන් යුක්ත විඤ්ඤාණය සවන් දෙන්නේ තණ්හාව නම් වූ දේශකයාටයි. තණ්හාව නම් වූ දේශකයා කියන්නේ 'ඔයාට දුක තියෙන්නේ ඕන දේ කරගන්න බැරි හින්දා’නේ. තණ්හාව කිසිවිටෙකත් තමන් වෙතට ඇඟිල්ල දික් කරගන්නේ නැහැ, වෙන දෙයක්ම පෙන්වනවා. දුකට හේතුව තණ්හාව බව පෙන්වනු ලබන දෙයක් නොවේ. තණ්හාව යනු නොසන්සිඳෙන පිපාසාවක්. එය මුහුදු වතුර පානය කිරීම වගේ. මුහුදු වතුර බොන්න බොන්න පිපාසය තවත් වැඩිවෙනවා. තණ්හාව නමැති මුහුදු වතුර පානය කරන තරමට පිපාසාව තව තව වැඩි වෙනවා මිස අඩුවන්නේ නැහැ. තණ්හාවේ විපාක සහ කායික දුක අපි මේ තණ්හා සාගරයේ අතරමං වී සිටින්නේ. නොනිමෙන පිපාසාව සංසිඳුවා ගැනීමට අප කරන්නේ තව තව තණ්හාව නැමැති මුහුදු වතුර පානය කිරීම. අතීත තණ්හාවන්ගේ විපාක පෝලිමේ පැමිණෙන්නේ පසුව, විශේෂයෙන් වයසට ගොස්, ලෙඩ වූ විට. මේ විපාක වැඩි වශයෙන් ලැබෙන්නේ කයට. මෙසේ කායිකව විඳවන ව්ට අප ජීවිතයට බැන වදිනවා, දුකට හේතුව ජීවිතය යැයි කියනවා. නමුත් දුක ඇතිවන්නේ ජීවිතය හින්දා නොව, තණ්හාව නිසා. තණ්හාව නැති කළොත් දුක නැතිවෙයි. ඇත්තටම පංච මහා භූතයන්ගෙන් හැදුණු මේ කයම තණ්හාවේ දඬුවමක්. නමුත් මිච්ඡා දිට්ඨි විඤ්ඤාණයට මේ කය පෙනෙන්නේ තෑග්ගක් ලෙසට. කයට දුක් විඳවන්න පටන් ගත් විට බණ ඇසීම පවා අමාරු වෙනවා. ඒ නිසා කය නිරෝගීව තිබෙන තාක් දුරට දහමට සවන් දීම වැදගත්. දේශනා ප්‍රාතිහාර්යයට ශ්‍රාවකයාගේ දායකත්වය දේශනා ප්‍රාතිහාරයක් සිදුවීමට නම්, සවන් දෙන විඤ්ඤාණය නම්‍යශීලී වෙන්න ඕනේ. මෙය ඉතාම වැදගත් කාරණයක්. මෙහිදී සුවච බව සෝවචස්සතා යන ගුණය අවශ්‍ය වෙනවා. සුවච වීම යනු කීකරු වීම යන සරල අර්ථයට එහා ගිය දෙයක්. සෝවචස්සතා යනු තවත් කෙනෙකුට ඇමතිය හැකි කෙනෙකු බවට පත්වීම. එනම්, දේශකයාට තමා ගැන කතා කිරීමට, තමන්ව මාතෘකා කරගැනීමට ඉඩ දීම. සාමාන්‍යයෙන් අප අනුන්ගේ දේවල් ගැන කතා කිරීමට ඉඩ දුන්නත්, තමන්ගේ අභ්‍යන්තරය ගැන කතා කිරීමට එතරම් ඉඩ දෙන්නේ නෑ. මෙය මමත්වයේ ලක්ෂණයක්. එසේ ඉඩ දීමට නිර්භීත බවක් සහ එඩිතර බවක් අවශ්‍ය වෙනවා. යමක් අසන විට, විශේෂයෙන් තමා ගැන කියවෙන බව දැනෙන විට, සිත තුළින් විරෝධයක් හෙවත් ප්‍රතවිරෝධයක් පැමිණෙනවා. මෙය සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. මෙම විරෝධය දේශකයාට දැනෙනවා, එය දේශනයේ සුමට ගලායාමට බාධා කරනවා. මෙම විරෝධය පැමිණෙන්නේ මමත්වයෙන් අභ්‍යන්තර පද්ධතියෙන්. තමාට හානියක් හෝ පාඩුවක් සිදුවෙතැයි සිතා (ඇත්තටම නැතිවෙන්නේ මිච්ඡා දිට්ඨියයි) මෙම විරෝධය ඇති වෙන්නේ. මෙම විරෝධය විවිධ විතර්ක (තර්ක, අදහස්) ලෙස ඇති වෙන්ට පුළුවන්. මේවා ඇහුම්කන් දීමට බාධාවක්. ඒවා බටනලාවක හිර වූ දේවල් මෙන් සංගීතය පැමිණීම වළක්වනවා. ශ්‍රාවකයාගේ විඤ්ඤාණය හිස් නලයක් බවට පත්විය යුතුයි. සිහි බුද්ධිය තිබුණහොත් මේ විතර්ක හඳුනාගෙන ඒවා අතහැරීමට පුළුවන්. පරිවර්තනය තමා විසින්ම කරගත යුතු දෙයක් මිථ්‍යා දිට්ඨියේ සිටින විඤ්ඤාණය සම්මා දිට්ඨියට පත් කිරීමේ "කොන්ත්‍රාත්තුව" කාටවත් භාර දෙන්ට බැහැ, භාරගන්නත් බැහැ. මිථ්‍යා දිට්ඨියේ ඉන්නා විඤ්ඤාණයමයි එය කරගන්ට ඕනේ. එසේ කරන්ට බැහැ කියල තමයි මිථ්‍ යාදිට්ඨියට පෙනෙන්නේ. දේශනාවෙන් දෙන්නේ ඒ බැරි ටිකට උදව්වක්, තල්ලුවක් විතරයි. එක් පැත්තකට නැවී ඇති ගසක් අනෙක් පැත්තට පෙරළීමට පිටතින් බලයක් අවශ්‍ය වෙනවා වගේ, සම්මා දිට්ඨි පැත්තට නැමෙන්න බරවෙන්න අර උදව්ව අවශ්‍ය වෙනවා. තෙරුවන් සරණයි.