මේ සම්බුද්ධ ශාසනයේ අවසාන බුද්ධ පූජාව කරන මනුෂ්‍යයා.. මේ මේ මල්ටික පූජා කරන්නේ මොකටද කියල..
Ranmal Lasantha
0:00 / 0:00
මේ සම්බුද්ධ ශාසනයේ අවසාන බුද්ධ පූජාව කරන මනුෂ්‍යයා.. මේ මේ මල්ටික පූජා කරන්නේ මොකටද කියල..
84 просмотра · 1 месяц назад
Ranmal Lasantha
49,9 тыс. подписчиков
84 просмотра · 1 месяц назад
Ven Matara Mahinda Thero - Neth FM Dharma Dakshina 2026-08-16
පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ නෙත් FM ධර්ම දක්ෂිණා 2026-08-16
පරප්පසාදක ථේර අපදාන වර්ණනාව, අපදාන පාළියේ පරප්පසාදක මහා රහතන් වහන්සේ පිළිබඳව අපි ගිය සතියේ කතා කරා
අද අපි කථා කරමු බුදුරජාණන් වහන්සේ වඳින්න යොදාගන්න පුළුවන් උතුම් වූ ගාථා රතනයන් කිහිපයක තේරුම අද අපි සාකච්චා කරමු.
බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙච්ච කාලයේ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක හරිම දුර්ලභයි.
මේ වෙලාවේ බුද්ධ ශාසනයක් තිබෙන කාලයේ අපි මනුෂ්‍ය ජීවිතයක් ලබල තිබෙනවා ඒ කෙනා බොහෝ ප්‍රඥාවන්ත නම් බුදුරජාණන් වහන්සේට බුද්ධ උපස්ථාන කර කර ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නම් කරන්නේ නැහැ
බුදුරජාණන් වහන්සේ නමකට පුජාවක් කරොත් එහි ආනිසංස කොතරම් ද කියල උදාහරණයකින් පැහැදිලි කරොත්..
යොදුන් දසදහසක පැතලි බිමක
මේ සියළු ආර්යයන් වහන්සේලාට අෂ්ඨ පරිස්කාර සහිතව දානය දුන්නම ලැබෙන ආනිසංස, එක බුදුරජාණන් වහන්සේ නමකට අපි කරන බුද්ධ පූජාවෙන් ලැබෙන ආනිසංසයෙන් සොළොස් කලාවෙන් එකක් වත් නොමැති බව. අන්න ඒ තරම් මහා ආනිසංසයක් තමයි මේ එක බුදුරජාණන් වහන්සේ නමකට සිදු කරන එක පූජාවක්.
බුදුරජාණන් වහන්සේට අපි පුජාවක් කරද්දී පුළුවන් තරම් අපි ඒ දේ සිදු කරන්න ඕන ජීවමාන සංඥාවෙන්.
කොහොමද බුදු රජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය සිදු වෙන්නේ..
කාලයක් ගියාම මේ චෛත්‍යය ගරා වැටිලා කන්දක් වගේ දිස් වෙනවා.
තව ඉස්සරහට මේ අපිට මේ සම්බුද්ධ ශාසනයේ පිහිටක් ලබාගන්න අමාරුයි. මෙය එන්න එන්න පිරිහෙනවා. එය නතර කරන්න බැහැ, ශාසනය පිරිහෙන්න ගත්තට තමන් නොපිරිහෙන්නේ නැතුව ඉන්න ඕන.
මේ ගරා වැටිලා තිබෙන කන්දක් වගේ තිබෙන මේ චෛත්‍යය වඳින්න යනවා මේ මනුස්ස්සයා මල් අරගෙන හරියට චාරිත්‍රයක් වගේ. මේ මනුස්සයා කල්පනා කරනවා මම මොකටද මේ මල් අරගෙන කන්ද වඳින්නේ, මොකද්ද මෙයින් මට ලැබෙන ප්‍රයෝජනය කියල. මේ චෛත්‍යයක් කියල මෙහි ප්‍රයෝජනක් නැහැ කියල දන්නේ නැහැ. මේ මනුස්සය මේ මල් ටික අරගෙන මඟක් දුර ගිහින් මේකේ පූජා කරලා වැඩක් නැහැ කියල හැරිලා යන්න යනවා. අන්න අර මනුස්සයා මේ පුජාව කරන්න හිතාගෙන යන දුර දක්වා ඒ මනුෂ්‍යයාට පිනක් සිදු වෙනවා. අන්න ඒ මනුෂ්‍යයා තමයි බුදුරජාණන් වහන්සේට අන්තිම පූජාව
මෙන්න මේ අන්තිම මනුෂ්‍යයා මේ මල්ටික දාල ගියාම..
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න.
බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය වෙන දවසේ කිසිම මනුෂ්‍යයෙක් නැහැ ඒ වෙලාවේ වැඩම කරලා සිටින්නේ දෙවියන් විතරයි. මනුෂ්‍යයන් ලෝකයේ ජීවත් වුණත් කිසි කෙනෙක් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ධාතු පිරිනිවී යනවා කියල මේ දවසට.
කෝටියක් සක්වළ වැඩිම ධාතු ප්‍රමාණයක් ලංකාවේ පිහිටන්න බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරේ කුමන හේතුවක් නිසාද ?
මේ ලෝකයේ වැඩිම පිරිසක් බුදුරජාණන් වහන්සේට පුද පූජා කරන්නේ ශ්‍රී ලංකාවේ.
එක වෙලාවක බුදුරජාණන් වහන්සේට කරන්න උතුම්ම පූජාවක්..
සුගත චීවරයක් පූජා කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට
ජීවිතේ එක වතාවක් හරි එක පාන වර්ගයක් පූජා කරන්න. ආයෙත් අපේ පිංවතුන්ට මේ වගේ උපස්ථානයක් කවදා කරන්න වෙයිද දන්නේ නැහැ.
මේ ලෝකයේ ඉන්න නිර්භයම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ
ගාථා 04 තේරුම අපි කෙටියෙන් සාකච්චා කරමු.
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න.
පණ්ඩු කම්බල ශෛලාසනය උස යොදුන් 15 දිග යොදුන් 60යි පළල යොදුන් 10යි.
උත්තර මානවකයා මාස 06ක් බුදුරජාණන් වහන්සේ දිහා ඇහැ ගහගෙන හිටියා බුදුරජාණන් වහන්සේගේ වැරදි අඩු පාඩු හොයාගන්න. කිසි වරදක් හොයාගන්න බැරි වුණා.
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න.