Перейти к содержимому

කෙනෙක් හොඳ දේවල් කරන කොට ඒ කෙනාට නරකම වෙනකොට හොඳ දේවල් කරාට වැඩක් නැහැ කියල හිතෙනවා. ඒ වුණාට

Ranmal Lasantha

0:00 / 0:00

කෙනෙක් හොඳ දේවල් කරන කොට ඒ කෙනාට නරකම වෙනකොට හොඳ දේවල් කරාට වැඩක් නැහැ කියල හිතෙනවා. ඒ වුණාට

66 просмотров · 1 мес. назад
Ranmal Lasantha
49,9 тыс. подписчиков
66 просмотров · 1 мес. назад
Ven Matara Mahinda Thero - Neth FM Dharma Dakshina 2026-08-23 පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ නෙත් FM ධර්ම දක්ෂිණා 2026-08-23 අංගුත්තර නිකායේ පළවෙනි පොතේ තික නිපාතයේ සඳහන් සූත්‍රයක් ඇසුරෙන් අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම මිනිස්සු හරි ආතතියකින් ජීවත් වෙන්නේ බොහෝ දෙනෙකුට ප්‍රශ්ණ. ලෙඩ රෝග, ස්වභාවික උපද්‍රව.. මේ නිසා සමහරු බොහෝ ආතතියෙන් ජීවත් වෙනේ මේ වගේ තත්වයකට පත් වෙන්න මොකද්ද හේතුව, නිකමට හරි කල්පනා කරලා බැලුවද, මේකට පිළිතුරක් හැටියට දෙනවා නම් දෙන්න තියන එකම පිළිතුර තමයි අපේ ගුණ වල එහෙමත් නැත්නම් සිල් වල තිබෙන අඩු පාඩු කම්. ස්වභාව දහම හැම වෙලේම අපිට අනුග්‍රහ කරන්නේ අපේ සිල් බලල සීලය දුර්වල නම් ස්වභාව දහම උදව් කරන්නේ නැහැ. ධර්මපාල ජාතකය ඇසුරෙන් උදාහරණ යම්කිසි රටක් ධාර්මික වෙන තරමට ඒ රටට ස්වභාව ධර්මය උපකාර කරන හැටි. යම්කිසි රටක පිරිසක් සිල්වත් වෙන්න වෙන්න තමයි ඒ රටට ස්වභාව ධර්මයේ ආශිර්වාද කරන්නේ.. මම කියන්නේ මේ කාලයේ අපේ ලංකාවටත් වෙලා තියෙන්නේ අන්න ඒ වගේ කාල පරිච්ච්ජේදයක් කියල. එක දවසක් මේ මහා සාල ( බොහෝ ධනවත් කියන අරුත ) බමුණෙක් බුදුරජාණන් වහන්සේ ලඟට ඇවිල්ල මෙහෙම ප්‍රශ්ණයක් අහනවා. ස්වාමීනි ඒ කාලයේ මේ භූමිය ගොඩාක් ජනාකීර්ණ බව අහල තිබෙනවා. කුක්කුට සමපාත උදාහරණය, ඒ තරම් මිනිස්සු හිටපු ලෝකයේ අද මෙතරම් මිනිස්සු ගහණය අඩු මොකද මේ ලෝකයේ කෙළෙස් ධර්ම 03ක් බලවත් වෙනවාද එදාට මිනිස්සු මේ ලෝකයේ ආකාර 03කට විනාශ වෙලා යන බව. අධර්මරාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය අධර්මරාගය කියන්නේ නුසුදුසු තැන් වල රාග සිත් ඉපදවීම, තමන්ගේ සහෝදරයන්, සහෝදරියන්, මවගේ පාර්ශ්වය, පියාගේ පාර්ශවය, එහෙම නැත්නම් මව පියා සමඟ රාගයෙන් හැසිරීම තමයි මේ අධර්මරාගය විෂම ලෝභය කියන්නේ තමාටා අයත් නැති දෙයක් පිළිබඳ ලෝභය ඇතිවීම , තමන්ට අයිති නැති වස්තුවක් තමන්ට අයිති කරගන්න කටයුතු කිරීම විෂම ලෝභය. අනුන්ගේ ධනය සොරාගන්න සැළසුම් කිරීම, වෙන කෙනෙකුට උසස්වීමක් තනතුරක්, කීර්තියක් ප්‍රසංශා ලැබෙන කොට එයට විරුද්ධව කටයුතු කිරීම. අනුන්ගේ කීර්ති ප්‍රසංසා වලට ගරහන්න එපා සංසාරයේ අපිට ලැබෙන්න තිබෙන කිර්ති ප්‍රසංසා මේ නිසා නැති වෙලා යන්න පුළුවන්. කුණ්ඩදාන තෙරුන් ගේ කතාවෙන් උදාහරණ තවත් කෙනෙකුට ලැබෙන දෙයක් වළක්වල ඒ දේ ඒ කෙනාට ලැබෙන එක වළක්වන්න එපා. අපි දන්නේ නැහැ නේ අපේ හිත තිබෙන අඩු පාඩු කම්, කවදාවත් තවත් කෙනෙකුට අයිති දෙයක් තමන් ලබන්න උත්සාහ කරන්න එපා. විෂම ලෝභය කියන ක්ලේශයට ස්වභාව ධර්මය වෙනස් කරන්න පුළුවන් නම් එය අපේ සංසාරයට කොතරම් භයානක තත්වයක් ඇති කරන්න පුළුවන්. පවුලේ ප්‍රශ්ණ යාළුකමට කෙනෙකුට කිව්වම ඒ කියල යාළුවා එකෙන් ප්‍රයෝජනට ගන්නවා. එක්කෝ වැරදි කාමයේ හැසිරෙනවා, නැත්නම්.. පුළුවන් නම් ඒ ඒ පවුල් ප්‍රශ්ණ විසඳන කෙනෙක් වෙන්න, ප්‍රශ්ණ වලින් අයුතු ප්‍රයෝජන ලබන්නේ නැතුව ඒ ප්‍රශ්ණ විසඳන්න උදව් කරන්න. ජීවිතයේ හැම තිස්සෙම තවත් කෙනෙක් පිළිබඳව... මිථ්‍යා ධර්මය කියන්නේ මොකද්ද ? අද කාලයේ මිථ්‍යා ධර්මය කතා කරන්න අපහසුයි, මොකද මේ සමාජයේ හදල තිබෙන මතවාදය අනුව . හොඳ දේවල් වපුරන කෙනාට හොඳ දේවල් ද, නරක දේවල් වපුරන කෙනාට නරක දේ තමයි ලැබෙන්නේ. කෙනෙක් හොඳ දේවල් කරන කොට ඒ කෙනාට නරකම වෙනකොට හොඳ දේවල් කරාට වැඩක් නැහැ කියල හිතෙනවා කොච්චර අමාරු වුණත් අපි ලෝකයේ ඇත්ත කතා කරන්න එපැයි, මිථ්‍යා ධර්මය කියන්නේ සමලිංගික සම්බන්ධතා, ඒ කිව්වේ පිරිමි පිරිමි කායික සම්බන්ධ කම් සහ ගැහැණු ගැහැණු අතරේ ඇති වන කායික සම්බන්ධතා මෙන්න මේ ක්ලේශ නිසා මිනිස්සු මැරෙන ක්‍රම 03ක් තිබෙනවා, 1 - යුද්ධ කරලා මිනිස්සු මැරෙනවා 2- ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න 3- දෙවියන් කෝප වෙලා දඬුවම් කරන්න ගන්නවා, දෙවියන් සැඩ යක්ෂයන් මුදාහරිනවා ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න