පිණ්ඩපාත දානයේ අසිරිමත් විපාක | භික්ඛාදායිකා විමාන| Labunoruwe Dhammavihari thero | #dhamma #vimana
ධම්මවිචය Dhammavicaya
0:00 / 0:00
පිණ්ඩපාත දානයේ අසිරිමත් විපාක | භික්ඛාදායිකා විමාන| Labunoruwe Dhammavihari thero | #dhamma #vimana
216 просмотров · 4 года назад
ධම්මවිචය Dhammavicaya
6,24 тыс. подписчиков
216 просмотров · 4 года назад
🌝 තුණුරුවන් කෙරෙහි ප්‍රසාදයෙන් යුතුව සිදුකරණ දානාදී සුචරිතවත් ක්‍රියාවන්හි විපාකයන් අසිරිමත්ය෴. පුණ්‍ය කර්මයන්ගේ විපාක වල අසිරිමත් බව කියාපාන විමාන වස්තු ප්‍රකරණය ඇසුරෙන්, පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරි ස්වමින් වහන්සේ විසින් සිදුකරන ලද මෙම ධර්ම දේශනාව,෴ ශ්‍රී බුද්ධ වර්ෂ 2566 යේ නිකිණි පුර පසළොස්වක් පොහොය නිමිත්තෙන් ෴අන්තර් ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට විකාශනය කරන ලදි. *** ව්‍යවහාර වර්ෂ 2022 අගෝස්තු මස 11 වන බ්‍රහස්පතින්දා දින.
➡️ භික්ඛාදායිකා විමාන වත්ථුව - ඛුද්දක නිකාය - විමානවස්තු ප්‍රකරණය - ඉත්ථි විමාන- පීඨ වර්ගය, චිත්තලතා වර්ගය, මංජෙට්ඨක වර්ගය.’
මෙම දේශනාවේ පඨම හා දුතිය භික්ඛා දායිකා විමාන, පඨම හා දුතිය සුණිසා විමාන හා අලෝමා විමාන යන විමාන වස්තු වර්ණනා කර ඇත.
ධම්මවිචය
➡️
1. විනය අධ්‍යයන පාඨමාලාව.
2. සූත්‍ර අධ්‍යයන පාඨමාලාව.
ශීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කිරීම සඳහා වූ ගමනේ දී ශීල ශික්ෂාව පූරණය කිරීමට නම් අප තුල ශීල ප්‍රතිපදාව පිළිබඳ හෙවත් තථාගතයන් වහන්සේ වදාළ විනය ශාසනය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු ය.
➡️
“යො ගවං න විජානාති - න සො රක්ඛති ගො ගනං;
එවං සීලං අජානන්තො - කිං සො රක්ඛෙය්‍ය සංවරං”
යම් ගව හිමියෙකු තම ගවරැළ පිළිබඳව නොදන්නේ නම්, ඔහුට ගව සම්පතේ අභිවෘද්ධියක් අපේක්ෂා කල නො හැක. එසේ ශීලය පිළිබඳ මනා දැනුමක් නැත්තාහුට තම ශීල ශික්ෂාවේ පිරිසිදු බවෙක් හෝ අභිවෘද්ධියක් අපේක්ෂා කල නොහැක.
මෙම විනය අධ්‍යයන පාඨමාලාව තුලින් ඔබ හට පිරිසිදු විනය ඥානයක් ලබා දීම අපගේ අරමුණයි. මෙය සද්ධර්මට්ඨිතිකාමී ගිහි - පැවදි සත්පුරුෂයන්හට, තම ධර්ම විනය ඥාන පිපාසාව සංසිඳුවන සදහම් ගඟුලෙක් වේවා!.
➡️
“සුත්තන්තෙ රක්ඛිතෙ සන්තෙ - පටිපත්ති හොති රක්ඛිතා
පටිපත්තියං ඨිතො ධීරො - යොගක්ඛෙමා න ධංසති”.
‘සූත්‍රාර්ථය රැකුනා වූ කල්හි, ප්‍රතිපත්තිය ද රැකුනා වේ. ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ ප්‍රඥාවන්තයා යෝගක්ෂේම සංඛ්‍යාත නිරිවාණයෙන් නො පිරිහේ’.
සූත්‍ර අධ්‍යයන පාඨමාලාව තුලින්, විවිධ මාතෘකා ඔස්සේ තෝරාගත් සූත්‍ර අනුසාරයෙන් ආධ්‍යාත්මික ගුණ දියුණුවට මෙන්ම ලෝකෝත්තර ධර්ම ප්‍රතිලාභය පිණිස හේතු වන ධර්ම කොට්ඨාසයන් අට්ඨකථාවන්ද උපයෝගී කර ගෙන අධ්‍යනය කිරීමට අපේක්ෂා කෙරේ. එය හුදු දැනුමකට පමණක් සීමා නොවී යෝනිසෝමනසිකාරයෙන් යුතු ව ධම්මානුධම්ම ප්‍රතිපදාව තුලින් තම සිත නිර්වාණ අවබෝධය කරා ගෙන යාම සසර දුකින් අත මිදීමේ පරම අභිලාෂය ඇත්තාහු විසින් කළ යුත්තේ ම ය. මෙම සූත්‍ර අධ්‍යයන පාඨමාලාව, ඒ සඳහා ගරුතර ස්වාමින් වහන්සේලාට මෙන්ම සැදැහැවත් ගිහි පින්වතුන්හටත් සදහම් පිපාසාව සංසිඳුවන සදහම් ගඟුලෙක් වේවා!.
පන්ති පැවැත්වීම::➡️
ශ්‍රී ලංකාවේ වේලාවෙන්
➤ සූත්‍ර පන්තිය සෙනසුරාදා සහ ඉරිදා දෙදින රාත්‍රි 7.30 - 8.30 (GMT +5:30) දක්වා.
➤ විනය පන්තිය සෙනසුරාදා රාත්‍රි 9.00 - 10.00 (GMT +5:30) දක්වා පැවැත්වේ.
👉 දේශනාවට අදාල සටහන මෙතනින් ලබාගත හැක.
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය 🖇️;
https://tinyurl.com/3sxeewcn
🆔 Meeting ID : 860 0963 6645
🔑 Passcode dhamma
👥 ෆේස්බුක් පිටුව 🖇️
https://tinyurl.com/2p89vc6p
🖥️ You Tube channel🖇️
https://tinyurl.com/mrp2x5ux
💻 Telegram channel🖇️:
https://t.me/dhammavicayatipitakasv
➨ මෙම දේශනා මාලාව පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන සමූහ වලට සම්බන්ධ වීමට 🖇️:
➥📲 Telegram group 🖇️:
https://t.me/+7l_2j3iKSw1hZmY1
➥📲 Messenger group 🖇️:
https://m.me/j/AbZpg4NaSOcjMp1R/
➥📲 Whatsapp group 🖇️:
https://tinyurl.com/bdzenjf6
📞 තාක්ෂණික සහාය සඳහා +94705706311
☸️බුද්ධසාසනං චිරං තිට්ඨතු!☸️
සාධු ! සාධු! සාධු!🙏🙏🙏
#ධම්මවිචය #ධම්මවිහාරි #ලබුනෝරුවේ #විමානවත්තු #සූත්‍ර #ධම්ම #විහාරි #විමාන #විචය #විමානවත්ථු #පුණ්‍යවිපාක #පුන්‍යවිපාක #ලබුනෝරුව #ලබුනෝරුවේධම්මවිහාරි #විමානවස්තු #අන්තර්ජාතික #අන්තර් #ජාතික #ධර්මායතනය #ථෙරවාද #dhammavicaya #dhammavihari #vimanavattu #vimanavatthu #sutta #wimanavatthu #dhamma #vihari #vimana #vicaya #wimanawattu #dhammadesana #labunoruwa #labunoruwedhammavihari #International institute of theravada #labunoruwe #dhammadesana