පටිච්ච සමුප්පාද විග්‍රහය 2 - Ven. Badalgama Vipulasiri Thero.
සබ්බදානං ධම්ම දානං ජිනාති
0:00 / 0:00
පටිච්ච සමුප්පාද විග්‍රහය 2 - Ven. Badalgama Vipulasiri Thero.
324 просмотра · 1 год назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,53 тыс. подписчиков
324 просмотра · 1 год назад
පටිච්ච සමුප්පාදය තුලින් අවිද්‍යාව සහ දුක පිරිසිඳ දැකීම
පූජනීය බඩල්ගම විපුලසිරි ස්වාමීන්වහන්සේ
~ අවිජ්ජා පච්චයා සංඛාරා,
සංඛාර පච්චයා විඤ්ඤාණං,
විඤ්ඤාණ පච්චයා නාමරූපං,
නාමරූප පච්චයා සලායතනං,
සලායතන පච්චයා ඵස්සෝ,
ඵස්ස පච්චයා වේදනා,
වේදනා පච්චයා තණ්හා,
තණ්හා පච්චයා උපාදානං,
උපාදාන පච්චයා භවෝ,
භව පච්චයා ජාති,
ජාති පච්චයා ජරා මරණං,
ජරා මරණං, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති,
ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.
~ අවිද්‍යාව ලෙස දැක්වෙන්නේ මෝහය මයි. විද්‍යාවයනු ඥාණය යි. ලෝකයේ ඇත්ත ස්වභාවය නොපෙනී ඉන්නා පෘතග්ජනයා ඇත්තෙන්ම…
1. දුක්කේ අඥානං -දුක නොදනියි. (දුක් ගෙන දෙන දේ සැප ලෙස දකියි.)
2. දුක්ඛ සමුදයේ ආඥඥානං – දුකට හේතුව නොදනියි.
3. දුක්ඛ නිරෝධෝ ආඥඥානං – දුක නැති කරන්නට හැකි බව නොදනියි.
4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ආඥඥානං –
දුක නැති කරන පිළිවෙල නොදනියි.
5. පුබ්බන්තේ ආඥඥානං – පෙර පංචස්කන්ධය ගැන නොදනියි.
6. අපරන්තේ ආඥඥානං – අනාගතයේ ඇතිවන පංචස්කන්ධ ගැන නොදනී.
7. පුබ්බාපරන්තේ ආඥඥානං – අතීත සහ අනාගත පංචස්කන්ධ ගැන නොදනියි.
8. ඉද්දපච්චයතා පටිච්ච සමුප්පන්නේසු ආඥඥානං – හේතු ඵල ධර්මතාව ගැන නොදනී.
මේ අට කරුණු ගැන නොදැනීම අවිද්‍යාව ලෙස ධර්මයෙහි දැක්වෙයි.
මේවා ගැන යථාර්ථාවබෝධයක් නොමැතිකම නිසා සත්වයා
අන්තයක් නැති සංසාරයෙහි දුවවමින් අනන්ත දුක් සමුදායක් වින්දවයි.
අන්තයක් – කෙළවරක් නොපෙනෙන සංසාරයෙහි යෝනි, ගති ආදී වශයෙන්
විවිධ සංසාර වාසවල සත්වයන් දුවවන නිසා (ජවාපේති) “අවිජ්ජා” නමින් මේ ක්ලේශ ධර්මය නිර්වචනය කෙරෙයි.
~ පටිච්චසමුප්පාදය.......
පටිච්චසමුප්පාදය ප්‍රත්‍ය 12.
සංග්‍රහ 4. ආකාර 20, වට්ට 3.
සන්ධි 3. හේතු ඵල, ඵල හේතු සහ හේතු ඵල සන්ධිය.
මූල 2. තන්හා සහ අවිද්‍යා මූල.
හේතු ඵල….
අතීත 5. අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව. (පුරාන කර්ම)
වර්තමාන 5. විඤ්ඤාන, නාමරූප, සලායතන, ඵස්ස, වේදනා.
ඵල හේතු…..
වර්තමාන හේතු 5. අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව. (නව කර්ම)
හේතු ඵල සන්ධිය…..
අනාගත 5. විඤ්ඤාන, නාමරූප, සලායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව….,
විඤ්ඤානය. ආකාර 6 යි. (ආයතන)
පංච උපාදානස්ඛන්ධය. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාන.
Mar 01 2025,
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series):
▶️ Link: 1. විශේෂ ධර්ම දේශණා - • 1. විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...
▶️ Link: 2. වෝහාර දේශනා - • 2. වෝහාර දේශණා ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...
▶️ Link: 3. චිත්තවිශුද්ධි දේශනා - • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...
▶️ Link: 4. Dhamma Vinicchaya - • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...
▶️ Link: 5. පොහෝ දින දේශනා - • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...
▶️ Link: අසංඛතගාමී මාර්‍ගය - • අසංඛතගාමී මාර්‍ගය
Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:--
අධිචිත්ත සික්ඛා (Adichittha):--
https://drive.google.com/drive/folder...
වෝහාර දේශනා (Vohara):-- https://drive.google.com/drive/folder...
Dhamma Vinicchaya:--
https://drive.google.com/drive/folder...
“සබ්බදානං ධම්ම දානං ජිනාතී