Перейти к содержимому

maraadankadawala asarana pawula කදිරාගම කඳුළු කතාව

Kanchana Ariyadasa

0:00 / 0:00

maraadankadawala asarana pawula කදිරාගම කඳුළු කතාව

4 125 просмотров · 2 дн. назад
Kanchana Ariyadasa
184 тыс. подписчиков
4 125 просмотров · 2 дн. назад
(කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157) 2026.10.11 බිරිඳත් සත් මස් ගැබිනියකි පුතා ජනවාරියේ පාසලට සැමියා හේනේ පැලෙන් වැටී එක තැනට කදිරාගම කඳුළු කතාව අනුරාධපුර දිස්ත්රික්කයේ මරදන්කඩවල කදිරාගම නම් වූ දුෂ්කර ගම්මානයේ ජීවත්වන ආදරණීය තරුණ යුවලකගේ දුක්බර කතා පුවතක් ඔබවෙත ගෙන එන්නේ සරණක් පිහිටක් අවැසි නිසාවෙනි. ජයන්ත බණ්ඩාර හේරත් තරුණ මහතා රුවන්තිකා සෙව්මිනි සමග විවාහ වී ජීවිතය විඳින්නට පටන් ගෙන තිබිණි. හේන් ගොවිතැන් කරමින් ජීවිතය සරිකරගත් ජයන්ත වයස අවුරුදු හතරක පුංචි දරුවෙකුගේ පියෙකි. දෙවැනි දරුවා කුස පිළිසිඳ ගත් බව බිරිඳ සතුටෙන් ප්රකාශ කරද්දී සතුට ඉහ වහ ගිය ඔහු වැඩිපුර ගොවිතැන් කරන්නට පෙළඹුණේ දරුවන් ජීවත් කරවීම සඳහාය. කුඹුරක් වගා කරගෙන වන අලින්ට එය ගොදුරු වන්නට ඉඩ නොදී දිවා රාත්රී එය රැක ගැනීම සඳහා ඔහු වෙහෙසිනි. දිනක් පැළට නගිද්දී සරම පටලැවී සිදුවූයේ පැල මතින් ඇද වැටී පැය ගණනාවක් එක තැන්ව සිටීමටය. පසුව ඔහු සුසුම්නාව බිඳී එක් තැන් වන බව සිහිනෙන් වත් නොසිතන්නට ඇත එදා සිට අද දක්වාම දැනට හත් මස් ගැබිනියක වූ රුවන්තිකා සෙව්මිනි පුංචි දියණියක් කුසේ දරාගෙන තම සැමියාගේ සියලු වුවැටන් කරමින් හැඩූ කඳුලෙන් ජීවත් වන්නේ තම දරුවා ජනවාරියේ පාසැලට ඇතුළත් කර ගැනීම ජනවාරි මාසයේම නිවසට අලුතෙන් එකතු වෙන පුංචි සිඟිත්තියට ඉන්නට තැනක් අහිමිවීම සැමියාට ආහාරපාන ලබාදීමට නොහැකි වීම. ප්රතිකාර සඳහා මුදලක් හදලත් නොමැතිවීම .රුපියල් ලක්ස දහයක් පමණ රජයේ මුදල් ආධාරයකින් නිවස භාගෙට තනාගත්ත දොරක් වහගන්නටවත් වැඩ අවසන් කර ගැනීමටවත් නොහැකි වීම, දරුවා ගෙනත් තැබීමට සුදුසු පරිසරයක් එහි නොවීම සැමියාට කොමඩ් වැසිකිලියක් නොමැති වීම ආදී ප්රශ්න ගැටලු රැසකට මුහුණ පා සිටිති එමෙන්ම ඔවුන්ට කැඳ බොන්නට හරි තිබුණු කුඹුර රුපියල් ලක්ෂයකට උගස් තබා නුපන් දරුවා නොතෙමී තියන්නට වහලය සෙවලි කර ගැනීම මේ දිනවල සිදුකරමින් සිටින අයුරුද දැක ගැනීමට හැකි විය ආබාධිත දීමනාව හෝ අඩුම තරමේ අස්වැසුම දීමනාවත් මෙම පවුලෙන් අහිමි කර තිබීම මවිතයට කරුණකි. දුක්බර කථා පුවත පිළිබඳව ඔබගේ අවධානය යොමු කොට කිසියම් පිහිටක් වන ලෙස ඉල්ලා සිටිති ඔවුන්ගේ ලිපිනය ජයන්ත හේරත් බණ්ඩාර කදිරාගම , මරදන්කඩවල, දුරකථන අංකය 077 1418599 මහජන බැංකුවේ කැකිරාව ශාඛාවේ ඔහු සතුව ඇති ගිණුම් අංකය 04 2 2 00 2 300 32596