අඩියෙන් අඩියට හුස්ම හිරවෙන ගමනක් | Exploring Türkiye 🇹🇷 | Derinkuyu City | තුර්කියේ එකොළොස්වැන්න
Planet 361 Stories
0:00 / 0:00
අඩියෙන් අඩියට හුස්ම හිරවෙන ගමනක් | Exploring Türkiye 🇹🇷 | Derinkuyu City | තුර්කියේ එකොළොස්වැන්න
1 949 просмотров · 3 недели назад
Planet 361 Stories
60,3 тыс. подписчиков
1 949 просмотров · 3 недели назад
මම කසුන්. වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඒ වුණාට හදවතින් සංචාරකයෙක්, ලෝකය දකින්න කැමති ගවේෂකයෙක්.
Planet 361 Stories වල ප්‍රධාන අරමුණ කේන්ද්‍රගත වෙන්නෙ මේ ලෝකයේ ඔයාල නොදැක්ක දේවල් ඔයාලගේ ඇස් මානයටම ගෙන ඒමේ අපූරු උත්සාහයක් වටේ. මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එක planet 361 stories වල අරමුණ. .ඉතින් එතැනින් නොනැවතී මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීමට ගන්න පුංචි උත්සාහයක් තමයි මේක.
අපේ රටවල් 100ක ලෝක සවාරිය ඇතුළේ අපි මේ ආරම්භ කරන්නෙ මගෙ 14 වෙනි රටේ සංචාරය. මේ සඳහා අපි තෝරගත්තේ ලෝක ඉතිහාසයේ වැඩිම ශිෂ්ටාචාර ගණනාවක් ඇතිවී, නැතිවී ගිය, ශිෂ්ටාචාරයේ තොටිල්ල විදියට හැඳින්වෙන තුර්කියයි (Türkiye) 🇹🇷. තුර්කිය (Turkey) කියන්නේ නිකම්ම නිකම් ලස්සන රටක් විතරක් නෙවෙයි; ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරපු මහා අධිරාජ්‍යයන් කිහිපයකම නිවහන. රෝම (Roman), බයිසන්ටයින් (Byzantian) සහ ඔටෝමන් (Ottoman) වැනි මහා අධිරාජ්‍යයන්ගේ බලකේන්ද්‍රය වුණු, ආසියාවත් යුරෝපයත් එකට යා කරන මේ අපූරු භූමියේ සැඟවුණු ඓතිහාසික රහස් සහ වැදගත් තොරතුරු රැසක් මේ වීඩියෝ series එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
තුර්කියේ තියන ලස්සනම තැනක් තමයි Cappadocia. Cappadociaවේ ලස්සන අස්සෙ හැංගුණ අපූරු ඉතිහාසයකුත් තියනවා. මේ ඉතිහාසය ගවේෂණය කරන්න පුළුවන් අපූරු තැනක් තමයි Derinkuyu undeground city එක. පොළවෙන් තට්ටු 8ක් යටට, මීටර් 85ක් ගැඹුරට හාරපු මේ මහා නගරය එකපාර 20000ක මිනිස්සුන්ට රැඳිලා ඉන්න පුළුවන් තරම් ඉඩකඩකින් යුක්තයි. ඒ වගේම මේ Derinkuyu undeground city එක මේ ළඟ තිබ්බ තවත් underground cities ජාලයකටම සම්බන්ධ වෙලා තිබිලා තියනවා.
අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු.
I’m Kasun. I’m a doctor by profession, but at heart, I’m a traveler and an explorer who just loves to see the world.
Welcome back to Planet 361 Stories! The main goal of this channel is all about bringing the unseen wonders of this world right to your screen. I have a huge personal goal to travel to 100 countries in my lifetime. Through this channel, I want to share my experiences with you, and if you have a similar dream, I want to help you achieve it too. But it’s not just about travel; I also want to share special moments from my own life and use my journey to motivate anyone out there trying to build their own path.
Right now, we are starting the 14th country of our 100-country world tour. For this, we chose Turkey (Türkiye)! 🇹🇷 It's known as the "cradle of civilization" because so many of the world's greatest civilizations rose and fell right here. Turkey isn’t just a beautiful place; it was the home of massive empires that literally reshaped world history. In my first video from Turkey, I’m taking you to explore this incredible past. Connecting Asia and Europe, this amazing land was the powerhouse for the Roman, Byzantine, and Ottoman empires. In this video, we are going to uncover some of its fascinating historical secrets.
Now, one of the most beautiful places in Turkey is Cappadocia. But behind all that beauty, there’s also a hidden history. A mind-blowing place to explore this history is the Derinkuyu Underground City. This massive city goes 8 floors down into the earth, reaching a depth of about 85 meters! It actually had enough space to shelter 20,000 people at once. On top of that, Derinkuyu was connected to a whole network of other underground cities nearby.
Let’s keep exploring the world together. But we aren’t just looking at the 360-degree view that everyone else sees—we are going a step beyond. We want to show you the unseen world right from the very first degree.
So, let’s start from the 361st degree with Planet 361 Stories!
#planet361 #türkiye #cappadocia #derinkuyu #sinhala #travelvlogs