Cappadociaවට සමුදී Pegasus මුණගැසීම | Exploring Türkiye 🇹🇷 | Pegasus Review | තුර්කියේ දොළොස්වැන්න
Planet 361 Stories
0:00 / 0:00
Cappadociaවට සමුදී Pegasus මුණගැසීම | Exploring Türkiye 🇹🇷 | Pegasus Review | තුර්කියේ දොළොස්වැන්න
3 281 просмотр · 2 мес. назад
Planet 361 Stories
62,5 тыс. подписчиков
3 281 просмотр · 2 мес. назад
මම කසුන්. වෘත්තියෙන් වෛද්යවරයෙක්. ඒ වුණාට හදවතින් සංචාරකයෙක්, ලෝකය දකින්න කැමති ගවේෂකයෙක්.
Planet 361 Stories වල ප්රධාන අරමුණ කේන්ද්රගත වෙන්නෙ මේ ලෝකයේ ඔයාල නොදැක්ක දේවල් ඔයාලගේ ඇස් මානයටම ගෙන ඒමේ අපූරු උත්සාහයක් වටේ. මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එක planet 361 stories වල අරමුණ. .ඉතින් එතැනින් නොනැවතී මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීමට ගන්න පුංචි උත්සාහයක් තමයි මේක.
අපේ රටවල් 100ක ලෝක සවාරිය ඇතුළේ අපි මේ ආරම්භ කරන්නෙ මගෙ 14 වෙනි රටේ සංචාරය. මේ සඳහා අපි තෝරගත්තේ ලෝක ඉතිහාසයේ වැඩිම ශිෂ්ටාචාර ගණනාවක් ඇතිවී, නැතිවී ගිය, ශිෂ්ටාචාරයේ තොටිල්ල විදියට හැඳින්වෙන තුර්කියයි (Türkiye) 🇹🇷. තුර්කිය (Turkey) කියන්නේ නිකම්ම නිකම් ලස්සන රටක් විතරක් නෙවෙයි; ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරපු මහා අධිරාජ්යයන් කිහිපයකම නිවහන. රෝම (Roman), බයිසන්ටයින් (Byzantian) සහ ඔටෝමන් (Ottoman) වැනි මහා අධිරාජ්යයන්ගේ බලකේන්ද්රය වුණු, ආසියාවත් යුරෝපයත් එකට යා කරන මේ අපූරු භූමියේ සැඟවුණු ඓතිහාසික රහස් සහ වැදගත් තොරතුරු රැසක් මේ වීඩියෝ series එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
තුර්කිය කිව්වොත් අමතක කරන්නම බැරි තැනක් තමයි Cappadocia. ඒ සුන්දරත්වය අත්විඳලා අපි ආයෙත් නගරයට එන්න පිටත් වුණා. Cappadocia වල අපි රැඳිලා හිටපු Goreme නගරයේ ඉඳන් ආපහු ඉස්තාන්බූල් වලට ආවෙ Pegasus Airlines වල. තුර්කියේ නමක් දිනාගත්ත මේ Pegasus Airlines එකේ අත්දැකීමත් අපි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.
අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු.
I’m a doctor by profession, but at heart, I’m a traveler and an explorer who just loves to see the world.
Welcome back to Planet 361 Stories! The main goal of this channel is all about bringing the unseen wonders of this world right to your screen. I have a huge personal goal to travel to 100 countries in my lifetime. Through this channel, I want to share my experiences with you, and if you have a similar dream, I want to help you achieve it too. But it’s not just about travel; I also want to share special moments from my own life and use my journey to motivate anyone out there trying to build their own path.
Right now, we are starting the 14th country of our 100-country world tour. For this, we chose Turkey (Türkiye)! 🇹🇷 It's known as the "cradle of civilization" because so many of the world's greatest civilizations rose and fell right here. Turkey isn’t just a beautiful place; it was the home of massive empires that literally reshaped world history. In my first video from Turkey, I’m taking you to explore this incredible past. Connecting Asia and Europe, this amazing land was the powerhouse for the Roman, Byzantine, and Ottoman empires. In this video, we are going to uncover some of its fascinating historical secrets.
Now, you can't talk about Turkey without mentioning Cappadocia. After experiencing its incredible beauty, it was time for us to head back to the city. We flew back to Istanbul from Göreme—the town we stayed at in Cappadocia—using Pegasus Airlines. Since Pegasus is quite a popular airline in Turkey, we thought we’d share our flight experience with you as well!
Let’s keep exploring the world together. But we aren’t just looking at the 360-degree view that everyone else sees—we are going a step beyond. We want to show you the unseen world right from the very first degree.
So, let’s start from the 361st degree with Planet 361 Stories!
#planet361 #türkiye #cappadocia #pegasusairlines #sinhala #travelvlogs