Перейти к содержимому

🐘🐘 වෘක කටෙන් එනකොට වල් අලි හත්දෙනෙක් එක පාරටම පාර මැදට පැන්න විදිහ

WATEN PITEN - වටෙන් පිටෙන්

0:00 / 0:00

🐘🐘 වෘක කටෙන් එනකොට වල් අලි හත්දෙනෙක් එක පාරටම පාර මැදට පැන්න විදිහ

22 203 просмотра · 3 года назад
WATEN PITEN - වටෙන් පිටෙන්
15,7 тыс. подписчиков
22 203 просмотра · 3 года назад
දවසක හවසක කවදාවත් දැකලවත් නැති fb එකෙන් විතරක් දන්න Doctor නිරෝෂන් අයියගෙන් message එකක්. මල්ලී ,අපි අහවල් හෙලේ යනව.යන්ද ? අඩ්ඩේහ්.යන් අයියා.අවුරුදු තුනක ඉඳන් යන්න හිතන් ඉන්නෙ. කවද්ද කීයටද ,මොකේද ? කියල ගිය ගමන ,ජීවිතේ අමාරුම , වල් අලි හත්දෙනෙක් වට කරගත්ත ,බඹර ප්‍රහාර පිරුණු ගමනක් වුන එක ගැන මතක් කරනකොටත් දැනෙන Feeling එක නම් මරු. සමහර තැන් වල නඟින්න තියන බෑවුම 75° කට වැඩි උනත් වෙව්ලන කකුල් කොයිම වෙලාවකවත් ඇඟේ සමබරතාවෙ අවුල් කරගත්තෙ නැති එක නම් වාසනාව වුනා. එහෙම නොඋනා නම් , " ඇයි හොඳ අය කලින්ම යන්නෙ " "යලි අප අතරම ඉපදේවා " වගේ post අද වැටෙන්න තිබ්බා . එනකොට අලින්ගෙන් බේරුනේත් නූලෙන්ම තමා ඉතින්. කැලේ මැඳදි බඹර ප්‍රහාර නොඅඩුව ලැබුනත් හිතේ පොඩිම බයක් වත් නොතිබුණේ දොස්තර නිරෝෂන් අයියා ලඟ බෙහෙත් ඇති තරම් තිබ එක නිසයි. වාසනාවට වතුර ලීටර් එක හමාරම ඉවර වෙන්න ඔන්න මෙන්න තියනකොට හම්බවුන වතුර උල්පත අපෙ බෝතල් පුරවලා දුන්නෙ කිසිම ලෝබ කමක් නැතිව. දවල් දොලහට ගල පාමුලට ගියාම එතන උස මුහුඳු මට්ටමේ ඉඳල 64m . තනි කලුගලේ පැය එක හමාරක් ගියාට පස්සෙ මුදුනෙ උස 635m. ඒ 650m කට වඩාවැඩි උඩකට අව්වෙ , ගිය එක අද වෙනකන් වැඩිම මහන්සියක් දැනුන ගමන වෙන්න හේතුව නම් තාම හිතාගන්න බැරි රහසක් පැය පහක ගමනකින් පස්සෙ කඳු මුඳුනේ ගත කරපු පැය එක හමාර නම් තනිකරම පිස්සුවක්. ආයෙත් සීඝ්‍ර බෑවුම බහින කොට කකුල් වලට උදව් කලේ නම් පස්ස තමා ඉතින්.වෙලාවට කකුල් වලට පස්ස දෙවැනි උනේ නෑ. එහෙම උනා නම් අර උඩින් කියපු post තමා වැටෙන්නෙ ඒත් . උණු උණු අලි බෙටි , වැලිපාරෙ ඇඳුන අලි අඩි නිසා පරිස්සමෙන් වටපිට බල බල ගිය පරිස්සම නිසාමද මන්දා එක පාරම ඉස්සරහින් අලි හත්දෙනෙක්ගෙ රංචුවක් මාර්ගබාධක දාල පාර වහලා.ඊට වඩා විස්ර එක්ක අපි ගිය ගමන Waten Piten youtube channel එකේ තියනවා.කැමතිනම් බලන්නෝh