අරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නෑ කියලා රජය කියනවා.
Sajith Premadasa
0:00 / 0:00
අරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නෑ කියලා රජය කියනවා.
4 298 просмотров · 15 часов назад
Sajith Premadasa
126 тыс. подписчиков
4 298 просмотров · 15 часов назад
අරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නෑ කියලා රජය කියනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ජනතාවට රටේ බදු මුදලින් දෙන ප්‍රතිලාභවලට රැස්වීම් අවශ්‍ය නැති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ අලුත්ම සංදර්ශනය වන්නේ මහපොළ උත්සවය බවත් හෙට දින 2024/2025 වර්ෂයට අදාළ මහපොළ අරමුදල් සහතික ප්‍රදානය අරලියගහ මන්දිරයේ දී ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නිමිතව තිබු බවත් මේ සඳහා තේරී පත්වූ විශ්වවිද්‍යාල සිසුන්ට පැමිණෙන ලෙස යොමු කළ ලිපිය තුළ අරලියගහ මන්දිරයට පැමිණ ලියාපදිංචි වුවහොත් පමණක් මහපොළ සහතිකය ලැබෙන බවත් මේ මහපොළ සහතිකය ඉදිරිපත් කළහොත් පමණක් මහපොළ ශිෂ්‍යාධාර ලබා දෙන බවට සඳහන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනයේ සමගි වනිතා බලවේගයේ ජන හමුවක් අමතමිනි.
වී ගොවියාට පොහොර සහනාධාරය දෙන්නේ අරලියගහ මන්දිරයට ගෙනවිත් නොව සෘජුව ගොවි ජනතාවගේ ගිනුමට බැර කිරීමෙන් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙස සුහුරු රටක් ගොඩනගන්න බලයට පැමිණි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ වහලුන් ලෙස විශ්වවිද්‍යාල සිසුන් පත් කිරීමට කටයුතු කර ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වුවත් අගමැති වූ විට මෙරට විශ්වවිද්‍යාල දූදරුවන් කකුල් දෙකට ළගට ගෙනවිත් සහතිකය ගත යුතුයි එසේ නොමැති නම් ශිෂ්‍යත්වය නොලැබෙන බවට පැවසීම ලැජ්ජා සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජවිපේ විපක්ෂයේ සිටියදී විවේචනය කළ දේවල් අද එළිපිට කරන්න වෙලා
මේ රජයේ සාමාජිකයන් විපක්ෂයේ සිටින විට විවේචනය කළ දේවල් අද ඔවුන්ම සිදු කරන බවත් මේ මහපොළ ගැටලුව හෙළිදරව් වූ නිසා හෙට දවසේ රැස්වීම අවලංගු කර ඇති බවත් මේ මහපොළ ශිෂ්‍යත්ව හිමි අයගේ බැංකු ගිණුමට සෘජුවම මුදල් දාන්න නොහැකි ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් මේ රජයට බලයට ආවේ ක්‍රමයේ වෙනසක් කරනවා කියා වුවත් 76 වසරක ක්‍රමයේ කිසිදු වෙනසක් සිදු නොකර ජනතාවට සරසවි සිසුන්ට කරදර කරන ක්‍රමවේදය පමණක් මේ රජය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
පොහොසත් රටයි ලස්සන ජිවිතයයි පිටු ගණනක ප්‍රතිපත්ති ප්‍රකාශයට පමණක් සීමා වෙලා
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන නමින් ලොකු පිටු ගණනක පොතක් ඇති බවත් මේ පොතේ ඇති පොරොන්දු දිහා ජනතාව බලාගෙන ජවිපේ ජනාධිපතිවරයෙක්, පාර්ලිමේන්තුවේ 2/3ක් හා පළාත් පාලන ආයතන බහුතරය ලබා දුන්නත් අද වන විට මේ කියපු දේවල් පසුගිය වසර 2 නිර්මාණය වූවාද කියා ප්‍රශ්න කළ යුතු බවත් ජනතාව පොහොසත් වී ජන ජීවිත ලස්සන වූවාද එසේත් නැතිනම් සැබවින්ම කවුද පොහොසත් වුණේ කාගේ ජීවිත ද ලස්සන වුණේ කියා පාර්ලිමේන්තුව රැස්වූ පසු ආණ්ඩුව පැත්තට කැමරාව යොමු වූ විට ජනතාවට අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාව පොහොසත් නොවූවත් ආණ්ඩුවේ 159 නම් පොහොසත් වෙලා
ජනතාව පොහොසත් නොවුවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ 159ගේ ජන ජිවිත නම් පොහොසත් වී ඇති බවත් ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත හා ගෘහ ආර්ථිකය සංකෝචනය වී ඇති බවත් මීට පෙර ආහාර හා ආහාර නොවන වියදම්වලට වැඩි මුදලක් වැය කළත් අද ඒ මුදල් සියල්ලක්ම ඉතාම අකාර්යක්ෂම දුර්දාන්ත අමනෝඥ රාජ්‍ය පාලනයක් ආර්ථික ප්‍රතිපත්තියක් තුළ වාෂ්ප වී අතුරුදන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුව සෘජු සහ වක්‍ර බදු යන දෙකම වැඩි කරලා
සෘජු බදු වැඩි කිරීම සේම වක්‍ර බදු හරහා ගෙවන වැට් වැනි ප්‍රතිගාමී බදු නිසා ජනතාවගේ මුදල් ගසාකන බවත් මේ රජය බදු වැඩි කර නැති බවට පාර්ලිමේන්තුවේ කිව්වත් සෘජු සහ වක්‍ර බදු යන දෙකම මේ රජය වැඩි කර ඇති බවත් රජය බලය ගෙන වසර 2ක් ගියත් තාම ජනතාව රවටන එක නවත්වා නැති බවත් 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දීම, ලක්ෂ 12කට විට්ස් කාර් එකක් ලබා දීම ආදිය සිදු කරන බව පැවසුවත් අද මේ කිසිවක් ඉටු කර නොමැති බවත් මැදපෙරදිග යුද්ධය නිසා තෙල් මිල වැඩි වන විට ලෝකයේ බොහෝ රටවල තෙල් මත ඇති බදු අඩු කරන විට මේ රජය එයවත් කළේ නැති බවත් ගොවි ජනතාවට ගොයම් කකා වීවලට රු. 150ක සහතික මිලක්, ධිවරයන්ට මාළු සිටින තැන සොයන්න ඇප් එකක් ඉදිරිපත් කරනවා කිව්වත් අද ඒ කිසිවක් ඉටු නොකළ බවත් ටොම්පච දේශපාලනය තුළින් ජනතාව අනාථ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කර්මාන්ත බිහිවන වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි
ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 නිර්මාණය කළ දත්ත අනුව දළ දේශීය නිෂ්පාදනයට පළාත් මට්ටමින් දෙන දායකත්වය අනුව 42%ක් බස්නාහිර පළාත බවත් සෙසු 58% ඉතිරි පළාත්වලට බෙදී යන බවත් සබරගමුව පළාත ලබා දෙන්නේ 7.7%ක් බවත් ස්වයංරැකියා ලාභීන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් බිහිවන වැඩපිළිවෙළක් අඩු පොළියට ණය දෙන සංවර්ධන බැංකුවට රටට අවශ්‍ය බවත් ජාත්‍යන්තර ආයතන හා එක්ව සමගි ජන බලවේගය එය ස්ථාපිත කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රු. 589කින් එක් දිනක් ජීවත් වෙන්න පුළුවන්ද?
පසුගිය දිනක අප රටේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අරුම පුදුම දත්ත කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2026 ජූලි මාසයේ එක් පුද්ගලයකුට දින 30ක් ජිවත් වෙන්න රු. 17679ක් ප්‍රමාණවත් බවත් ඒ අනුව එක් දිනකට රු. 589ක් බවත් රු. 589කින් එක් දිනක් ජීවත් වෙන්න ආහාර හා ආහාර නොවන වියදම් සඳහා මේ මුදල ප්‍රමාණවත් ද කියා ජනතාව ප්‍රශ්න කළ යුතු බවත් මේ බොරුව පචය පදනම් කර ගෙන රජය ජාතික ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.