Перейти к содержимому

අනිච්ච,දුක්ඛ,අනත්ත හෙවත් බුදු දහමේ මූලික හරය

සසර තෙර තරණය | SASARA THER THRANAYA

0:00 / 0:00

අනිච්ච,දුක්ඛ,අනත්ත හෙවත් බුදු දහමේ මූලික හරය

37 295 просмотров · 5 лет назад
සසර තෙර තරණය | SASARA THER THRANAYA
1 тыс. подписчиков
37 295 просмотров · 5 лет назад
මේ මහා භද්‍ර කල්පයේ අපගේ පිනට පහල වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඒකායන අරමුණ වූයේ හුදී ජනයාහට නිවන් මග පසක් කරලීමයි. බුද්ධෝත්පාද කාලයත්, මිනිසත් බවත්, කල්යාණ මිත්‍ර සම්පත්තියත්, පූර්ණ වීමම අති දුර්ලභ අස්ථාවකි. එමෙන් ම නිවන් මඟ පහදා දෙන, නිවන් මඟට යොමු කරවන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා පහල වීමද අපගේ පූර්ව වාසනාවකි. ඒ තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන ත්‍රිලක්ෂණය, භව රෝගයට දිව්‍යමය ඔසුවකි. එවන් ශ්‍රී සද්ධර්මයේ අරුත් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී නැවත ලෝකයට විවරකර දීමට ගත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙබ් අඞවිය ඔබ වෙතට පත්වේ. එවන් අති උතුම් නිවන කරා යන සැදැහැවත් බෞද්ධයින්ගේ ධර්මාවබෝධය සදහාම දේශිත ශ්‍රී සද්ධර්මය මෙම වෙබ් අඩවිය තුල සාරවත් ලෙස අඩංගුව ඇත. එවන් වූ දහම් සාරය පදවැල් වශයෙන් කටපාඩම් කිරීම නොව, ප්‍රඥාවෙන් විමසාබලා ක්‍රියාවට නැංවීම තුලින් ආර්ය්‍ය මාර්ගය පූර්ණය කර නිර්වාණබෝධය සාක්ෂාත් කරගැනීමට අදිටන් කර ගනිමු.