Перейти к содержимому

Ruwanweli Seya Magnificent Event - රුවන්වැලි මහා සෑ රජුන්ට පුද කළ ඒ අසිරිමත් මහේශාක්‍ය පුණ්‍යෝත්සවය!

Ritigala Aritta Maha Seya

0:00 / 0:00

Ruwanweli Seya Magnificent Event - රුවන්වැලි මහා සෑ රජුන්ට පුද කළ ඒ අසිරිමත් මහේශාක්‍ය පුණ්‍යෝත්සවය!

16 131 просмотр · 1 месяц назад
Ritigala Aritta Maha Seya
251 подписчик
16 131 просмотр · 1 месяц назад
රුවන්වැලි මහා සෑ රජුන්ට පුද කළ ඒ අසිරිමත් මහේශාක්‍ය රාජකීය පුණ්‍යෝත්සවය! බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ද්‍රෝණයක් වැඩ සිටින ස්වර්ණමාලී මහාසෑ රජුන් අභියස, අමාමෑණී ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මෙම අසිරිමත් මහ පුණ්‍යකර්මය සිදු කිරීමට අපට දුර්ලභ භාග්‍යය උදා විය. මාගේ සිතට නැඟුණු එකම පාරිශුද්ධ සිතුවිල්ල වූයේ, මෙම පළඳනාව සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා පූජා කළ යුතුය යන්නම පමණි. බුද්ධානුභාවයෙන් හා ස්වර්ණමාලී මහාසෑ රජුන්ගේ අනන්ත ආශීර්වාදයෙන් එම උතුම් සිතුවිල්ල යථාර්ථයක් බවට පත් විය. නානාවිධ පුෂ්ප පූජා, සතර වාහල්කඩින් හේවිසි පූජා, සුවඳ දුම් හා සුවඳ පැන් පූජා සිදු කරමින්, ශ්‍රද්ධා භක්තියෙන් පිළියෙළ කළ කිරි ආහාර දෝලාවකින් වඩම්වාගෙන විත් සර්වඥ ධාතුන් වහන්සේලා අභියස මහත් ගෞරවයෙන් පූජා කරනු ලැබීය. එමෙන්ම ඖෂධ 108ක්, පලතුරු 108ක්, පලතුරු යුෂ 108ක්, කැවිලි වර්ග 108ක් සහ සොළොස් පිරිකර පූජා කරමින්, පිරිත් සජ්ඣායනය හා බුදුගුණ ගායනය මධ්‍යයේ මෙම උතුම් පුණ්‍යකර්මය සාර්ථකව නිම කිරීමට භාග්‍යය උදා විය. මෙම උතුම් පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා අනුශාසනා ලබාදෙමින් මඟ පෙන්වූ ගෞරවනීය මහා සංඝරත්නයටත්, මෙම පුණ්‍යකර්මය වෙනුවෙන් ශ්‍රමයෙන්, කාලයෙන්, කැපවීමෙන් සහ නොමසුරු සහයෝගයෙන් දායක වූ සියලුම පින්වතුන්ටත් මාගේ හෘදයාංගම කෘතඥතාව හා ගෞරවණීය ස්තුතිය පුද කරමි. විශේෂයෙන්ම කලාත්ම ආයතනයේ ප්‍රධානීතුමාට සහ සමස්ත කාර්ය මණ්ඩලයට, මෙම උතුම් සත්ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා ලබාදුන් අමිල සහයෝගයට මාගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරමි. මෙම උතුම් පුණ්‍යකර්මයේ සියලු පුණ්‍ය ශක්තිය අනාගත මහාමෛත්‍රී බෝධිසත්වයන් වහන්සේටත්, ශ්‍රී දුටුගැමුණු මහාරාජතුමාටත්, විහාරමහා දේවියටත්, ශ්‍රී සම්බුද්ධ ශාසනයත් හෙළ දේශයත් ආරක්ෂා කරමින් පින් බලාපොරොත්තුවෙන් වැඩවසන සියලු දේවී දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් වේවා! එමෙන්ම මෙම උතුම් පින් ලෝකවාසී සියලු සත්වයන්ට අනුමෝදන් වේවා! සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් බැබළේවා! හෙළ දේශය සදා සුරක්ෂිත වේවා! ස්වර්ණමාලී මහාසෑ රජුන්ගේ අනන්ත ආශීර්වාදයෙන් සියලු යහපත් ප්‍රාර්ථනා සඵල වේවා! නිදුක්, නීරෝගී, සුවපත්, සෞභාග්‍යමත් ජීවිතයක් උදා වී, අවසානයේ උතුම් නිවන් සම්පත්තිය උදා වේවා! සිතේ උපන් පාරිශුද්ධ පැතුමක්… බුදුන් උදෙසා කළ පූජාවක්… හදවතේ සදා රැඳෙන අසිරිමත් පුණ්‍ය මතකයක්..!