Chandana Liyanaarachchi - අහිතක් නොසිතමි | Ahithak Nosithami
Dr.Mudannayake
0:00 / 0:00
Chandana Liyanaarachchi - අහිතක් නොසිතමි | Ahithak Nosithami
119 296 просмотров · 5 лет назад
Dr.Mudannayake
1,42 тыс. подписчиков
119 296 просмотров · 5 лет назад
අහිතක් නොසිතමි
මෙම ගීත රචනා කිරීමට හේතුව මට ලැබුන පුදුමාකාර අත්දැකීමක් නිසායි. වෛද්‍ය ශිෂ්‍යයෙක් කාලෙ මට ලැබුන, හාට් ප්‍රශ්නයක් නිසා මාරාන්තික දුක් විදින ලෙඩෙක්. නිදාගත්තෙ බිත්තියට හේත්තුවෙලා. මොකද,අපි වගේ නිදාගත්තොත් පෙනහලු වල වතුර පිරිල හතිය වැඩිවෙලා මැරෙනව. ඔහුට තිබුන ප්‍රබල ප්‍රශ්නය එම රෝගය එකල ලංකාවේ සුව කල නොහැකියි. ඉතින් මරනය නියත නිසා මමත් හිතින් දුක් වුනා. ඔහු ඉතාම හොඳ රැකියාවක් කරපු කෙනෙක් .හැබැයි ලෙඩේ නිසා වයසට වඩා මහලු පෙනුමක් තිබ්බ. දවසක් විසිටර්ස්ලට ලෙඩුන් බලන්න දෙන වෙලාවෙ අහන්බයෙන් මට වාට්ටුවට යන්න වුනා. ඒ වෙලාවෙ හරිම ලස්සන ගැහැනු ළමයෙක් ලෙඩාට ආදරයෙන් කෑම කවනවා මම දැක්ක. මම ඇහැව්වා මේ ඔයාගෙ දුවද කියල. එවිට සන්තෝසයෙන්!! කවදාවත්ම මම ඔහුගේ දැක්ක නැති හිනාවක්!!. මේ මගෙ නෝන!. (ඔහුට දරුවෙක් ඉන්නව කියල මම මුලින්ම දැනන් හිටිය.) සතියකින් පමන, මට බබාලා ලැබෙන රෝහලට (මාතෲ)ඉගෙනුමට යන්න වුනා. ඒත් ඉතා ලගම. රෑ 1ට විතර වාට්ටුවේ නර්ස් කෙනෙග්ගෙන් කෝල් එකක් ආව මරනාසන්න,සැරට ලේ වහනය වන සිහිය නැති ලෙඩෙක් ආව කියල. මම විගහින් ගිහින් බලනකොට මට කෙනාව මතක් වුනා. ඒ අර ලෙඩාගෙ නෝන.මම සියලුම වෛද්‍යවරුන් කතා කරල ගෙන්නුවා . මේ මගෙ නංගි ,හරිම හිතුවක්කාරයි, ඇබෝශන් එකක් කරගෙන. ඒගොල්ලො හිතුව ඇත්ත කියල. වැඩේ හරි ICU දැම්ම ලේ දුන්න ලෙඩා බේරුනා. ටිකට් කපල යන විට මට ඔක්කොම විස්තරය කිව්ව. දරුවත් මහත්තයාත් බේරගන්න මම මේ රැකියාවට බැස්ස. මහත්තයාට කියන්න එපා මට බබෙක් ලැබෙන්න හිටිය කියල. ඇය ආයාචනය කලා ,මහත්තයාත් ටිකක් දන්නවා මම මේ රැකියාව කරනවා කියල ඇය පැවසුවා. ඔහු ඇයට ගොඩක් ආදරය කරන බව මම දන්නවා . පුදුම සිදුවීම තමයි අහම්බයෙන් මෙම දෙදෙනාම මගේම රෝගීන් වීම. එය සිදු නොවුනනම් මෙම නිර්මාණය කිසි දින නොඑනු ඇත. හවහට ඇය තම රැකියාවට යන්න ඇග පසග ලස්සන කරන විට, ඔහුට මෙහෙම හිතෙනවා ඇති කියල මට හිතුන. ඇය ඇත්තටම හරිම ලස්සනයි. මම ඇය ගැන ලියපු සියල්ල, මමම ඇහැට දැකපු සියල්ල බව තරයේ කියා සිටිමි.කොයි පිරිමියාද කැමති තම ගැහැනිය මේ රැකියාව කරනවට
දැන් සින්දුව අසා රස විදින්න .සහයෝගයක් ලෙස කැමතිනම් සබ්ස්ක්‍රප් කරන්න.ඔබට ස්තූති.මෙය සත්‍ය කතාවක් .මෙහෙම අයත් ඉන්නවා කියල හිතන්න.මට තනුවෙන් සහයෝගය දුන්, නිලන්ත ශ්‍රී පතිරන සහෝදරයාටත්,ගායක චන්දන ලියනාරච්චි තුමාටත් ,වාදක මඩුල්ලටත් අනේක ස්තූතිය !!!