HEMALAYA හේමලයා By Saman Lenin & Rodney Warnakula - Giriraj Kaushalya / Priyantha Senevirathna
Saman Lenin
0:00 / 0:00
HEMALAYA හේමලයා By Saman Lenin & Rodney Warnakula - Giriraj Kaushalya / Priyantha Senevirathna
932 909 просмотров · 8 лет назад
Saman Lenin
265 тыс. подписчиков
932 909 просмотров · 8 лет назад
හෙවනැල්ලත් පිටුපෑ කලෙක
දිනක් මුහුදු වෙරලේ ඇවිද යමින් සිටියදී' හෙවනැල්ල මා ඉදිරියෙන් යනු දුටුවේය.
නැවතියන් හෙවනැල්ල" මා කිව්වා.
එහෙත් හෙවනැල්ල නොවෙයි කණකට ගත්තේ. මෙන්න හෙවනැල්ල දිගටම යනවා🚶
ඉතින් මට එදා හිතුනා හෙවනැල්ලත් එක්ක ගයන ගීතයක් නිර්මාණය කරගන්න තිබුනා නම් කියා. එය යම් ප්‍රහසනයකින් ගැයිය හැක්කක් නිසා මම මුලින් කතා කලේ හිතාදර ගිරිරාජ් කෞශල්‍ය නම් ප්‍රවීණයාටය.
සමන් මල්ලී" ඔය වැඩේට මට වඩා හොඳ බණ්ඩාර ඇහැළියගොඩ මහත්තයා. අපි එයාට කියමුද? ඉතිං ඔහොම කියලා ඔහුම එතුමාට කතා කලා. අදහස කිව්වහම ඇහැළියගොඩ මහතා සිනාසී ලියමු ලියමු කියා කතාව නවතා මේ ගීය කරවා ප්‍රථම වරට එතුමන්ගේ "ජීවිතය කවියක්" පොත එළියට වැඩි දා කෙරුනු සජීවී ප්‍රසංගයේ දී BMICH හිදී ගායනා කරවන්නත් සැලැස්සුවා.
මගේ හේමලයා උනේ මාත් නොසිතූ රොඩ්නි වර්ණකුළ නම් වේදිකාවේ දැවැන්තයාය.
සංනාද සැපයූවේ රංජිත් බාලසූරිය මහතාය.
ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න නම් නාට්‍ය ශිල්පීන් දෙදෙනා සහ පියුමි බොතේජු නාට්‍ය ශිල්පිනිය මෙහි රඟ දැක්වීමක් ද කරනවා.
ගීතය
(මිනිසා)
ඉපදුණු දා පටන් තනියට ආ මලයා
බඩ බැඳගත් සේම සෙනෙහස පෑ මලයා
තුන්කුදු ගැහී ඇත අද මගෙ හේමලයා
තුන් හිතකවත් අහිතක් නම් නෑ මලයා
(හේමලයා)
අපි දෙන්නාම ඉපදුනෙ එක දවසේය
මොනවා කලත් ඉන්නේ සම වයසේය
පස්සෙන් ඇවිල්ලම මට දැන් ඇති සේය
තුන්කුදු වී ඇත්තෙ මම නොව - තමුසේය
(මිනිසා)
සලමින් නිතඹ යන එන මහ මං ඔස්සේ
නාඹර ගැටිස්සියො දැක්කම හිත ගැස්සේ
සිතුවිලි පණ ගැහී තිරිහන් වෙන අස්සේ
මොනවා කරන්නද ඇවිදින් පිටිපස්සේ
(හේමලයා)
ඉස්සර කෙරුම් ඔය වයසට හොඳ මදිය
(මිනිසා)
බලපං එහෙම නං මං නැගිටින විදිය
(හේමලයා)
අම්මප කරගන්න දඟලන සංගදිය
(මිනිසා)
අයියෝ අනේ ඉවරයි කොඳු නාරටිය
(හේමලයා)
ටකපය ගැහි ගැහී නුඹ යන කොට පාරේ
තනියට ලඟ හිටියෙ මං විතරයි හූරේ
වයසට ගියත් ආරේ ගති අත නෑරේ
තේරුම් ගනිං හැටි ඔහොමයි සංසාරේ //
Artists : Saman Lenin & Rodney Warnakula
Lyrics : Bandara Aheliyagoda
Music : Ranjith Balasuriya
Acting : Giriraj Kaushalya / Priyantha Senevirathne / Piyumi Botheju