Перейти к содержимому

මහා මහින්ද කොත නිරාවරණ මහෝත්සවය

Ven Thiththagalle Anandasiri Thero

0:00 / 0:00

මහා මහින්ද කොත නිරාවරණ මහෝත්සවය

11 395 просмотров · Трансляция закончилась 5 ч назад
Ven Thiththagalle Anandasiri Thero
107 тыс. подписчиков
11 395 просмотров · Трансляция закончилась 5 ч назад
මහා මහින්ද කොත නිරාවරණ මහෝත්සවය අද පැවැත්වෙයි: ඥානසාර හිමි නිදහස් කරගැනීමේ "අත්සන් ලක්ෂ දහයේ සන්නස" මහා නායක හිමිවරුන් වෙත පිරිනැමීමත් අදදින ඒ හා සමගාමීව සිදු කෙරේ. මිහින්තලා පුදබිම: මහා මහින්ද ස්තූපයේ කොත නිරාවරණය කිරීමේ ඓතිහාසික පුණ්‍ය මහෝත්සවය අද දින (ඔක්තෝබර් 18) මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ මෙම රාජ්‍ය උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම ඓතිහාසික පුණ්‍ය මහෝත්සවයට සමගාමීව, බෞද්ධ ජනතාව වෙනුවෙන් සුවිශේෂී මහජන ඉල්ලීමක් ද අද දින නිල වශයෙන් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව, දැනට බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරගැනීම වෙනුවෙන් දිවයින පුරා වෙසෙන මහජනතාවගෙන් එකතු කරන ලද "අත්සන් ලක්ෂ දහයකින් සමන්විත ඓතිහාසික සන්නස" අද දින මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඥ්ඥ යන සිව් මහා නිකායන්හි ගරුතර මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වෙත නිල වශයෙන් පිරිනැමීමට නියමිතය. අද පස්වරු 3.00 ට ආරම්භ වන මහා නායක හිමිවරුන්ගේ විශේෂ අනුශාසනා මාලාව අතරතුර මෙම මහජන සන්නස පිළිගැන්වෙන අතර, ඉන් අනතුරුව රාත්‍රී 6.00 ට සිදුකෙරෙන ඓතිහාසික විදුලි ආලෝක පූජාව විවෘත කිරීමෙන් අද දවසේ සමස්ත වැඩසටහන නිමාවට පත්වෙයි.