Перейти к содержимому

බුදු දහමේ ලාභ පරියේෂණ කියන්නේ මොකක්ද ? ඔබ පින් කරන්නේ ඇත්තටමද? ඔබ කරන පින් නිවනටමද? ඔබ දැනුවත්ද?

පහන් කන්ද

0:00 / 0:00

බුදු දහමේ ලාභ පරියේෂණ කියන්නේ මොකක්ද ? ඔබ පින් කරන්නේ ඇත්තටමද? ඔබ කරන පින් නිවනටමද? ඔබ දැනුවත්ද?

51 просмотр · 1 мес. назад
පහන් කන්ද
366 подписчиков
51 просмотр · 1 мес. назад
බුදු දහමේ ලාභ පරියේෂණ කියන්නේ මොකක්ද ? ඔබ පින් කරන්නේ ඇත්තටමද? ඔබ කරන පින් නිවනටමද? ඔබ දැනුවක්ද? නිර්වාණය වනාහි ආර්යයන් ගේ පරම විශුද්ධ ලෝකෝත්තර ඥානයට මිස සෙස්සන් ගේ දුබල ඥානයට හොඳින් අසු නොවන්නා වූ ඇති වීමක් නැතිව ඇත්තා වූ, නො දිරන්නා වූ, නොබිඳෙන්නා වූ, සෑම කල්හි ම පවත්නා වූ, අනන්තාපරිමාණ ගුණයන් ගෙන් යුක්ත වූ, පරම සූක්ෂම වූ පරම ගම්භීර වූ එක්තරා සුඛස්වභාවයෙකි. ආගම් අදහන්නවුන් විසින් ඒ ඒ ආගමට අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන්නා වූ ඉතා උසස් දෙයක් සෑම දෙනාට ම ඇත්තේ ය. බුද්ධාගම ඇදහීමෙන් බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන ඉතා ම උසස් දෙය මේ නිර්වාණය ය. බුදුන් වහන්සේ කේවට්ට නම් ගෘහපතියාට නිවන හඳුන්වනු පිණිස මේ ගාථා දෙක වදාළ සේක. “විඤ්ඤාණං අනිදස්සනං - අනන්තං සබ්බතො පහං එත්ථ ආපො ච පඨවි - තෙජො වායො න ගාධති, එත්ථ දීඝඤ්ච රස්සඤ්ච - අණුං ථූලං සුභාසුභං එත්ථ නාමඤ්ච රූපඤ්ච - අසෙසං උපරුජ්ඣති. විඤ්ඤාණස්ස නිරෝධෙන - එත්ථෙතං උපරුජ්ඣති.” “පටන් ගැනීම, අවසන් වීම් ආදි කොන් නැත්තා වූ හැම කර්මස්ථාන මාර්ගයකින් ම යා හැකි බැවින් හැම පැත්තෙන් ම බැස ගැනීමට තොට ඇත්තා වූ ඇසට නො පෙනෙන්නා වූ ඥානයෙන් ම දත යුතු වූ තැනක් ඇත. හැම තැනම ඇත්තා වූ ආපෝ පඨවි තේජෝ වායෝ යන මේ ධාතූහු එහි නැත. හැම තැනම ඇත්තා වූ ද දික් වූ ද කොට වූ ද කුඩා වූ ද මහත් වූ ද හොඳ වූ ද නොහොඳ වූ ද වස්තූහු එහි නැත. එයට පැමිණ නාම රූප දෙක ඉතුරු නැතිව ම නිරුද්ධ වේ. අන්තිම විඥානයාගේ නිරෝධයෙන් නොහොත් කර්ම විඥානයාගේ නිරෝධයෙන් එයට පැමිණ නාම රූප සියල්ල ම නිරුද්ධ වේ ය” යනු එහි තේරුම යි. මේ දේශනයෙහි “විඤ්ඤාණ” යන වචනය දෙතැනක යෙදී තිබේ. එයින් අගට යෙදී තිබෙන විඤ්ඤාණ යන්නෙන් කියැවෙන්නේ සිත ය. මුල යෙදී තිබෙන විඤ්ඤාණ යන වචනයෙන් කියැවෙන්නේ නිවන ය. ඇතැම්හු මෙය තේරුම් නො ගෙන නිවනෙහි විඤ්ඤාණයක් ඇත ය කියා හෝ විඤ්ඤාණය ම නිවන ය කියා හෝ වරදවා ගනිති. එය බුද්ධ මතයට විරුද්ධ බව දෙ වන ගාථාවේ “එත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති” යනුවෙන් හොඳට ම පැහැදිලිය. සිත නම් නාමයෙකි. නාම රූප දෙක ම ඉතිරි නොව ම නිරුද්ධ වන තැන යයි දැක්වුණ නිවනෙහි තවත් විඤ්ඤාණයක් කොයින් ඉතිරි වේ ද? දුඃඛයෙන් අමිශ්‍ර‍ වූ ශුද්ධ විඤ්ඤාණය ම නිවනය යි කියත හොත් සතර වන පරමාර්ථය නැති වී පරමාර්ථ තුනක් පමණක් වීමෙන් ධර්ම විරෝධයක් වන්නේ ය. එබැවින් එසේ ගැනීම ද නො මැනවි. මෙහි චිත්තය කියැවෙන විඤ්ඤාණ පදය “විජානාතීති විඤ්ඤාණං” යි කර්තෘ සාධන වශයෙන් ද “විජානාති එතෙනාති විඤ්ඤාණං” යි කරණ සාධන වශයෙන් ද, “විජානනං විඤ්ඤාණං” යි භාව සාධන වශයෙන් ද විග්‍ර‍හ කරනු ලැබේ. නිර්වාණය කියැවෙන විඤ්ඤාණ යන්න “විජානිතබ්බන්ති විඤ්ඤාණං” යි කර්ම සාධන වශයෙන් විග්‍ර‍හ කළ යුතුය. එහි යු ප්‍ර‍ත්‍යය කර්මාර්ථයෙහි ය. පාන භෝජන යනාදි වචනයන්හි මෙනි. පළමුවන ගයෙහි “අනිදස්සනං” යනුවෙන් නිර්වාණ ධාතුව ඇසට නොපෙනෙන බව දක්වන ලදී. ඇසට නො පෙනෙන නමුත් එය ඤාණයෙන් දැකිය හැකි බව “විඤ්ඤාණං” යන වචනයෙන් දක්වන ලදී. “අනන්තං” යන වචනයෙන් නිර්වාණයා ගේ සර්වකාලිකත්වය හා සර්වව්‍යාපිකත්වය දක්වන ලදී. සංස්කාරයෝ වනාහි පෙර නො තිබී ඉපද ඉපද බිඳී යන්නෝ ය. එබැවින් ඒවාට පටන් ගැනීම වූ මුල් කොන ද ඇත්තේ ය. අවසාන වූ අන්තිම කොන ද ඇත්තේ ය. හාත්පස පරිච්ඡේදය වූ පරිච්ඡේදාන්තය ද ඇත්තේ ය. පරම්පරාවන් ගේ කෙළවර වූ සන්තත්‍යන්තය ද ඇත්තේ ය. “අසවල් කාලයෙන් පෙර නිවන නො පැවැත්තේය. එය ඇත්තේ අසවල් කාලයේ පටන්ය” යි දැක්වීමට නිවනට පටන් ගැනීම වූ පූර්වාන්තය ද නැත. එය කිසි කලෙක දිරා බිඳී අතුරුදහන් නොවන බැවින් එයට අවසාන කොන වූ අපරාන්තය ද නැත්තේය. යමක ඒ කොන් දෙක නො ලැබේ නම් එය සර්වකාලික ය. නිවනෙහි ඒ දෙක නො ලැබෙන බැවින් එය සර්වකාලික ය. සංස්කාරයන්ට පර්යන්ත පරිච්ඡේදයක් ඇත්තේ ය. හැම සංස්කාරයක් ම පවත්නේ තම තමාට අයත් වූ ඒ පර්යන්ත පරිච්ඡේදය තුළ ය. ඒ පරිච්ඡේදයෙන් ඔබ ඒවා නැත. නිවනට එබඳු පර්යන්ත පරිච්ඡේදයක් නැත. එබැවින් එය සැම තන්හි ම ඇතියකැ යි කීම යුතුය. නිවන ඇතත් එය ද්‍ර‍ව්‍යයක් නොවන බව හා එහි සටහනක් නො ලැබෙන බවද “එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අණුං ථූලං සුභාසුභං” යනුවෙන් දක්වන ලදී. කියන ලද දේශනයෙන් දැක්වෙන සැටියට නිවන ඇසට නො පෙනෙන නුවණට පමණක් ඇති බව දැනෙන සටහන් නැත්තා වූ හැම තන්හි ම ලැබෙන්නා වූ ඉපදීමක් බිඳීමක් නැත්තා වූ සර්වකාලික වූ දුරනුබෝධ සූක්ෂ්ම ධර්මයක් බව කිය යුතුය. එය ලෞකික ඤාණයට දැනෙන්නේ ද අනුමාන වශයෙනි. නිර්වාණය, නිවන, නිබ්බාණය, ආදී බොහෝ නම් වලින් හඳුන්වන නිවන කුමක්දැයි සාරාංශයක් වශයෙන් දැනගන්නට තමයි මේ යොමු වන්නේ. මොකක්ද මේ නිවන කියලා ඇහුවට මෙය මේ විදියට දත්ත වලින් පෙන්වා දෙන්නට හැකි දෙයක් නොවෙයි. එසේ දත්ත වලින් නිවන් දුටු පිරිස් නිසාම මේ වන විට බුදු දහම මෙන්ම වත්මන් බොදුනුවන් යැයි පවසන පිරිසද අතරමංව සිටිනවා. නිවනේ ස්වභාවය කෙටියන් මෙසේ දැනගනිමු... පැවැත්මක් සකස් කරන සියලු බන්ධන්ගෙන් ලබන නිදහස නිවීමයි... නොදැන හසුවී අතරමංව ඇති මායා මුලාව හඳුනා ගැනීම තුල නිවීමයි... දැවෙන සිත තුල දාහ ගිනි දැල් නිවී යන විට ලැබෙන සිසිලස නිවීමයි... අධික පිපාසය සංසිදෙන විට දැනෙන සැනසීම සේ නිවිමයි... නොදන නින්දක ඉන්නා බවක්... රැඳෙනා සිහින ලෝකයක් හඳුනාගෙන නුවණින් අවදි වන විට දැනෙන නිදහස නිවීමයි... ඇසෙන්, කණ, දිව, නාසයෙන්, කයෙන් ගත් දත්තයෙන්... සිතා බලා ගත් තීරණයෙන් සකස් වූ මනහර ලෝකයෙන්... ලැබෙන නිදහස දැනෙන නිදහස නිවීමයි... පෙර කිසිකලක නොඇසූ නොදැන සිටි දහමක් තුලින් ලැබෙන අවදිය නිවීමයි... තමන්ගෙන්ම ලබනා තමන්ව හඳුනාගෙන ලබනා... පෙර නොදුටු “මම“ දැක “මගෙන්“ම ලබනා විමුක්තිය නිවනයි... ඉතින් මේ ආකාරයෙන් කොතරම් නම් කියන්නද... අත්දකින තුරු දැනගන්නට නම් නොහැකි වේවි... ඒ නිසා දැනට දන්න තත්වයන්ගෙන් මෙය වෙන්න ඇති නිවීම කියලා හඳුනාගැනීමත් අනුවණකමක්මයි... දන්නා දෙයකින් උදාහරණයක් ගතහොත් ආදරය කියන්නේ විග්‍රහ කරන්නට හැකි දෙයක් නෙවේ. ආදරය ඇතිවෙනතාක් එය කුමක්දැයි කියන්නටත් කිසිවෙකුටත් නොහැකියි. ඒ හැඟීම විස්තර කරන්නට අපහසුයි. ඒ වගේ හැඟීම් වලින් ලබන නිදහස නිවීමත් ඒ වගේ. අත්දැක්කොත් දැක්කා...