ලංකාව, ඇමරිකාවට වඩා නේපාලයට ආධාර දුන්න ද? Did Sri Lanka Give More Flood Aid Than the USA? #FactCheck
FACT +
0:00 / 0:00
ලංකාව, ඇමරිකාවට වඩා නේපාලයට ආධාර දුන්න ද? Did Sri Lanka Give More Flood Aid Than the USA? #FactCheck
265 просмотров · 7 дней назад
FACT +
15,7 тыс. подписчиков
265 просмотров · 7 дней назад
"ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 5ක් (500,000) දෙද්දී, අපේ වගේ කුඩා ආර්ථිකයක් තියෙන ලංකාව USD මිලියනයක් (1,000,000) නේපාලයට දෙන්න අනුමත කරලා තියෙනවා" - නේපාලයේ මෑත ගංවතුර (Nepal floods) ව්‍යසනයත් සමඟ මෙවැනි සමාජ මාධ්‍ය සටහනක් වේගයෙන් හුවමාරු වුණා. එහි තර්කය වූයේ ඇමෙරිකාවටත් වඩා ලංකාව ආධාර දුන් බවත්, එබැවින් ට්‍රම්ප් ලංකාවට තීරු බදු 40% දක්වා වැඩි කිරීමට සූදානම් බවත්ය.
අපගේ පරීක්ෂණයෙන් හෙළි වූයේ මෙම ප්‍රකාශය නොමඟ යවනසුලු බවයි. ඇමෙරිකාව අගෝස්තු 26 වන දින Catholic Relief Services හරහා ඩොලර් ලක්ෂ 5ක් (500,000) ප්‍රකාශයට පත් කළද, අගෝස්තු 30 වන දින තවත් ඩොලර් මිලියන 3.6ක් අමතරව ප්‍රකාශයට පත් කළා. එනම් ඇමෙරිකාවේ මුළු ආධාරය ඩොලර් මිලියන 4ක් පමණ වේ, ලංකාවේ මිලියනයට වඩා බෙහෙවින් වැඩිය.
සමාජ මාධ්‍ය සටහන පළ වූයේ අගෝස්තු 30 වන දින වුව ද, එහිදී ඇමෙරිකාව පසුව නිල වශයෙන් දැනුම් දුන් අමතර ආධාරය නොසලකා හැර තිබුණි. එබැවින් "ලංකාව ඇමෙරිකාවට වඩා දෙගුණයක් දුන්නා" යන තර්කය එබැවින් වළංගු නොවේ. ට්‍රම්ප් ලංකාවට 40% තීරු බද්දක් පනවන බවද අසත්‍යයි. (ලංකාව මෙන් වූ ආර්ථිකයකට මෙවැනි ආධාරයක බර දැරිය හැකිද යන පොදු ප්‍රශ්නය සාධාරණ වුවද, ඉහත සංඛ්‍යා සංසන්දනය අසත්‍යය.)
සම්පූර්ණ Fact Check එක: https://srilanka.factcrescendo.com/20...
Did Sri Lanka Give More Nepal Flood Aid Than the US? | The Truth Behind the Viral Claim | Fact Check
"The US gave only USD 500,000 while a small economy like ours (Sri Lanka) approved USD 1 million for Nepal" — this social media post spread rapidly alongside Nepal's recent flood disaster. Its argument was that Sri Lanka gave more than the US, and that Trump was therefore preparing to raise tariffs on Sri Lanka to 40%.
Our investigation found the claim to be misleading. While the US did announce USD 500,000 through Catholic Relief Services on August 26, it announced an additional USD 3.6 million on August 30, bringing total US aid to roughly USD 4 million, far more than Sri Lanka's USD 1 million. Although the post was published on August 30, it ignored this additional US contribution. Therefore, the claim that "Sri Lanka gave double what America gave" does not hold. There is also no official statement that Trump would increase the tariff on Sri Lanka to 40%. (The broader question of whether an economy like Sri Lanka's can bear such aid is fair, comparing the size of economies, but the numerical comparison in the post is false.)
Full fact-check: https://srilanka.factcrescendo.com/en...
TIMESTAMPS:
00:00 වෛරල් ප්‍රකාශය: ඇමෙරිකාවට වඩා ලංකාව නේපාලයට ආධාර දුන්නද? / The viral claim: Sri Lanka over the US?
01:05 නේපාල ගංවතුර ව්‍යසනය / Nepal's flood disaster
02:30 ඇමෙරිකාවේ මුල් ආධාරය — ඩොලර් ලක්ෂ 5ක් / America's first aid — USD 500,000
03:50 සමාජ මාධ්‍ය සටහන සහ එහි දිනයන් / The social media post and its dates
05:20 සැඟවුණු කාරණය: අමතර ඩොලර් මිලියන 3.6ක් / The hidden fact: an extra USD 3.6 million
07:00 අනෙකුත් රටවල ආධාරය — චීනය, එංගලන්තය, කැනඩාව / Other countries — China, UK, Canada
08:40 මුදල් ආධාර පමණක් සංසන්දනය කළ නොහැකි ඇයි? / Why cash-only comparison fails
10:00 සාධාරණ ප්‍රශ්නය: ආර්ථිකයට දරාගත හැකිද? / The fair question: can the economy bear it?
11:10 තීරු බදු 40% ප්‍රකාශය අසත්‍යයි / The 40% tariff claim is false
12:00 නිගමනය සහ මාධ්‍ය සාක්ෂරතාවය / Verdict and media literacy
#FactCheck #Nepal #SriLanka #FloodRelief #Misinformation
Follow our WhatsApp Channel👇
https://whatsapp.com/channel/0029Va5p...