Perfect chocolate cake recipe /වරදින් නැතුව චොකලට් කේක් හදමු
Chef Sapumal
0:00 / 0:00
Perfect chocolate cake recipe /වරදින් නැතුව චොකලට් කේක් හදමු
13 440 просмотров · 3 г. назад
Chef Sapumal
205 тыс. подписчиков
13 440 просмотров · 3 г. назад
Perfect chocolate cake recipe /වරදින් නැතුව චොකලට් කේක් හදමු
#chocolatecake #chocolatecakerecipe #chefsapumal
Ingredients
Flour-150 gram
Corn flour-2 tbsp
Suger-200 gram
Egg-200 gram
Butter-200 gram
Vanila-1 tsp
Baking powder-1 tsp
Baking soda-1/8 tsp
Coco powder-25 gram
♠️♠️♠️♠️♠️♠️♠️♥️♥️♥️♥️♥️♥️♥️
චොකලට් කේක්
අවශ්‍ය දේවල්
♦️බටර් ග්‍රෑම් 200 ක්
♦️සීනි ග්‍රෑම් 200 ක්
♦️බිත්තර ග්‍රෑම් 200 ක්
♦️වැනිලා හෝ බ්‍රෑන්ඩ් තේ හැදි 1ක්
♦️පිටි ග්‍රෑම් 150 ක්
♦️බේකින් සෝඩා තේ හැදි 1/8 ක්
♦️බේකින් පව්ඩර් තේ හැදි 1 ක්
♦️මිල්ක් මේස හැදි 2 ක්
♦️කොකෝවා පව්ඩර් ග්‍රෑම් 25 ක්
♦️කොන් පිටි මේස හැදි 2 ක්
සාදන විදිහ
👨🍳මුලින්ම
♦️බේකින් සෝඩා
♦️බේකින් පව්ඩර්
♦️කොන් පිටි
♦️කොකෝවා පව්ඩර්
♦️පාන් පිටි සේරම එකට හොදට හලාගෙන පැත්තකින් තියන්න..
👨🍳දැන් භාජනයක් ගෙන එයට
♦️බටර් ටික එකතු කරගෙන මද වෙලාවක් බීටර් කරගන්න.....
👨🍳ඉන්පසු එයට
♦️සීනි එකතු කරගෙන බීටර් කරගන්න. (සාමානයෙන් විනාඩි 9-11 වගේ කාලයක් ගත වේවි/බීටර් එකේ වේගය 1ට තියාගන්න )
👨🍳එය බීටර් කරගත් පසු ඊළගට එයට
♦️වැනිලා එකතු කර තප්පර 30 ක් වගේ බීටර් කරගන්න.
👨🍳ඉන්පසු එයට
♦️බිත්තර එක ගානේ දාගෙන බීටර් කරගන්න..(එක බිත්තරයක් විනාඩි 1 හමාරක් -විනාඩි 2 කාලයක් බීටර් කරන්න/බීටර් එකේ වේගය 2ට වැඩි කරගන්න )
👨🍳දැන් බිත්තර ටික බීටර් කරගත් පසු ඊළගට එයට
♦️අපි කලින් හලාගත් මිශ්‍රණයෙන් ටික ටික දාගෙන එක පැත්තකට spachula එකකින් කවලම් කරගන්න.
👨🍳දැන් එය කවලම් වූ පසු අන්තිමට එයට
♦️මිල්ක් ටිකත් දාලා කවලම් කරගන්න.
👨🍳දැන් අවන් දාන කේක් ට්‍රේ එක අරගෙන එහි බටර් ටිකක් ගලා කොකෝවා පව්ඩර් ටිකක් ඉහගෙන බැටර් එක එකට දාලා බේක් කරගන්නත් පුළුවන්.
👨🍳එහෙම නැති නම් අපි ගන්න ට්‍රේ එකේ බටර් ටිකක් ගලා පර්ච්මන්ට් ෂිට් එකක් දාගෙන බැටර් එක එකට දාලා බේක් කරගන්නත් පුළුවන්. (ඔබට කැමති විදිහට කරන්න )
👨🍳දැන් ට්‍රේ එකට කේක් බැටර් එක දාලා දෙතුන් පාරක් ටැප් කර. 175 ට preheat කරපු අවන් එකේ කේක් එක විනාඩි 35-40ක් බේක් කරගන්න.
Chcoclate cake, chcoclate cake recipe .